The title of the page
Bujjigadu 2008 Sinhala Sub
Bujjigadu 2008 Sinhala Sub

Bujjigadu (2008) Sinhala Subtitles |බුජ්ජිගේ කතාව| සිංහල උපසිරැසි සමග

“ඇයි ඔයා එහෙම කලේ..?”
“මං ඒකට ගොඩක් ආසයි..”
“මොකද ඒක ඔයා කඩලා දැම්මේ”
“ඉන්න මං අම්මට කියනවා.. තාත්තටත් කියනවා”
“අනේ එපා.. මං ආයේ හදලා දෙන්නම් ඒක”
” යන්න… .මං තරහයි ඔයා එක්ක, කතා කරන්න එපා ආයේ මං එක්ක…”
“සෙල්ලං කරන්න එන්න එපා ආයේ මං එක්ක”

මතකද මේ කාලේ..?? අපි හැමෝටම තිබුනා මේ වගේ සුන්දර ළමා කාලයක්.. අද වැඩිහිටියෝ වුනාට ඒ කාලේ තමා සුන්දම.. ඒ මතක තවත් හිතේ තියෙනවා..පොඩි කාලේ අපිට ළගම යාලුවෙක් උන්නා සෙල්ලම් කරන්න. එයා එක්කම තමා රණ්ඩු වෙවී සෙල්ලම් කරන්න ආසම…😉 ඒ හැටි.. පලමු ආදරය පටන් ගැන්ම අන්න එතන.. සාමාන්‍යයි… (Bujjigadu 2008 Sinhala Sub)

විසාකාපට්ටම් වල ජීවත් වුන “බුජ්ජි හා චිට්ටි” දෙන්නත් අන්න ඒ වගේ.. අල්ලපු ගෙදර උන්න චිට්ටිවම ඕනා වුනා සෙල්ලම් කරන්න..දවසක් මෙයාලා දෙන්නගේ රන්ඩුවක් දුර දිග ගියා. ආයේ ඔයා මාත් එක්ක කතා කරන්න එපා කියන තැනට එනකන් ගියා.. දුක හිතින පුංචි බුජ්ජි ගෙදර අතෑරලා යන්න ගියා.. එහෙම යන්න ගිය බුජ්ජි ආපහු එන්නේ කඩවසම් තරුණයෙක් වෙලයි.. ඒ වෙනකන්ම චිට්ටි ගැන තිබ්බ ලෙංගතුකම ආදරයක් බවට මෝරලා වැඩිලා තිබුනේ.. චිට්ටිව හොයාගෙන ගෙදර ආවම හරි හරි දේවල් වලට තමා මුන දෙන්න සිද්ධ වුනේ. 😂 ඔන්න ඔහොමයි බුජ්ජිගේ කතාවේ ආරම්භය…

“බුජ්ජිගාඩු” කියන්නේ “රිබෙල් ස්ටාර් ප්‍රභාස්ගේ” (බාහුබලි) තවත් සුපිරි රංගනයක්.. 2008 දී තමා තිරගත වීම සිදු වුනේ.. ක්‍රියාදාම (Action) කැටගරියට තමා අයත් වෙන්නේ..පූරී ජගන්නාද්ගේ නිර්මාණයක් වෙන මෙහි ප්‍රධාන රංගනය ප්‍රභාස් බුජ්ජි ලෙසත් ත්‍රිශා චිට්ටි ලෙසත් හා සංජනා චිට්ටිගේ නැගෙනිය කන්ගනා ලෙසත් දායක වෙයි. මීට අමතරව, 

Mohan Bahu as Sivanna
Kota Srinivas Rao as Machi Reddy
Sunil as Sathi
Ali as Bokadia
MS Narayan as Prbhas Raju
Hema as Bujji mom
Ahuti Prasad as kangana’s dad
Sudha as Kangana’s mom
Supreeth as Machi’ son
Ajay as Machi’s son

රංගනයෙන් දායක වෙයි. ගීත හයක් මෙහි අඩංගුවෙයි.. ඉතා ලස්සන සංගීතයක් ඇති මෙහි සංගීත අධ්‍යක්ෂනය Sandeep Chowta ගේය.. 2008 මාර්තු 23 තෙලුගු භාශාවෙන් තිරගත වුනා. මිනිත්තු 146ක් පුරා දිග හැරෙන මෙහි lMDb අගය 6.4/10 ක් වුනා..

මෙහි ආරම්භයේ ප්‍රධාන රංගනයට ත්‍රිශා වෙනුවට ශ්‍රියා සරන් යොදා ගන්න උන්නත් ඇයගේ කාර්‍යබහුල වීම නිසා ඇයට එම අවස්තාව මග හැරුනා..කෙසේ හෝ අපූරූ ආදර කතාවක ආරම්භය බලා ගන්න පුලුවන්. වෙනස් විදිහේ ආදර කතාවක්..මිනිස්සු ආදරය වෙනුවෙන් මෙච්චර දුක් විදිනවද, බලාගෙන ඉන්නවද.. ඔයාලත් බලන්න සිංහල උපසිරැසි සමග..

තව උපසිරැසියකින් හමු වෙමු. සිනෙරු වෙනුවෙන් මම, ✍️ නිත්‍යා රූපසිංහ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිත්‍යා රූපසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිත්‍යා රූපසිංහ

February 4, 2020


21
Total Subtitles

4 comments

  1. Thanks for sub…..(express raja 2016) movie eka Denna please…..

  2. Thanks, Prakash he film set ekatama sub karanna,

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි නිත්‍යා 😊👍 Yashගෙ Raja Huli එකට සබ් කරන්න පුළුවන් නම් 😊

  4. tnx akke mara gemak deela hoya gaththe

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login