Five Nights At Freddy's 2 (2025) Sinhala Subtitles
Five Nights At Freddy's 2 (2025) Sinhala Subtitles
5
15

Five Nights At Freddy’s 2 (2025) Sinhala Subtitles | “ ෆ්‍රෙඩීගේ බියකරු හීනය ආයෙත් ඇවිත්! ” | සිංහල උපසිරැසි සමඟ

(Five Nights At Freddy’s 2 (2025) Sinhala Subtitles) (Five Nights At Freddy’s 2 (2025) Sinhala Subtitle) (Five Nights At Freddy’s 2 (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ! අද මම අරන් ආවේ ඔයාලා හැමෝම මඟ බලන් හිටපු, මුළු ලෝකෙම හොල්ලපු Five Nights at Freddy’s චිත්‍රපට මාලාවේ දෙවැනි කොටසට කරපු සිංහල උපසිරැසියයි.

FNAF පළමු චිත්‍රපටය බැලුව අයට මතක ඇතිනේ මයික්ට ඒ පරණ පීසා එක ඇතුළේ වෙච්ච සෙල්ලම් ටික? හැමෝම හිතුවේ ඒක එතැනින් ඉවරයි කියලා. හැබැයි “Blumhouse” ලා අපිට ලෑස්ති කරලා තිබුණේ ඊට වඩා ලොකු සප්‍රයිස් එකක්.

මොකක්ද මේ පාර වෙන්නේ?
කතාව ගැන කිව්වොත්, පළමු චිත්‍රපටයේ සිද්ධිවලින් පස්සේ ආයෙත් අර අත්භූත රොබෝවරු ටික ඇවිස්සෙනවා. මේ පාර අපිට පරණ සෙට් එකට අමතරව අලුත් මුහුණු ටිකකුත් දැකගන්න ලැබෙනවා. ඔයාලා ගේම් එක ප්ලේ කරලා තියෙනවා නම් දන්නවා ඇති “Toy Animatronics” ගැන. මෙන්න මේ අලුත් සෙට් එකත් එක්ක මයික්ටයි එයාගේ නංගිටයි තමන්ගේ ජීවිතේ බේරගන්න කරන ලොකු සටනක් තමයි මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නේ. විලියම් ඇෆ්ටන්ගේ ඒ අඳුරු රහස් තව තවත් මෙතැනදී හෙළි වෙනවා.

කවුද මේකේ ඉන්නේ?
පළමු චිත්‍රපටයේ හිටපු අපේ ප්‍රධාන නළුවා Josh Hutcherson (මයික් ලෙස) මේකෙත් ඉන්නවා. ඒ වගේම Matthew Lillard (විලියම් ඇෆ්ටන්), Elizabeth Lail (වැනීසා) වගේම Piper Rubio (ඇබී) යන අයත් මේ පාර රංගනයෙන් දායක වෙනවා.

එහෙනම් ඉතින් වැඩි කතා ඕනේ නැහැ, ලයිට් නිවලා හෙඩ්ෆෝන් දෙකත් දාගෙනම මේ බියකරු අත්දැකීම විඳගන්න සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න.

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් ගගනක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් ගගනක

October 31, 2025


42
Total Subtitles

2 comments

  1. තෑන්ක්ස් සහෝ මේ මූවිඑකටත් සබ්එක දුන්නට

  2. Sub eka nam supiri bro…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login