Brothers Under Fire (2026) Sinhala Subtitles
Brothers Under Fire (2026) Sinhala Subtitles
4.9
56

Brothers Under Fire (2026) Sinhala Subtitles | “ සෙබළුන්ගේ නිවාඩුව ” | සිංහල උපසිරැසි සමඟ

(Brothers Under Fire (2026) Sinhala Subtitles) (Brothers Under Fire (2026) Sinhala Subtitle) (Brothers Under Fire (2026) Sinhala Sub)

ඔන්න Action සහ Thriller ෆිල්ම් බලන්න ආස අයට 2026 අප්‍රේල් මාසේ අලුතින්ම ආපු සුපිරි ෆිල්ම් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඒක තමයි “Brothers Under Fire”. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය විදිහට රඟපාන්නේ අපි කවුරුත් දන්න, විශේෂයෙන්ම ’24’ ටීවී සීරීස් එකෙන් අපේ මතකයේ රැඳුණු ජනප්‍රිය නළු Kiefer Sutherland. මුලින් “Sierra Madre” කියන නමින් එන්න හිටියත්, පස්සේ නම වෙනස් කරලා 2026 අප්‍රේල් 17 වෙනිදා තමයි මේක රිලීස් වුණේ.

කතාව යන්නේ මෙහෙමයි…

කතාවේ ප්‍රධාන චරිතය තමයි Captain Jordan Wright (Kiefer Sutherland). ජෝර්ඩන් සහ එයාගේ හමුදා කණ්ඩායමේ අය නිවාඩුවක් දාගෙන මෙක්සිකෝවට යනවා. ඒ එයාලගේ කණ්ඩායමේම යාළුවෙකුගේ වෙඩින් එකකට සහභාගී වෙලා පොඩි විනෝදයක් ගන්න හිතාගෙන.

හැබැයි මේ සතුටුදායක ගමන හිතපු නැති විදිහට කණපිට පෙරළෙනවා. වෙඩින් එක අස්සේ මෙක්සිකෝවේ ඉන්න අතිශය භයානක මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කල්ලියක් මේගොල්ලන්ට හදිසි ප්‍රහාරයක් එල්ල කරනවා. මෙතැනින් පස්සේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. වෙඩින් එකක සතුට වෙනුවට, මේ හමුදා කණ්ඩායමට සිද්ධ වෙන්නේ තමන්ගේ ජීවිත බේරගන්න ලොකු සටනක් කරන්න. තමන්ගේ ඉතුරු වෙලා ඉන්න සෙබළුන්ගේ ජීවිත බේරගෙන, මේ දරුණු පාතාල කල්ලියත් එක්ක හැප්පිලා කොහොමද එයාලා පණ බේරගන්නේ කියන එක තමයි ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ.

නළු නිළියන් සහ අධ්‍යක්ෂණය

  • අධ්‍යක්ෂණය: Justin Chadwick (ඔහු මීට පෙරත් සාර්ථක නිර්මාණ කිහිපයක්ම කරලා තියෙනවා).
  • ප්‍රධාන රංගනය: Kiefer Sutherland ට අමතරව Ashton Sanders, Omar Chaparro, Tommy Martinez, සහ Laura Osma වගේ දක්ෂ නළු නිළියන් රැසක් මේකට එකතු වෙලා තියෙනවා.

සුපිරි Action Thriller එකක් හොයන අයට: “Brothers Under Fire (2026)” මේක මරු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

4 comments

  1. ස්තූතියි සබ්එකට සිනෙරු

  2. Era Boy
    Cineru Family Member

    සුපිරියක්.. සබ් එකට ස්තුතියි..

  3. 1080p වලිනුත් පිටපත් දාන්න HC Video Copy වලට

  4. හිරාන් ශාරංග

    උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා…෴

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login