Cold Storage (2026) Sinhala Subtitles
Cold Storage (2026) Sinhala Subtitles
6.2
79
87

Cold Storage (2026) Sinhala Subtitles | “ දිලීර යුද්ධේ ” | සිංහල උපසිරැසි සමඟ

(Cold Storage (2026) Sinhala Subtitles) (Cold Storage (2026) Sinhala Subtitle) (Cold Storage (2026) Sinhala Sub)

 පහුගිය දෙසැම්බර් මාසේ Stranger Things අවසානයත් එක්ක ලෝකය පුරාම සැලකිය යුතු මට්ටමකින් ජනප්‍රිය වුණු චිත්‍රපටයක් වෙන Cold Storage චිත්‍රපටයට තමයි අද උපසිරැසි අරන් එන්නේ. මේක Stranger Things එක්ක ජනප්‍රිය වුනු හේතුව වෙන මොකක්වත් නෙවෙයි මේකෙ අපේ Hairy Harrington ඉන්න එක කියලා ඕගොල්ලො දන්නවා ඇති. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ ක්‍රියාදාම නළු Liam Neeson මේ චිත්‍රපටය ඇතුළේ ඔහුගේ සාමාන්‍ය රංගන ශෛලියෙන් ටිකක් බැහැර වුණු චරිතයකට දායකත්වය දීලා තියෙනවා.

මේ චිත්‍රපටයේ දුවන කතාව ලියලා තියෙන්නේ David Koepp. ඔහු තමයි Jurassic Park, Spider-Man, Mission: Impossible වගේ දැවැන්ත චිත්‍රපට වලත් පිටපත් ලිව්වේ. ඒ වගේම මේක නිෂ්පාදනය කරන්නේ StudioCanal චිත්‍රපට සමාගමෙන්.

කතාව පැත්තට හැරුණොත් කාලයකට කළින් අභ්‍යවකාශය තුළ ජීවය තහවුරු කරගන්න NASA එකෙන් යවපු දිලීරයක් අභ්‍යවකාශයේදී ජාන වෙනස්වීමකට ලක්වෙලා ආයෙත් පොළොවට වැටෙනවා. ජීවය තහවුරු කරන්න මිනිස්සු උඩට යවපු දිලීරය ආයෙත් පොළොවට එන්නේ ජීවයට තර්ජනයක් වෙලා. මේ දිලීරය නිකං සපත්තු දාගෙන ඉන්නකොට ගෑවුනත් සපත්තුවත් පසාරු කරගෙම කොහොමහරි ජීවීන්ගේ ශරීරය තුළට ඇතුල් වෙලා ව්‍යාප්ත වෙන්නයි උත්සාහ කරන්නේ. කොහොමහරි මේ කට්ටිය ඔය වෛරස් එක සම්පූර්ණයෙන් විනාශ කරලා පරීක්ෂණ වලට අරන් ආපු පොඩි සාම්පල් එකක් DTRA කියලා ආයතනයක භූගත මහලක හිරකරලා දානවා. කොහොමහරි ඔය දිලීරය අවුරුදු 27ක් තිස්සෙ හිරවෙලා තිබිලා පුංචි කැරපොත්තෙක් මාර්ගයෙන් ආයෙත් එළියට එන තැනින් තමයි සිද්ධිය පටන් ගන්නේ. ඉතින් සිද්ධිය බලාගන්න නම් චිත්‍රපටය බලන්නම කියලා ආරාධනා කරනවා.
ඊළඟ උපසිරැසියෙන් හමුවෙමු… ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


119
Total Subtitles

2 comments

  1. සබ් එකට තෑන්ක්ස් මචං

  2. Thank you so much තිසුර සංජන and Cineru.lk Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login