Dridam (2026) Sinhala Subtitles
Dridam (2026) Sinhala Subtitles
7.3

Dridam (2026) Sinhala Subtitles | “ මිනීමැරුම් තුනක් සහ මංකොල්ලය ” | සිංහල උපසිරැසි සමඟ

(Dridam (2026) Sinhala Subtitles) (Dridam (2026) Sinhala Subtitle) (Dridam (2026) Sinhala Sub)

සැකයක් නෑ මේ තමා අලුතෙන්ම හිට් වෙන මලයාලම් මැජික් එක..

ගොඩක් ජනප්‍රිය මලයාලම් චිත්‍රපට පටන් ගන්නේ හරිම සරලව. සාමාන්‍ය පවුලක, සාමාන්‍ය ජීවිතයක් ගත කරන මිනිස්සුන්ගේ කතාවක් විදියට පටන් අරන්, එක පාරටම වෙන බලාපොරොත්තු නොවුණු සිදුවීමක් නිසා කතාව සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා. Dridam චිත්‍රපටයෙත් තියෙන්නේ අන්න ඒ වගේ ත්‍රාසජනක (Thriller) සහ අභිරහස් (Mystery) ගතියක්. මෙහි නමේ තේරුම වගේම, ප්‍රධාන චරිතයට ගන්න සිද්ධ වෙන “දැඩි” තීරණ වටා තමයි කතාව ගෙතෙන්නේ.

 ෆිල්ම් එකේ මුල ඉඳන් අගටම ලොකු කුතුහලයක් තියාගෙන යන්න කතාවේ තිර රචනය සමත් වෙලා තියෙනවා. “ඊළඟට මොකද වෙන්නේ?” කියන ප්‍රශ්නය ෆිල්ම් එක ඉවර වෙනකම්ම අපේ ඔලුවේ වැඩ කරනවා. මලයාලම් නළු නිළියන්ගේ රංගනය ගැන වෙනම කියන්න ඕනේ නෑ. ඒ අය රඟපානවා නෙවෙයි, හරියට ඒ චරිතය ඇතුළේ ජීවත් වෙනවා වගේ අපිට දැනෙන්නේ. මේ ෆිල්ම් එකෙත් ඒ ඇඟට දැනෙන රංගනය උපරිමයෙන්ම බලාගන්න පුළුවන්.  කතාවේ හැඟීම් ප්‍රේක්ෂකයාට දැනෙන විදියට පසුබිම් සංගීතය සහ කැමරාකරණය ඉතාමත් දක්ෂ විදියට මේකෙදි භාවිතා කරලා තියෙනවා.

කතාව මෙහෙමයි විජේ අලුතෙන් පොලීසියට බැඳිලා එයාගෙ සේවා ස්ථානයට යනවා. ඔහොම ඉන්නකොට මිනීමැරුම් තුනක් එක්ක මංකොල්ලකෑමේ සිද්ධියක් ඇදිලා එනවා. හැබැයි විජේ එන්න කලින් මෙහෙ කිසිම ප්‍රශ්නයක් තිබිලත් නෑ

ඔයාලා කැමති ටිකක් මොළය වෙහෙසවලා බලන්න පුළුවන්, හොඳ ගැඹුරු කතාවක් තියෙන චිත්‍රපට වලට නම්, Dridam (2026) කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම මඟනොහැර බලන්න ඕනෙ ෆිල්ම් එකක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


697
Total Subtitles

One comment

  1. Gathsara Umesh
    Cineru_users

    Thanks for the sub!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login