The title of the page
Crash (2024) S01E04 Sinhala Subtitles
Crash (2024) S01E04 Sinhala Subtitles
9.2

Crash (2024) S01E04 Sinhala Subtitles | “අතීතයෙ සිද්ධ වුන රිය අනතුර” | සිංහල උපසිරැසි සමඟ

(Crash (2024) S01 Sinhala Subtitles) (Crash (2024) S01 Sinhala Sub) (Crash S01 Sinhala Subtitles) Crash (2024) S01 Sinhala Sub) (Crash (2024) Korean Drama Sinhala Subtitles) (Crash (2024) Korean Drama Sinhala Sub) (Crash Korean Drama Sinhala Subtitles) (Crash Korean Drama Sinhala Sub)

අන්න්යොංහාසේයෝ..

එහෙනම් ඔන්න ගෙනාවා අලුත්ම අලුත් කතාවක් ඔයාලට..

මේ සැරේනම් මම තෝරගත්තෙ මගෙ ආසම කැටගරි එක වෙන Action,Thriller පැත්තට නැඹුරු කතාමාලාවක්. Crash එහෙමත් නැත්නම් 크래시 May 13 වෙනිදා සිට සඳුදා අඟහරුවාදා දිනයන්හීදී විකාශය වෙන්න නියමිතයි. ඒ  ENA ඔස්සේ.. එක කතාංගයක ධාවන කාලය පැයක්.  Action, Thriller, Mystery, Comedy ඛාණ්ඩයන්ට අයිතිවෙන මේ ඩ්‍රාමා එක එපිසෝඩ් 12 කින් සමන්විත වෙනවා.  Taxi Driver Season 1  අධ්‍යක්ෂනය කරපු Park Joon Woo තමා Crash අධ්‍යක්ෂණය කරන්නෙ.  Taxi Driver දෙවනි සීසන් එකට වඩා පළවෙනි සීසන් එක මරු කියලා මම වගේම ඔයාලත් පිළිගන්නවනෙ.  ඉතින් Crash ගැනත් අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්. කතාව ලියලා තියෙන්නෙ Oh Soo-jin.

 

චා යොන් හෝට,  රථවාහන අපරාධ විමර්ශන කණ්ඩායමට මාරුවක් ලැබෙනවා. එයා කොරියාවේ ඉහළම විශ්ව විද්‍යාලයෙන් ගණිතය හැදෑරුව, රථවාහන අපරාධ විමර්ශන ක්ෂේත්‍රයේ ඉහළ සාර්ථකත්වයක් ලබපු අයෙක්. යොන් හෝගෙ තියුණු විශ්ලේෂණ සහ තර්කන හැකියාවන් උපයෝගී කරගනිමින් අනතුරක් සිදුවන වේලාව අනුකරණය කරන්න එයාට විශේෂ හැකියාවක් තියෙනවා. ඒවගේම එයාට සමාජ කුසලතා නැති එක වගේම  වාහන එළවන්න බැරිකම එයාගෙ පොලිස් රැකියාවට ලොකුම ලොකු බාධාවක්.

TCI කණ්ඩායමේ තවත් සාමාජිකයෙක් තමා මින් සෝ හී කියන්නෙ. එයා වැඩක් භාරගත්තාම අද්විතීය නොපසුබට උත්සාහයෙන් එයාගෙ උපරිමෙන්ම නඩු විසඳනවා. එයාට සටන් කලාව හොදට පුලුවන් වගේම වාහන එලවන්නත් හොද හැකියාවක් තියෙනවා. ඒ වගේම එයාට TCI කණ්ඩායමේ ඉන්න රහස් හේතුවක් තියෙනවා.

ජොං චේ මන් කියන්නෙ ප්‍රචණ්ඩ අපරාධ අංශයේ ප්‍රවීණ රහස් පරීක්ෂකවරයෙක්.  රථවාහන අපරාධ වැඩිවීමට එරෙහිව සටන් කරන්න අඩුපාඩු වගේම නියම ක්‍රමවේදයක් නැතිකම නිසා එයා TCI කණ්ඩායම පිහිටුවනවා.  

වු දොං කි කියන්නෙ වාහන ගැන විශේෂඥයෙක්. වාහන ගැන එයාට ලොකු දැනුමක් තියෙන නිසා එයා ජොං චේ මන්ගේ අවධානයට ලක් වෙලා එයා TCI කණ්ඩායම එක්ක වැඩ කරන්න ඒ බලකායට සම්බන්ධ කරගන්නවා.

ඕ හ්යුන් ක්යුං කියන්නෙ TCI කණ්ඩායමේ ලාබාලතම සාමාජිකයා. එයා ටයිකොන්ඩෝ, ජූඩෝ එතකොට බොක්සිං ක්‍රීඩාවලට දක්ෂයි.TCI කණ්ඩායමේ සාමාජිකයින් අධිෂ්ඨානයෙන්, බුද්ධියෙන් කැපවීමෙන් එයාලගෙ කුසලතා හැකියාවන් පාවිච්චි කරලා රථවාහන අපරාධ වැඩිවීමට එරෙහිව සටන් කරනවා.

  • මෙයාලා කොහොම ඒ දේවල්වලට මුහුණ දෙයිද ?
  • එයාලට එන අභියෝගවලින් එයාලා කොහොම ජයගනියිද?
  • අපරාධකාරයොන්ට දඬුවම් දෙන්න හැකියාවක් ලැබෙයිද?
  • එයාලට  රථවාහන අපරාධ වැඩිවෙන එක නවත්තන්න පුලුවන් වෙයිද?
  • සාර්ථක පිළියම් හොයාගනීවිද?

එහෙනම් දිගටම සිනෙරූ අපිත් එක්ක එකතුවෙලා ටඉන්න කියන ගමන් ඔයාලට කතාව රසවිදින්න ආරාධනා කරනවා.

..Crash කතාමාලාවෙ ප්‍රධාන චරිත..

  • Lee Min-Ki (චා යොන් හෝ)
  • Kwak Sun-Young (මින් සෝ හී)
  • Heo Sung-Tae (ජොං චේ මන්)
  • Lee Ho-Cheol (වු දොං කි)
  • Moon-Hee (ඔ හ්යුන් ක්යුං)

 

 

 

 

 

 

 

 

ජය!!

මම උචිනි පෙරේරා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

4 comments

  1. laKMal
    Cineru_users

    Thanks sis sub ekata

  2. Thank you akke

  3. Missing crown prince kdrama ekata sub dennakooo…..plzzzzzzzzzzz

  4. Thenu Ranasinghe

    5 දෙන්න පුලුවන්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login