The title of the page
Battleworld: Mystery of the Thanostones (2020) Complete Season Sinhala Subtitles
Battleworld: Mystery of the Thanostones (2020) Complete Season Sinhala Subtitles
5.9
50

Battleworld: Mystery of the Thanostones (2020) Complete Season Sinhala Subtitles | ලෝක ආරක්ෂක මාර්වල් බලකාය | සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් මගේ යාළුවනේ, ඔන්න ඉතින් තවත් උපසිරැසි නිර්මාණයක් අරගෙන ආවා. මේක දෙන්න ටිකක් පරක්කු උනා මොකද කිව්වොත් වැඩ රාශ්‍රියකට හිරවෙලා ගෙවුනු කාලයක් මේක. විශේෂිතම කාරණය නම් දැන් මං අපේ සිනෙරු සයිට් එකට එකතු වෙලා අවුරුද්දකුත් ගතවෙලා. ඇත්තෙන්ම මේකට ලොකුම ගෞරවය හිමිවෙන්න ඕනේ මගේ ගුරු දර්ශන හෙට්ටිවත්ත අයියට තමයි එයාගේ මග පෙන්වීම නැත්නම් අද මේ සිනෙරු සයිට් එකේ චානක තිලංක කියලා කෙනෙක් නැති වෙන්න පුළුවන්. කොහොම උනත් ඔන්න මං මේ පාර තවත් ඇනිමේශන් මිනි සීරියස් එකකට සබ් අරගෙන ආවේ. කතාව නම් පොඩියි හැබැයි ගොඩක් රසවත් එකක්. මේක ගැන කිව්වොත් මේක  Marvel.Battleworld.Mystery.Of.The.Thanostones.S01 යනුවෙන් තමයි හදුන්වලා තියෙන්නේ ඒකේ පළවෙනි සීසන් එකට  එකපාර මං සබ් අරගෙන ගෙනාවේ. හොඳයි අපි කතාව පැත්තට හැරෙමු.

මේක මාර්වල් සමාගමේ ඇවෙන්ජස්ලා ගැන නිර්මාණය උන මිනි කතා මාලාවක්, 5.8/10  IMDb අගයක් මේ කතා මාලාවට ලැබිලා තියෙනවා. මේක 2020 ආපූ මිනි සීරියස් එකක්, මේකට කොටස් 06 ක් ඇතුලත් වෙනවා. කැප්ටන් මාර්වල්, ස්පයිඩර් හැම්, ත්‍රොග්, අයන් මෑන්, ග්‍රෑට් යන කණ්ඩායම එකතු වෙලා තානෝස්ව පරාද කරන එක පදනම් කරගෙන තමයි මේ කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නේ, විශේෂම දේ තමයි මේකේ ස්පයිඩර් මෑන් – ස්පයිඩර් හැම් වෙලා, තෝර් – ත්‍රොග් ගෙම්බා වෙලා මොනවා උනත් නියමෙටම මේ කතා මාලාව හදලා තියෙනවා බලන්න ආස හිතෙන කතා මාලාවක් මේක. මේ මිනි කතා මාලාවේ ප්‍රධාන චරිත වෙනුවෙන් තමන්ගේ හඬ දායකත්වය ලබා දීලා තියෙනවා, 
රෙබෙකා ෂොයිචෙට් – කැප්ටන් මාර්වල්.
බ්‍රැඩ් ස්වයිල් – ග්‍රෑට්.
ජෙසී ඉනොකල්ලා – ස්පයිඩර් හැම්.
ඉයන් හැන්ලින් – ත්‍රොග්.
ගයිල්ස් පැන්ටන් – අයන් මෑන්.
දේවන් ක්‍රිස්ටියන් – තානෝස්.
🔥පහළින් කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. 🔥
අවසාන වශයෙන් ලොකු බොස් සමිත සහෝ, පොඩි බොස් අංජුල සහෝ, දර්ශන සහෝ, අශේන් සහෝ, පීටර් අයියා, මදුෂාන් සහෝ වගේම අපේ සිනෙරු සයිට් එකේ හැමෝවමත්, මේ දක්වා මගේ සබ් වලට කමෙන්ට් දාපූ හැමෝවමත්, සබ් ඩවුන්ලෝඩ් කරපු හැමෝවමත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි, ඔය හැම දෙනාටම ගොඩක් ස්තූතියි. ආපහු සබ් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා, හැමෝටම බුදු සරණයි!!!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

8 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ හැමෝටම

  2. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ!

  3. චානක තිලංක

    බොහොම ස්තූතියි සහෝලා කමෙන්ට් වලට 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍

  4. බොහොම ස්තුතියි උපසිරසියට සහෝදරයා.
    ගොඩක් ❤ සිනෙරු එකට

  5. චානක තිලංක

    බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 👍👍👍👍❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍

  6. Ishira
    Top Fan ⭐⭐⭐

    thanks tැන්ක්ස් ela

  7. චානක තිලංක

    බොහොම ස්තූතියි ishira සහෝ කමෙන්ට් එකට 👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login