Backrooms (2026) Sinhala Subtitles
Backrooms (2026) Sinhala Subtitles
7
87

Backrooms (2026) Sinhala Subtitles | “ අද්භූත ලිබිරින්තයක අතරමං වූ මිනිස් මනස! ” | සිංහල උපසිරැසි සමඟ

(Backrooms (2026) Sinhala Subtitles) (Backrooms (2026) Sinhala Subtitle) (Backrooms (2026) Sinhala Sub)

අන්තර්ජාලය හොල්ලපු සුප්‍රසිද්ධ “Creepypasta” සහ YouTube වීඩියෝ මාලාවක් වුණු The Backrooms සංකල්පය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මෙන්න මේ අද්භූත ලිබිරින්තය (Labyrinth) පාදක කරගෙන හොලිවුඩයේ දැවැන්ත සිනමා සමාගමක් වෙන A24 එකතුවෙලා කරපු The Backrooms (2026) චිත්‍රපටයට සිංහල උපසිරැසිය අරගෙනයි අද මම cineru.lk එකට ගොඩවැදුණේ!

යු ටියුබ් එකේ මිලියන ගණන් ප්‍රේක්ෂකයෝ කුල්මත් කරපු අවුරුදු 21ක තරුණ අධ්‍යක්ෂ Kane Parsons ගේ සිනමා ආගමනය තමයි මේ චිත්‍රපටය.

🎬 චිත්‍රපටයේ කතාව (Plot) ගැන කෙටියෙන්…
කතාව ගෙතෙන්නේ 1990 දශකය මුලදී. Clark (Chiwetel Ejiofor) කියන්නේ අසාර්ථක වුණු ගෘහ නිර්මාණ ශිල්පියෙක්, වගේම පාඩු ලබන ගෘහභාණ්ඩ වෙළඳසැලක හිමිකරුවෙක්. තමන්ගේ බිඳුණු විවාහ ජීවිතය සහ බේබදුකම නිසා පීඩා විඳින ක්ලාක්, මේ ගැන උපදෙස් ගන්න Dr. Mary Kline (Renate Reinsve) කියන මනෝ චිකිත්සකවරිය ළඟට යනවා.

දවසක් තමන්ගේ කඩේ බිම් මහලේ (Basement) තියෙන අමුතු සිදුරක්, එහෙමත් නැත්නම් දොරටුවක් ක්ලාක්ට හමුවෙනවා. ඒක ඇතුළට ගියාම දකින්න ලැබෙන්නේ කහ පාට බිත්ති, නිමක් නැති කොරිඩෝ සහ අමුතුම පාලු කාමරවලින් පිරුණු වෙනස්ම මානයක්! මේක තමයි අපිට හුරුපුරුදු “Backrooms” කියන්නේ.

ක්ලාක් මේක ඇතුළේ තියෙන අබිරහස හොයන්න තමන්ගේ සේවකයෝ දෙන්නෙකුත් එක්ක කැමරාවක් අරන් ඇතුළට යනවා. හැබැයි ඒක ඇතුළේ ඉන්නේ ඔවුන් විතරක්ම නෙවෙයි… “Async” කියන පර්යේෂණ ආයතනයත්, මේ මානයේ සැරිසරන බිහිසුණු අද්භූත ජීවීනුත් ඔවුන්ව දඩයම් කරන්න පටන් ගන්නවා. ක්ලාක්ට මේ මාරක ලිබිරින්තයෙන් බේරෙන්න පුළුවන් වෙයිද? ඔහුගේ මනසට මොකද වෙන්නේ? කියන එක දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

🌟 රංගන දායකත්වය සහ අධ්‍යක්ෂණය (Cast & Crew)
Chiwetel Ejiofor (ක්ලාක් ලෙස): 12 Years a Slave, Doctor Strange වගේ සුපිරි චිත්‍රපට හරහා ඔස්කාර් නිර්දේශ පවා ලබාගත් ප්‍රවීණ නළු Chiwetel, ක්ලාක්ගේ අසරණකම, බිය සහ මානසික බිඳවැටීම උපරිමයෙන්ම තිරය මත රංගනයෙන් ඔප්නංවනවා.

Renate Reinsve (ඩොක්ටර් මේරි ලෙස): The Worst Person in the World චිත්‍රපටයෙන් කෑන්ස් සම්මාන දිනූ ඇය, මෙහි ක්ලාක්ගේ මනෝ චිකිත්සකවරිය ලෙස ඉතා ප්‍රබල රංගනයක නිරත වෙනවා.

Mark Duplass (ෆිල් ලෙස): Backrooms ගැන පර්යේෂණ කරන Async ආයතනයේ විද්‍යාඥයෙකු ලෙස මොහු දායක වෙනවා.

අධ්‍යක්ෂණය – Kane Parsons: මේ චිත්‍රපටයේ සැබෑ වීරයා මෙයා තමයි. අවුරුදු 21ක් වැනි කුඩා වයසකදී තමන්ගේම YouTube concept එකක් හොලිවුඩයේ දැවැන්ත බොක්ස් ඔෆිස් වාර්තාවක් තබන මට්ටමට මෙහෙයවීම පුදුමසහගතයි.

🧐 ඇයි මේක බලන්න ඕනේ?
මේක නිකම්ම නිකන් “Jump Scare” (එකපාරට බය කරන) හොරර් ෆිල්ම් එකක් නෙවෙයි. මේක මනෝවිද්‍යාත්මකව මිනිස් මනස සහ තනිකම (Liminal Space Horror) එක්ක සෙල්ලම් කරන, හිරිගඩු පිපෙන අත්දැකීමක්. 2026 වසරේ නිකුත් වුණු සාර්ථකම සහ වැඩිම ආදායම් ලැබූ භීෂණ චිත්‍රපටයක් විදිහට මේක දැනටමත් වාර්තා තබලා ඉවරයි.

ලිපිය සහ උපසිරැසිය ගැන:

මේ වසරේ ආපු සුපිරිම psychological horror අත්දැකීමක් වෙන මේ චිත්‍රපටයට සිංහල උපසිරැසිය කරන්න මට සෑහෙන කාලයක් වගේම මහන්සියක් ගියා. කුතුහලයෙන් සහ උපරිම රසවින්දනයකින් බලන්න පුළුවන් වෙන්න උපසිරැසිය සකස් කරලා තියෙනවා. බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් දාගෙන යන්න අමතක කරන්න එපා!

විශේෂ ස්තූතිය:

මේ උපසිරැසිය ඔයාලට මේ තරම් ලස්සනට සහ නිවැරදිව අරගෙන එන්න මට ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන්ම මේකේ ටයිම් ලයින් හදාගන්න (Sync කරන්න) වගේම, හැම වැඩකටම මට ගොඩක් උදව් කරපු දසිඳු අයියාව මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. දසිඳු අයියේ, දුන්නු හැම උදව්වකටම බොහොම ස්තූතියි!

සියල්ලන්ටම සුවදායී සිනමා අත්දැකීමක් ප්‍රාර්ථනා කරමි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් ගගනක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් ගගනක

October 31, 2025


44
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login