Couple Friendly (2026) Sinhala Subtitles
Couple Friendly (2026) Sinhala Subtitles
7
95

Couple Friendly (2026) Sinhala Subtitles | “ සතුටු මොහොතවල් එකතුවෙලා හැදෙන මතකයන්..” | සිංහල උපසිරැසි සමඟ

(Couple Friendly (2026) Sinhala Subtitles) (Couple Friendly (2026) Sinhala Subtitle) (Couple Friendly (2026) Sinhala Sub)

ඔන්න යාළුවනේ, මේ දවස්වල ගොඩක් අය කතා වෙන, ටිකක් වෙනස් විදිහේ ලස්සන තෙලිගු ෆිල්ම් එකක් ගැන විස්තරයක් තමයි අද මම අරගෙන ආවේ. මේ ෆිල්ම් එකේ නම “Couple Friendly”. 2026 අවුරුද්දේ වැලන්ටයින් දවසට (පෙබරවාරි 14) තියටර් වලට ආව මේ ෆිල්ම් එක, අද (මාර්තු 13) ඉඳන් Amazon Prime Video හරහාත් බලන්න පුළුවන්. මේක නිකන්ම නිකන් අඬන-දොඩන ආදර කතාවක් නෙවෙයි; ජීවිතේ සැබෑ ප්‍රශ්න එක්ක හැප්පෙන තරුණ කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගැන කියවෙන මාරම තාත්වික කතාවක්.

අධ්‍යක්ෂණය: Ashwin Chandrasekar

ප්‍රධාන නළු නිළියන්: Santosh Sobhan (ශිවා විදිහට) සහ Manasa Varanasi (මිත්‍රා විදිහට)

අපි කවුරුත් ආදරේ කරන යෝගි බාබු (Yogi Babu) වගේම Rajeev Kanakala ත් මේකට රංගනයෙන් දායක වෙනවා.

කතාවේ ප්‍රධාන චරිතය වෙන ශිවා කියන්නේ ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් වෙන්න හීන දකින, නෙල්ලෝර් වල ඉඳන් චෙන්නායි වලට එන කොල්ලෙක්. හැබැයි හිතන තරම් ලේසියෙන් එයාට රස්සාවක් සෙට් වෙන්නේ නැති නිසා, ජීවත් වෙන්න සල්ලි හොයාගන්න එයා පාට්-ටයිම් බයික් ටැක්සි පදිනවා. ඔය අතරේ තමයි එයාට මිත්‍රා කියන කෙල්ලව හම්බෙන්නේ. එයා අලුතෙන් චෙන්නායි ඇවිත් IT ජොබ් එකක් එනකන් බලාගෙන ඉන්න කෙනෙක්. මේ දෙන්නටම සල්ලි ප්‍රශ්න වගේම ඉන්න තැනක ප්‍රශ්නත් තියෙන නිසා, වියදම් අඩු කරගන්න කියලා මේ දෙන්නා එකම කාමරේක ඉන්න තීරණය කරනවා. ඔන්න ඔතනින් පස්සේ තමයි මේ නාඳුනන දෙන්නා අතරේ ඇතිවෙන බැඳීම, ආදරේ, සහ එයාලගේ හීන වලට යන ගමන ලස්සනට ගලාගෙන යන්නේ.

මේකෙ බොරු ෆයිට්, ඕවර් ඇක්ටින් මුකුත් නෑ. සාමාන්‍ය තරුණ ළමයි දෙන්නෙක් ලොකු ටවුමකට ඇවිත් දකින දුක, අමාරුකම්, සහ ආදරේ මේකේ හරිම ලස්සනට පෙන්නලා තියෙනවා. මේක පොඩි බජට් එකකින් කරපු ෆිල්ම් එකක් වුණත්, සුපිරි තරුව ප්‍රභාස්  පවා මේ ෆිල්ම් එක බලලා කට්ටියට සුබ පතලා තිබ්බා. ඒ නිසාම මේක ගොඩක් ජනප්‍රිය වුණා.  Aditya Ravindran ගේ මියුසික් සහ සින්දු ෆිල්ම් එකේ කතාවට මාරම ෆීලිං එකක් එකතු කරනවා. කතාව යන්නේ චෙන්නායි වල නිසා, තෙලිගු භාෂාවට අමතරව දෙමළ වචනත් ගොඩක් පාවිච්චි වෙනවා. 

ඔයා ලස්සන, සරල, ඒ වගේම හිතට වදින ආදර කතාවක් බලන්න ආස කෙනෙක් නම්, Couple Friendly කියන්නේ මඟහැරගන්නේ නැතුව බලන්න ඕනේ ෆිල්ම් එකක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

2 comments

  1. ස්තූථියි උපසිරැසියට

  2. Puluwan nam Remember the last night 2 film ekata sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login