De De Pyaar De 2 (2025) Sinhala Subtitles
De De Pyaar De 2 (2025) Sinhala Subtitles
7.5
55

De De Pyaar De 2 (2025) Sinhala Subtitles | “ මාමණ්ඩිගෙන් බේරෙන්න කරන සටන ” | සිංහල උපසිරැසි සමඟ

(De De Pyaar De 2 (2025) Sinhala Subtitles) (De De Pyaar De 2 (2025) Sinhala Subtitle)

කොහොමද ඔයාලට, අද අපි අරගෙන ආවෙ 2019 අවුරුද්දෙ බොක්ස් ඔෆිස් වාර්තා තියපු De De Pyaar De චිත්‍රපටියේ දෙවෙනි කොටස. පළවෙනි එක බලපු අයට මතක ඇතිනේ වයසින් වැඩි ආශිෂ් (Ajay Devgn) එයාට වඩා ගොඩක් බාල අයිෂා (Rakul Preet Singh) එක්ක යාළු වෙලා වෙන සිද්ධි දාමය. ඉතින් ඒකෙ ඉතුරු ටික තමයි මේ 2025 දි අරගෙන එන්නෙ.

පළවෙනි ෆිල්ම් එකේදි ප්‍රශ්නෙ තිබුනේ කොල්ලගෙ ගෙදරින් කෙල්ලට කැමති කරගන්න එකනේ. හැබැයි මේ පාර වැඩේ අනිත් පැත්ත. මේ පාර ආශිෂ්ට සිද්ධ වෙනවා අයිෂාගේ පවුලේ අයව, විශේෂයෙන්ම එයාගේ තාත්තව කැමති කරගන්න. මෙතන තියෙන ලොකුම ආතල් එක තමයි අයිෂාගේ තාත්තා විදිහට රංගනයෙන් දායක වෙන්නෙ සුපිරි නළු R. Madhavan. ඉතින් තමන්ට වඩා වයසින් වැඩි බෑණා කෙනෙක්ව බාරගන්න මාමණ්ඩි කැමති වෙයිද? ආශිෂ් සහ අයිෂාගේ තාත්තා අතර යන හුටපටය තමයි මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ.

Ajay Devgn සහ R. Madhavan මූණට මූණ හම්බවෙන scenes ටික නම් පට්ටම ආතල්. Romance වගේම Comedy උපරිමයෙන් තියෙන, පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන හින්දි චිත්‍රපටියක් මේක. එහෙනම් වයස ප්‍රශ්නයක්ද කියලා ආයෙම පාරක් බලාගන්න මේක බලන්න කියලා ආරාධනා කරනවා. තවත් මේ වගේ උපසිරැසියක් අරන් අපි ආයෙ එන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂාන් වික්‍රමනායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂාන් වික්‍රමනායක

November 17, 2025


15
Total Subtitles

One comment

  1. තෑන්ක්ස් මචෝ මේකට සිංහල සබ් දුන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login