Bhooth Bangla (2026) Sinhala Subtitles
Bhooth Bangla (2026) Sinhala Subtitles
6
17

Bhooth Bangla (2026) Sinhala Subtitles | “ ලෝකෙ එක එක ජාතියෙ අවතාර ඉන්නවා ” | සිංහල උපසිරැසි සමඟ

(Bhooth Bangla (2026) Sinhala Subtitles) (Bhooth Bangla (2026) Sinhala Subtitle) (Bhooth Bangla (2026) Sinhala Sub)

මේක නිකම්ම නිකම් චිත්‍රපටයක් නෙමෙයි. බොලිවුඩයේ බිහිවුණු විශිෂ්ටතම හාස්‍යමය (Comedy) චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන ප්‍රියදර්ශන් (Priyadarshan) එක්ක සුපිරි නළු අක්ෂේ කුමාර් (Akshay Kumar) අවුරුදු 14කට පස්සේ එකතු වෙන සුපිරි නිර්මාණයක් තමයි මේක. මේ දෙන්නා අන්තිමට එකට වැඩ කළේ 2010 අවුරුද්දේ ආපු ‘Khatta Meetha’ චිත්‍රපටයේ. ඊට කලින් මේ දෙන්නාගේ එකමුතුවෙන් ආපු Hera Pheri, Bhool Bhulaiyaa, Garam Masala, De Dana Dan වගේ චිත්‍රපට අදටත් ප්‍රේක්ෂකයෝ ආදරෙන් බලනවා.

මේ චිත්‍රපටය අයිති වෙන්නේ Horror-Comedy (හොල්මන් සහ හාස්‍යමය) ගණයට. ප්‍රියදර්ශන් සහ අක්ෂේ කුමාර් එකතුවෙලා කරපු පළවෙනි ‘Bhool Bhulaiyaa’ චිත්‍රපටයේ තිබුණු ඒ අමුතුම  හිනාවෙන්න පුළුවන් විහිළු ටික මේ ‘බූත් බංග්ලා’ චිත්‍රපටයෙනුත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

චිත්‍රපටයේ නමෙන් කියවෙන විදිහටම මේක ගෙතෙන්නේ හොල්මන් තියෙනවා යැයි සැලකෙන පැරණි බංගලාවක් (Bhooth Bangla) වටායි

මේ චිත්‍රපටයේ තියෙන ලොකුම විශේෂත්වය තමයි අර අපි ආදරේ කරන පරණ කොමඩි නළු සෙට් එකම ආයෙත් මේකට එකතු වෙලා ඉන්න එක. අක්ෂේ කුමාර්ට අමතරව,

  • පරේෂ් රාවල් (Paresh Rawal)

  • රාජ්පාල් යාදව් (Rajpal Yadav)

  • අස්රානි (Asrani)

වගේ ප්‍රවීණ හාස්‍ය නළුවො රොත්තම මේ ‘බූත් බංග්ලා’ එකට රංගනයෙන් දායක වෙනවා. ඉතින් ‘හේරා ෆේරි’ වගේ ෆිල්ම් වල තිබ්බ ඒ සුපිරි Chemistry එක  අනිවාර්යයෙන්ම මේකෙත් බලාගන්න ලැබෙයි.

මේ දැවැන්ත නිර්මාණය නිෂ්පාදනය කරන්නේ ජනප්‍රිය නිෂ්පාදිකා ඒක්තා කපූර්ගේ (Ektaa R Kapoor) Balaji Telefilms ආයතනය සහ අක්ෂේ කුමාර්ගේ Cape of Good Films ආයතනය එකතු වෙලයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


698
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login