Baby Girl (2026) Sinhala Subtitles
Baby Girl (2026) Sinhala Subtitles
6.8

Baby Girl (2026) Sinhala Subtitles | “ පැහැරගත් බිළිදිය ” | සිංහල උපසිරැසි සමඟ

(Baby Girl (2026) Sinhala Subtitles) (Baby Girl (2026) Sinhala Subtitle) (Baby Girl (2026) Sinhala Sub)

මෑත කාලීන මලයාලම් සිනමාවේ කතාබහට ලක්වූ ත්‍රාසජනක (Thriller) චිත්‍රපටයක් ලෙස “Baby Girl” හැඳින්විය හැක. ප්‍රවීණ තිර රචක යුවළක් වන බොබී සහ සංජේ (Bobby-Sanjay) ගේ තිර රචනයකින් සහ අරුන් වර්මාගේ (Arun Varma) අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටය, රෝහලක් තුළ සිදුවන හදිසි සිදුවීමක් වටා ගෙතී ඇත.

චිත්‍රපටයේ කතාව ගලා යන්නේ “Good Shepherd” නම් රෝහලක් කේන්ද්‍ර කරගෙනය. එක් දිනක් තුළ සිදුවන සිදුවීම් මාලාවක් ඔස්සේ මෙය දිග හැරේ. කතාව ආරම්භ වන්නේ රෝහලෙන් අලුත උපන් බිළිඳියක අතුරුදහන් වීමත් සමඟය.

මෙහි ප්‍රධාන චරිතය වන සනල් (නිවින් පෝලි) මෙම රෝහලේ සේවය කරන සහායකයෙකි (Attendant). දරුවා අතුරුදහන් වීමත් සමඟ ඇතිවන කලබලකාරී තත්ත්වය තුළ, සැකය එල්ල වන ප්‍රධාන සැකකරුවෙකු බවට සනල් පත්වේ. පොලිස් පරීක්ෂණ, රෝහල් කාර්ය මණ්ඩලයේ මැදිහත්වීම සහ දරුවාගේ දෙමාපියන්ගේ වේදනාව අතරතුර සැබෑ අපරාධකරු සොයා යන ගමන ඉතා කුතුහලයෙන් යුතුව මෙහි නිරූපණය කෙරෙනවා

ප්‍රධාන නළු නිළියන්

  • නිවින් පෝලි (Nivin Pauly): රෝහල් සහායක ‘සනල්’ ලෙස. (සනල් යනු එතරම් කතාබහක් නැති, නමුත් සිදුවීමට සෘජුවම මැදිහත් වන චරිතයකි.)

  • ලිජෝමෝල් ජෝස් (Lijomol Jose): අතුරුදහන් වූ දරුවාගේ මව හෝ ඊට සම්බන්ධ ප්‍රධාන කාන්තා චරිතයක් ලෙස (රිතු).

  • සංගීත් ප්‍රතාප් (Sangeeth Prathap): රිෂි ලෙස.

  • අභිමන්යු තිලකන්: පොලිස් නිලධාරී රාකේෂ් ලෙස.

  • අධ්‍යක්ෂණය: අරුන් වර්මා (Arun Varma)

  • තිර රචනය: බොබී සහ සංජේ (Traffic, Uyare වැනි චිත්‍රපට ලියූ රචකයින්).

  • සංගීතය: සෑම් සී. එස්. (Sam C.S.)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

3 comments

  1. උපසිරැසියට ස්තූතියි……

  2. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Udara Sandaruwan

    මේ කතාව ලංකාවේ උන සිද්ධියක් පදනම් කරගෙන කරා වගේ මට හිතෙන්නේ..ලංකාවෙත් ඔහොම දෙයක් උනෑ අවුරුදු ගාණකට කලින්..මේ ලගදි සිරසට ඒ ළමයා පවුලේ අයත් එක්ක ආවා..එයත් රිච් වේ රෝහලේදී දවස් 2කින් වගේ නැති වෙලා තිබ්බේ…සිරස මාධ්‍යජාලය තමයි බබාව හොයාගන්න උදව් කරේ ගොඩක්..නත්තල් කිට්ටුව තමයි ඒකත් උනේ..මේ කතාවෙත් එහෙමයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login