Enola Holmes 3 (2026) Sinhala Subtitles
Enola Holmes 3 (2026) Sinhala Subtitles
6.1
70

Enola Holmes 3 (2026) Sinhala Subtitles | “ සහෝදරයා සොයා.. ” | සිංහල උපසිරැසි සමඟ

(Enola Holmes 3 (2026) Sinhala Subtitles) (Enola Holmes 3 (2026) Sinhala Subtitle) (Enola Holmes 3 (2026) Sinhala Sub)

 අපි කවුරුත් ආදරේ කරන එනෝලා හෝම්ස් (Enola Holmes) තුන්වෙනි වතාවටත් තවත් අලුත් අභිරහසක් අරගෙන අපේ හමුවට

චිත්‍රපටය ආරම්භ වෙන්නේ මෝල්ටාවෙන් (Malta). එනෝලා හෝම්ස් සහ ලෝඩ් ටියුක්ස්බරි ඔවුන්ගේ විවාහ මංගල්‍යය සඳහා එහි පැමිණ සිටිනවා. මේ උත්සවය එහේ පවත්වන්න හේතුව තමයි, ටියුක්ස්බරිගේ නැසීගිය පියා බ්‍රිතාන්‍ය පාලන සමයේ මෝල්ටාවේ සේවය කර තිබීම සහ එය තම පවුලට වඩාත්ම අර්ථවත් ස්ථානය කියලා ඔහුගේ මව විශ්වාස කිරීම. ෂර්ලොක් මේ විවාහයට සහභාගී වුණත්, ඔහු එයට විවෘතවම විරුද්ධ වෙනවා. ඔහු හිතන්නේ එනෝලා ආර්යාවක් (Lady) වෙන්න ගිහින් ඇගේ ස්වාධීනත්වය කැප කරනවා කියලයි. ඒත් එනෝලා තරයේ කියා සිටින්නේ තමන්ට බිරිඳක් වගේම රහස් පරීක්ෂකවරියක් විදිහටත් එකවර කටයුතු කළ හැකි බවයි.

එකපාරටම ෂර්ලොක් අතුරුදහන් වෙනවා

ෂර්ලොක්ගේ කාමරය පරීක්ෂා කරන එනෝලාට මිල අධික කාන්තා ඇඳුමක ඉරුණු කෑල්ලක් හම්බවෙනවා. ඇය ඒ ඔස්සේ වැලෙටා (Valletta) නගරය පුරා ඒ කාන්තාවව ලුහුබඳිනවා, නමුත් එනෝලාට ඇගෙන් ප්‍රශ්න කරන්න ලැබෙන්න කලින්ම, ස්නයිපර් තුවක්කුකරුවෙක් ඒ කාන්තාවට වෙඩි තියනවා. ඇය මියයන මොහොතේ එනෝලාට අනතුරු අඟවන්නේ, “ඇය ඔයාව මරයි” කියලයි. එනෝලා ඝාතකයාව ලුහුබැඳ ගියත් ඔහුව මඟහැරෙනවා.

 අර කියපු “ඇය” වෙන කවුරුත් නෙවෙයි, දෙවෙනි චිත්‍රපටය අවසානයේ පැනලා ගිය, දැන් ‘මහාචාර්ය ඇඩලීන් රේත්’ කියන ව්‍යාජ නමින් ජීවත් වෙන මහාචාර්ය මොරියාටි (Professor Moriarty) බව එනෝලා හොයාගන්නවා. මොරියාටි මේ හැමෝවම රවට්ටන්න හිතාමතාම මේ රේත් කියන අනන්‍යතාවය නිර්මාණය කරලා තියෙනවා.

එනෝලා පරීක්ෂණ කරන අතරතුර, ෂර්ලොක්ව ටියුක්ස්බරිගේ මව එක්කම සිරකරගෙන ඉන්න බව හෙළි වෙනවා. මොරියාටි පවසන්නේ, පහුගිය අවුරුද්ද පුරාම වගේ ඇය මේ හැමදේම සැලසුම් කළ බවයි – ඒ කියන්නේ විවාහයට මෝල්ටාව තෝරගන්න කියලා ලේඩි ටියුක්ස්බරිගේ මනස වෙනස් කළේ පවා ඇයයි. ඇයට ඕන වුණේ එනෝලාව එහෙට ගෙන්න ගන්නයි. ෂර්ලොක්ව පැහැරගැනීම කියන්නේ, ඇගේ ප්‍රහේලිකාව විසඳගන්න එනෝලාව ඇදගන්න පාවිච්චි කරපු ඇමක් විතරයි.

මේ වැඩේට එනෝලා, මෑතකදී ෂර්ලොක්ගේ ජීවිතයට සම්බන්ධ වුණු වෛද්‍ය ජෝන් වොට්සන් (Dr. John Watson) සහ මෝල්ටානු නිදහස් සටන්කාමියෙකු වන මිකීල් (Mikiel) එක්ක එකතු වෙනවා. ඔවුන්ගේ පරීක්ෂණ හරහා ඇෆ්ගනිස්ථානයේ ඛෝස්ට් (Khost) සටන දක්වා දිවයන කුමන්ත්‍රණයක් හෙළි වෙනවා.

කෙටියෙන්ම කිව්වොත්: Enola Holmes 3 කියන්නේ අනිවාර්යයෙන්ම එන, පරණ චරිත එක්ක අලුත් අභිරහසක් ගෙනෙන සුපිරිම ෆිල්ම් එකක් වෙයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


729
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login