Cape Fear S01 E02 (2026) Sinhala Subtitles
Cape Fear S01 E02 (2026) Sinhala Subtitles
7.2
76

Cape Fear S01 E02 (2026) Sinhala Subtitles | “ඇයි මං ඔයාට රිද්දන්නෙ..?” | සිංහල උපසිරැසි සමඟ

Apple TV+ එකෙන් ආපු අලුත්ම TV Series එක තමයි Cape Fear කියන්නෙ. මේක කොටස් 10කින් සමන්විත වෙන Psychological Thriller කතාවක්. 1991 දි ආපු Cape Fear කතාව වර්තමානයට ගැලපෙන විදියට වෙනස් කරලා තමයි මේ අලුත් Series එක හදලා තියෙන්නෙ…

කතාවෙ යන්නෙ Anna සහ Tom කියන නීතීඥ යුවළ වටේ. එයාලා සතුටින් පවුල් ජීවිතය ගත කරන ගමන් ඉන්නෙ. හැබැයි මේ සතුට ඔක්කොම නැතිවෙලා යනවා Max Cady කියන අපරාධකාරයා හිරෙන් නිදහස් වෙලා ආවම. මේ Max ව හිරේට යන්න මූලික හේතුව වෙන්නෙ මේ නීතීඥ යුවළ. ඉතින් අවුරුදු ගාණකට පස්සෙ හිරෙන් එන Max, මේ දෙන්නගෙන් පලිගන්න පටන් ගන්නවා…

හුදෙක්ම පලිගැනීමක් විතරක් නෙවෙයි, මේ කතාවෙන් පවුලක් ඇතුළෙ තියෙන බය, ඉස්සර කරපු දේවල් කොහොමද පස්සෙන් එන්නෙ කියන එක සහ මනුස්සයෙක්ගෙ හිත ඇතුළේ තියෙන අඳුරු පැතිකඩ ගැන කතා කරනවා…

මේකට Hollywood වල ඉන්න සුපිරිම නළු නිළියන් සෙට් එකක්ම එකතු වෙලා ඉන්නවා. ඒ අතර Oscar සම්මාන ලාභී Javier Bardem, Amy Adams සහ Patrick Wilson ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා. මීට අමතරව CCH Pounder, Lily Collias සහ Jamie Hector වගේ අයත් මේකෙ රඟපානවා…

මේ Series එකේ තියෙන විශේෂම දේ තමයි මේක පිටිපස්සෙ ඉන්න දැවැන්තයො ටික. මේක නිර්මාණය කරලා තියෙන්නෙ Nick Antosca. හැබැයි මේකෙ ප්‍රධාන නිෂ්පාදකවරු විදිහට වැඩ කරන්නෙ ලෝක ප්‍රකට සිනමාකරුවන් වෙන Steven Spielberg සහ Martin Scorsese. 1991 දි ආපු Film එක කරෙත් මේ දෙන්නා තමා. ඒ වගේම පළවෙනි Episode එක Direct කරල තියෙන්නෙ දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වෙන Morten Tyldum. මේ දැවැන්තයින්ගෙ එකතුව නිසා කතාවෙ ගුණාත්මකභාවය ගැන ආයෙ අහන්න දෙයක් නෑ. කැමරාකරණය සහ Editing වැඩවලින් මේ කතාවෙ ත්‍රාසය දෙගුණ තෙගුණ කරන්න ඒ කණ්ඩායම සමත් වෙලා තියෙනවා…

Hollywood සිනමාවෙ ලොක්කො දෙන්නෙක් එකතු වෙලා කරන Project එකක් නිසා මේකෙ Quality එක උපරිමයි. ඔයා කුතුහලයෙන් බලන්න පුළුවන්, ඊළඟට මොකද වෙන්නෙ කියලා හිත හිත ඉන්න පුළුවන් කතාවලට ආස නම් මේක තමයි මේ අවුරුද්දෙ බලන්න තියෙන හොඳම Series එකක්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


80
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login