The title of the page
Cocaine Bear(2023) Sinhala Subtitles
Cocaine Bear(2023) Sinhala Subtitles
5.2
66
84

Cocaine Bear (2023) Sinhala Subtitles | “පැබ්ලෝ එස්කොබෙයාර්” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද කස්ටිය… ඔන්න ආයෙත් අලුත්ම film එකකට සබ් අරගෙන ආවා. මේ කතාව සත්‍ය කතාවක් පාදක කරගෙන තමා හදලා තියෙන්නෙ. කොකේන් කිව්වම හැමෝම වගේ දන්නව ඇති මේක මත්ද්‍රව්‍යක් කියල..හරි එතකොට මේ බෙයා කියල තියෙන්නෙ…කොකේන් + බෙයා…හුටා…කොකේන් ගහපු වලහෙක්!…ඔව් මේ චිත්‍රපටයේ කතාවේ ඉන්නෙ කොකේන් ගහපු කළු වලහෙක් .

1985 වසරේ දෙසැම්බරයේදී උතුරු ජෝජීයාවේ වනාන්තරයකදි කොකේන් පුරවපු බෑගයක් කෑවයින් පස්සෙ රාත්තල් 175 ක් බර ඇමරිකානු කළු වලහෙක් කරපු හදියක් තමා මේ ස්ටෝරියට බේස් වෙලා තියෙන්නෙ.මේ කොකේන් බෙයා චිත්‍රපටයේ ට්‍රේලර් එක පෙන්නුවට පස්සෙ ලෝකෙම මේක වයිරල් වුනා..ඉතිං මේ වලහව හඳුන්වල තියෙන්නෙ “පැබ්ලෝ එස්කොබෙයාර්” කියල ඇත්තටම..ඉතිං මේ කොකේන් කැලේට ආවේ කොහොමද?මෙහෙමයි ඒක සිද්ධවුනේ..1985 සැප්තැම්බරයේදී මත්ද්‍රව්‍ය නාශක නිලධාරියෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙන ඇන්ඩෲ තෝන්ටන් කියන හාදය කොලොම්බියාවෙන් කොකේන් කිලෝ 400ක් අරන් ආපසු එන ගමන අතරතුර ෆෙඩරල් නියෝජිතයො මෙයා යන ගුවන් යානය පස්සෙ එනව කියල රේඩියෝ සංවාදයක් මගින් දැනගෙන කොකේන් ටික ජෝර්ජියාවෙ වනාන්තරේකට දානවා. ඒ එක්කම ඇන්ඩෲ තෝර්ටන් පැරශුටයක් එක්ක පැන්නත් එයාට හරියට පැරශුට් එක දිග ඇරගන්න බැරුව අවාසනාවන්ත විදිහට මිය යනවා. මේ වනාන්තරේට වැටුන කොකේන් වලින් බෑග් එකක් ඉරල ගත්ත වලහා කොකේන් ගහලා පිස්සුවක් නටනවා.

Imdb අගය 6.3 ක් වගේම කුනු තක්කාලි 68 •/• ගන්න මේ කතාව සමත් වෙනවා. පැයයි විනාඩි 35 ක් පුරාවට කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් Comedy / Horror ගනයට අයත් film එකක් විදිහට මේ චිත්‍රපටය හදුන්වන්න පුලුවන්.

එහෙනම් තවත් උපසිරැසකින් හම්බවෙමු !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

4 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුලක්ශන සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. NARNIYA FILM 1,2,3, NADDA ROTHER,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login