The title of the page
8.2

Dhootha (2023) E08 END Sinhala Subtitle | ” වෙනසක් උදෙසා ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම !

ඔන්න මම එනකම් ආසාවෙන් බලා උන්නු අපූරු තෙලිඟු වෙබ් සීරිස් එකකට සිංහල උපසිරැසි අරගෙන තමයි ආවෙ.ඉතින් කතාංග අටකින් සමන්විත මේකෙ පලවෙනි කොටස තමයි මේ විදියට අරගෙන එන්නෙ.වැඩත් එක්ක බිසී වෙලා ඉන්න අතරෙ සබක් කරන්න ටයිම් එකක් හදාගන්න එක පට්ටම අමාරු වැඩක්.ඒ නිසා තමයි මෙහෙම ගෙනාවෙ.

හරි එහෙනම් බලමු මේ වෙබ් සීරිස් එක ගැන. Dhootha එහෙමත් නැත්නම් “පණිවිඩකරුවා” කියන්නෙ පහුගිය දෙසැම්බර් පලවෙනිදා Amazon Prime Video හරහා නිකුත් වුනු වෙබ් කතා මාලාවක්.මේක කතාංග අටකින් සමන්විත වෙනවා.විනාඩි 40ක වගේ ආසන්න ධාවන කාලයක් තමයි තියෙන්නෙ.මේක Mystery | Thriller ශාරනයට අයත් කතාවක්.ඉතින් ගොඩක්ම මමත් මේක බලන්න ආසාවෙන් හිටියෙ ඒ කාරනව නිසාම වගේම විෂේශයෙන්ම සඳහන් කරන්න ඕන මේකේ අධ්‍යක්ෂකතුමා නිසාමයි කියල ..ඉතින් කතාව සහ අධ්‍යක්ෂණය වික්‍රම් කේ. කුමාර්ගේ.Gangleader , 24 , Hello වගේ ජනප්‍රිය චිත්‍රපට ගොඩක් එතුමා රසිකයන්ට දායාද කරල තියෙනවා.ඒවා ඉතින් බලපු ඔයාලම දන්නව ඇතිනේ කොච්චර අපූරු කතාද කියලා.

ඉතින් ජනප්‍රිය තෙලිඟු නලු නාග චයිතන්‍යා තමයි මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් එක් වෙන්නේ.මේ ඔහුගේ පලවෙනි වෙබ් සීරිස් එක.ඊට අමතරව ප්‍රියා භවානිශංකර්, පාර්වතී , රවීන්ද්‍ර විජේ වගේ නලු නිලියන් මේ කතාවේ රංගනයෙන් එක් වෙනවා.

ඉතින් මේ ටික දවස ඇතුලත අතිසාර්ථක රසික ප්‍රතිචාර මේ කතාවට ලැබෙමින් පවතිනවා.ඒක නිසාම මටත් බය නැතුව සබ් එක කරන්න පුළුවන් උනේ.කතාව කම්මැලි නැතුව බලන්න පුළුවන් වෙන නිසා.

කතාව ලාවට මතක් කරන්නම්.සාගර් කියන්නෙ ජනප්‍රිය පුවත් පත් මාධ්‍යවේදීයෙක් ඉතින් මෙයා කලබල වෙලා තමන්ගෙ බිරිඳට මැසේජ් වගයක් යවනව එයාට දෙයක් කියන්න තියෙනවා..මට සමාවෙන්න කියල.ඔය අස්සෙ එයාගෙ ෆෝන් එකේ බැට්‍රි බහිනව.මේ සිද්දිය වෙන්න දවස් හයකට කලින් සිදුවීමක් තමයි ඊලගට පෙනන්නෙ” දැන් ඉදන් ඒක ඔයාව දඩයම් කරයි..
මේ වගේ පත්තර කෑලි ඔයාව හොයාගෙන එයි..
ඔයා ආදරේ කරන අය..ඔයා කැමති අය…
ඔයාව ආශ්‍රය කරන හැම කෙනාවම..
ඒක අතිශය දරුනු විදියට මරල දායි…”

කතාංග අටක් පුරාම රැඳිලා හිටිය හැමෝටම ස්තූතියි ..මෙච්චර කල් නොගෙන වැඩේ ඉවර කරන්න උත්සහ කලත් මට වැඩ අස්සෙ කරගන්න උනේම නෑ ..ඉතින් කිව්ව විදියටම සතියක් ඇතුලට වැඩේ ඉවර කලා..ආයිම හම්බෙමු සුපිරි සීරිස් එකකින් මේ වගේම.එතෙක් සමුගන්නම් .. 

සැ:යු – වීඩියෝ පිටපත් භාෂා කීපයකින් ඇති නිසා නරඹන විට අදාල ප්ලේයර් එකෙන් ඕඩියෝ එක තෙලිඟු භාෂාවට මාරු කරගන්න.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  2. Athtma mekm pissuwak kiyala vadk ne 1 epiye idan eka husmata baluwa season 2 ekkut awoth hodi habi. Thanks godk pin me wage euwa aran enwata digtma sub demu.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login