Ek Deewane ki Deewaniyat (2025) Sinhala Subtitles
Ek Deewane ki Deewaniyat (2025) Sinhala Subtitles
5

Ek Deewane ki Deewaniyat (2025) Sinhala Subtitles | “ ආදරේ උමතුවක් වුනු ඒ අහිංසකයා ” | සිංහල උපසිරැසි සමඟ

(Ek Deewane ki Deewaniyat (2025) Sinhala Subtitles) (Ek Deewane ki Deewaniyat (2025) Sinhala Subtitle) (Ek Deewane ki Deewaniyat (2025) Sinhala Sub)

කොහොමද ඉතින් යාලුවනේ, ඔන්න අද අරගෙන ආවේ ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති, ආදරේ නිසාම ජීවිතේ වෙනස් කරගත්ත කොල්ලෙක්ගේ කතාවක්.

මේක නිකම්ම ආදර කතාවක් (Romance) විතරක් නෙමෙයි, Drama සහ Thriller කියන පැතිවලටත් බර නිර්මාණයක්. Sanam Teri Kasam බලලා අපි කවුරුත් ආදරේ කරපු Harshvardhan Rane තමයි මේකේ වික්‍රමාදිත්‍ය කියන දේශපාලනඥයාගේ චරිතයට පණ පොවන්නේ. එයා ආදරේ කරන්නේ නැගී එන නිළියක් වන “අදා” (Sonam Bajwa) ට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක සාමාන්‍ය ආදරයක් නෙමෙයි, “Obsession” එකක් එහෙම නැත්නම් උමතුවක් දක්වා දුරදිග ගිය ආදරයක්. ඉතින් තමන්ගේ බලය පාවිච්චි කරලා ආදරේ දිනාගන්න හදන මේ කොල්ලගේ ඉරණම මොකක් වෙයිද කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Marjaavaan, Satyameva Jayate වගේ සුපිරි ෆිල්ම් කරපු Milap Zaveri විසින්. ඒ නිසා මේකේ දෙබස් සහ හැඟීම් ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. බොක්ස් ඔෆිස් ආදායම් අතින් ගත්තත් මේ අවුරුද්දේ ලොකු සාර්ථකත්වයක් ලබපු Sleeper Hit එකක් විදිහට මේක හැඳින්වෙනවා. IMDb දර්ශකයේ 7.8/10 වගේ ඉහළ අගයක් ගන්නත් මේක සමත් වෙලා තියෙනවා.

හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි.. Harshvardhan ගේ ඒ ගැඹුරු රඟපෑම සහ වෙනස්ම විදිහේ ආදර කතාවක් බලන්න කැමති ඔයාලට මේක පට්ටම අත්දැකීමක් වෙයි. එහෙනම් තවත් අලුත් කතාවකින් හම්බවෙනකන් ඔයාලට සුභ දවසක් ජය වේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රබුද්ධ දර්ශන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රබුද්ධ දර්ශන

November 25, 2025


11
Total Subtitles

One comment

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා සිනෙරු…
    ❤️❤️❤️
    සබ්එකට තෑන්ක්ස් මචං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login