The title of the page
Corpse Party (2013) Complete Season Sinhala Subtitles
Corpse Party (2013) Complete Season Sinhala Subtitles
6.4
95

Corpse Party (2013) Complete Season Sinhala Subtitles | ආත්ම විඳවන මන්ත්‍රය | සිංහල උපසිරැසි සමඟ

“මොන දේ උනත් අපි හැමදාම යාලුවෝ තමයි,අපි හොඳම යාළුවෝ විදිහට ඉමු” ඔයත් මේ වගේ ප්‍රාර්ථනාවන් අහලත් ඇති කරලත් ඇති.මොකද වෙන්නෙ මේ ප්‍රාර්ථනාව ඔයාට ශාපයක් වුනොත්? ඒ වගේම ඒක නිසා හිතපු නැති ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වුනොත්? ඔන්න අද මගේ 15 වෙනි උපසිරැසි නිර්මාණය එක්ක මම ඔයාගෙ ඇනිමෙ ෆැන්ටසියට අරගෙන ආවෙ අන්න ඒ වගේ කතාවක් තියෙන Horror Anime Series එකක්.නැත්නම් මම මේක මේ අවුරුද්දෙ ලංකන් weebs අපෙන් ලැබෙන Halloween Special එක කියල හඳුන්වන්නම්කො.ඔව්, මේ උපසිරැසිය නිකුත් කරද්දි හැලෝවීන් පහුවෙලා තමයි.ඒත් ඇනිමෙ බලන අයට නම් හැමදාම හැලෝවීන් වගේ තමයි කියන එක රහසක් නෙමෙයිනෙ නේද…?😉

Bougyakusareta Tamashii no Jukyou AKA Corpse Party : Tortured Souls කියන මේ කතාව 2013 වසරේ summer season එකේදි නිකුත් වුනු, මිනිත්තු 29 බැගින් වුනු කොටස් 4 ක් පුරාවට දිවෙන කතාවක් වෙනවා.IMDB දර්ශකයේ 6.4 ක් වගේම MyAnimeList දර්ශකයේ 6.45 ක අගයක් ලබා තිබෙනවා.Horror,Mystery,Supernatural,Gore කියන Genre වලට අයත් වෙන අතරෙ R-17+(Violance & Profanity) යටතේ Rate වෙලා තියෙනවා.ඒ වගේම 2012 වසරේ summer season එකේදි Corpse Party : Missing Footage නමින් මිනිත්තු 11 ක කොටසකුත් නිකුත් වෙලා තියෙනවා.ඒ කොටස IMDB දර්ශකයේ 5.2 ක් වගේම MyAnimeList දර්ශකයේ 5.98 ක අගයක් ලබා තියෙනවා.

asread Studio හි නිර්මාණයක් වෙන මේ කතා මාලාවට පාදක වෙලා තියෙන්නෙ ජපන් වීඩියෝ ක්‍රීඩාවක් වෙන Corpse Party වීඩියෝ ක්‍රීඩා මාලාවයි.

ඒ වගේම මේ වීඩියෝ ක්‍රීඩාව ආශ්‍රයෙන්, ඇනිමෙ කතා මාලාවට පස්සෙ Live Action චිත්‍රපට දෙකකුත් නිකුත් වෙලා තියෙනවා

Corpse Party (2015)


Corpse Party : Book of Shadows (2016)

ඒ වගේම තමයි මේ කතාවෙ Theme Songs ගැනත් අනිවාර්යයෙන්ම කියන්න ඕනි.Opening Theme එක වෙන “Hoshikuza no Ring” ගීතය Asami Imai ගායනා කරන අතරෙ Ending Theme එක වෙන “Hotaru bi” ගීතය Yumi Hara ගායනා කරනවා.මේ ගීත දෙකම ඔයාට Horror,Supernatural vibe එක අනිවාර්යයෙන්ම ගෙන දේවි.😰

ඉතින් ඔයා මේ කතාව බලන්න ඕනි පිළිවෙල තමයි මුලින්ම Missing Footage කොටස බලලා ඊළඟට Tortured Souls කොටස් 4 පිළිවෙළට බලන එක.

දැන් අපි යමු කතාව පැත්තට… එක්තරා පාසලක යාළුවෝ අට දෙනෙක්, ගුරුවරියක් සමඟ සියලු දෙනා නව දෙනෙක්.සුසුමොටෝ කියලා කියන්නෙ මෙන්න මේ පාසලෙන් අයින් වෙලා ඈතකට යන්න ඉන්න කෙනෙක්.ෂිනොසකි කියලා කියන්නෙ තමන්ගෙ යාළුවා ඈතකට ගියත් ඒ යාළුකමේ මතකයන් හැමදාටම තියාගන්න හදන කෙනෙක්.ඉතින් ෂිනොසකි මේ වෙනුවෙන් මන්තරයක් හොයා ගන්නවා.ඒ මන්තරයෙන් යාළුකම හැමදාටම තියාගන්න පුලුවන් කියලා මෙයා විශ්වාස කරනවා.මේක ඇත්තටම මන්තරයක් නෙමෙයි, ඒක යාළුකම අමතක නොවෙන්න කරන සිහිවටනයක් වගේ දෙයක්.සමහරවිට ඔයාලත් එහෙම දේවල් කරලා ඇති.🤫

ඉතින් හොඳටම වහින දවසක හවසක හැමෝම එකතු වෙලා මේ මන්තරය කරනවා.ඒක කරලා හැමෝම ගෙදර යන්න හදන කොට මේ නව දෙනාම එකපාරටම වෙනින් තැනකට වැටෙනවා.තැනක් කිව්වට මේක වෙනම සමාන්තර මානයක් වගේ තැනක්.මේ නව දෙනාම වැටෙන්නෙත් එකිනෙකාගෙන් වෙන් වෙලයි.ඒ වගේම වැටෙන්නෙත් අමුතුම විදිහකට.මේ තැනේ හැමදේම පරණයි.හැබැයි මෙයාලගෙ පාසලත් වගේ.මේ ගොඩනැගිල්ල ඇතුළෙදි මෙයාලට මළමිනී දකින්න ලැබෙනවා.එක එක විදිහට මැරුනු අයගෙ මළමිනී.ඒ අතරෙ ළමයින්ගෙ අවතාරත් දකින්න ලැබෙනවා.මේ අවතාර එක පාරටම මෙයාලව මරන්න බලාගෙන මෙයාලගෙ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා.අන්න එතකොට මේ නව දෙනාටම තමන්ගෙ ජීවිතයේ කිසිදා සිද්ධ වුනු භයංකාරම දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙ ඒ අයවත් නොදැනමයි…. 😱

මේ නව දෙනාට මුහුණ දෙන්න සිද්ධ වෙන භයංකාර දේවල් මොනවද? එයාලට පහර දෙන අවතාර කවුද? ඒ විදිහට පහර දෙන්නෙ ඇයි? මේ ගොඩනැගිල්ල ඇතුළේ මළමිනී තියෙන්නෙ ඇයි? ඇත්තටම මේ ගොඩනැගිල්ල මොකක්ද? මේ මන්තරය මොකක්ද? ඒ මන්තරය ආවෙ කොහෙන්ද? ඒ මන්තරයේ හැබෑ අරමුණ මොකක්ද? මේ හැමදේටම වගකියන්න ඕනි කවුද? මේ හැමදේකම සැඟවුණු රහස මොකක්ද?😬

අතිශයින් ශරීරය සිදුරු කිරීම්,අංග ඡේදනයන් සහිත දර්ශන ඇතුළත් වෙන මේ ඇනිමෙ කතා මාලාව, හුදෙක් ඔහේ වෙන්නම් වාලෙ ලේ වැගිරීම්, අවතාර අඩංගු කතාවක් නම් නෙමෙයි.මතුපිටින් පේන්නෙ නැති විදිහෙ අමුතුම කතා සාරයක් අරන් එන මේ කතාව ඔයාව ත්‍රාසයෙන්, භීතියෙන්, කුතුහලයෙන් නොඅඩුවම පුරවාවි.ඊටත් වඩා වැදගත් දේ තමයි කතාව අවසානයේදී ප්‍රේක්ෂකයාට හිතන්න වැදගත් ප්‍රශ්නයක්, එහෙම නැත්නම් ප්‍රේක්ෂකයාව වික්ෂිප්ත වෙන ජාතියේ ප්‍රශ්නයක් ඉතුරු කරන එක… අපි දකින යාළුවෝ හැමවෙලේම අපි දකින විදිහමද? ඉතින් මෙතැන් පටන් මේ දේවල් වලට පිළිතුරු සෙවීම ඔයාට භාරයි.😳

උපසිරැසිය ගැන අදහස් වගේම ගුණ දොස් කියාගෙන යන්නත් අමතක කරන්න එපා.තවත් උපසිරැසියකින් හමුවෙනකල් හැමෝටම සුභ වේවා! ජය වේවා!🙏

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන්:- හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


59
Total Subtitles

7 comments

  1. බොහොම ස්තුතියි නියම වැඩක් .

  2. තෑන්ක්ස් බ්‍රෝ

  3. සබ් එක වැඩ නෑනෙ…කොටු කොටු වැටෙනවනෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login