Daredevil Born Again season (2026) S02E04 Sinhala Subtitles
Daredevil Born Again season (2026) S02E04 Sinhala Subtitles
8
87
78

Daredevil: Born Again season (2026) S02E04 Sinhala Subtitles | “ගලවාගැනීමේ මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

මතකයිනේ කාලෙකට කලින් Netflix එකෙන් අපිට හම්බවුණු ඒ අඳුරු, සිරාම Daredevil ව? අන්න ඒ පරණ ගැම්ම ආයෙමත් ප්‍රධාන MCU එකට අරන් එන්න “Daredevil: Born Again” පලවෙනි සීසන් එකට පුළුවන් වුණා.

පලවෙනි සීසන් එකේ මුලදි මැට් මර්ඩොක් ට්‍රයි කරන්නේ නීතිඥයෙක් විදිහට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න. ඒත් විල්සන් ෆිස්ක් (Kingpin) නිව්යෝර්ක් නගරාධිපති වෙලා නගරේ පාලනය අතට ගත්තම හැමදේම කණපිට පෙරළෙනවා. ෆිස්ක් Anti-Vigilante Task Force (AVTF) කියලා විශේෂ බලකායක් හදලා නගරේ ඉන්න වෙස්මුහුණු දාගත්ත වීරයන්ව එලව එලව දඩයම් කරනවා. ෆොගී නෙල්සන්ව අහිමි වෙන එක වගේ පට්ටම දුක හිතෙන දේවල් ගොඩකට මැට් ට මූණ දෙන්න වෙනවා. පලවෙනි සීසන් එක ඉවර වෙන්නේ මුළු නගරයම ෆිස්ක්ගේ ඒකාධිපති පාලනයට යටවෙලා තියෙන හුස්ම හිරවෙන තැනකින්.

​ඔන්න ඔය පසුබිමෙන් තමයි අලුත්ම Season 2 එක පටන් ගන්නේ. ඉතින් මේ උණුවෙන්ම අරන් එන්න ලෑස්ති වෙන්නෙ දෙවෙනි සීසන් එකට උපසිරැසි.
කිසිම දෙයක් Spoil කරන්නේ නැතුව කියනවා නම්, මේ වෙනකොට ෆිස්ක්ගේ බලය උපරිමයටම ඇවිත් තියෙන්නේ. AVTF බලකාය වීරයන්ව හොයන එක තවත් දරුණු කරලා නිසා, මැට් ට සිද්ධ වෙනවා වෙනදාටත් වඩා හොර රහසේම තමන්ගේ වැඩ ටික කරගෙන යන්න.
දැන් එයාට සටන් කරන්න වෙලා තියෙන්නේ නිකම්ම නිකන් අපරාධකාරයොත් එක්ක නෙමෙයි, නීතියෙන් කවර් එකක් තියෙන ආයතනික ත්‍රස්තවාදයක් එක්කයි.
​මේ සීසන් එකේ තියෙන සුපිරිම දේ තමයි Jessica Jones වගේ පරණ යාළුවොත් එක්ක මැට් එකතු වෙලා මේ ඒකාධිපති බලවේගයට විරුද්ධව ගොඩනගන රහසිගත සටන. වෙනදා වගේම ම්ලේච්ඡ සටන් ජවනිකා මේකෙත් කිසි අඩුවක් නැතුව තියෙන බව,ආරංචි වෙනවා. Bullseye වගේ භයානක සතුරොත් එන නිසා කතාවේ ත්‍රාසය උපරිම වෙයි කියලා හිතන්න පුලුවන්.

– ​කොටස් කීයක් තියෙනවද?
මේ සීසන් 2 එකේ සම්පූර්ණ Episodes 8ක් තියෙනවා.

– එන්නේ කවද්ද?
​පලවෙනි එපිසෝඩ් එක 2026 මාර්තු 24 වෙනිදා Disney+ හරහා රිලීස් වුණා. ලංකාවට එද්දි නම් මාර්තු 25.
ඊළඟට මාර්තු 31 වෙනිදා දෙවෙනි එපිසෝඩ් එකෙන් පස්සේ අප්‍රේල් 7 තුන්වෙනි සහ හතරවෙනි එපිසෝඩ් දෙක එකවර රිලීස් වෙන්න නියමිතයි.
එතන ඉඳන් මැයි 5 වෙනිදා වෙනකම් හැම සතියෙම ලංකාවේ වෙලාවෙන් බදාදා දවසට අලුත් එපිසෝඩ් එක ගානේ බලාගන්න පුළුවන්.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු… ✌️😈

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


119
Total Subtitles

One comment

  1. සබ් ඒකට තෑන්ක්ස් මචං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login