The title of the page
5.7

Archana 31 Not Out (2022) Sinhala Subtitles | “නොදැවී ගිය අර්චනාගේ ජීවිතය| සිංහල උපසිරැසි සමඟ

(Archana 31 Not out (2022) Sinhala Subtitles) (Archana 31 Not out Sinhala Subtitle) (Archana 31 Not out  Sinhala Sub)

Archana 31 Not out | 2022

Malayalam | Comedy | Drama

IMDb 5.6/10 

1 hr 50 mins

“ජීවීතෙටවත් ආස්‍රය නොකරපු ජෝතිෂකාරයින්ට ඕනේ විදිහටයි, මගුල් කපුවන්ට ඕනේ විදිහටයි ජීවිත් වෙන්න ඕනේ කියලා නියමයක් කොහෙවත් නෑනේ. මගෙ ජීවිතේ මගේ. මම ඒක හදා ගන්නෙ මට ඕනේ විදිහට…” 

ඔන්න ඔහොමයි අර්චනා කිව්වෙ. මේක තමා මගෙ පළමු “මලයාලම්” උපසිරැසි ගැන්වීම. සෑහෙන කට්ටක් කන්න වුණා. කෙසේ හෝ අන්තිමට ලස්සන අවසානයක් එක්ක ඔන්න ඔයාලට ගෙනාවා. 

“අර්චනා 31 නොට් අවුට්” කියන්නෙ මේ අවුරුද්දේ පෙබරවාරී 11 තිරගත වූ චිත්‍රපටයක්. හාස්‍ය නැතහොත් කොමඩි ගණයට තමා මේක අයිති වෙන්නෙ. ඒ වුනාට සංවේදී  කතාවක් කොමඩි ලෙස ගලාගෙන යනවා වගෙ තමා දැනෙන්නෙ..

කතාව ගැන කිව්වොත්, අර්චනා කියන්නෙ අවු.28ක් පමණ වයස වූ තරුණ ගුරුවරියක්. ඇය සිය මව හා පියා සමග තමා දිවි ගෙවන්නෙ. ඇයට මංගල යෝජනා නිතරම මගුල් කපුවන් විසින් ගෙන එනවා. ඒ අතරින් විවිධ හේතූ නිසා මේ සියලු යෝජනා ප්‍රතික්ෂේප වෙනවා. මංගල යෝජනා 30ක් පමණ ඇයට විවිධ අවස්ථාවන්හි ගෙන එනවා. අවසානයේ දී 31 වන යෝජනාව ඇයට වාසනාව ගේනවා. ඒත් ඒක එසේම වෙනවද එහෙම නැත්තන් වෙන විදිහට මේ ගනුදෙනුව විසදෙනවද කියලා කතාව බලන්නම ඕනේ. 

කුතුහලයත් එක්ක යන කතාවක්. සංවේදී වගේම හාස්‍ය ද මෙහි අඩංගුයි. තරුණියකගේ ඉවසීම, දරා ගැනීම, වේදනාව, අපේක්ෂාභංගත්වය,සතුට මේ සියල්ලම මෙහි අඩංගුයි.. 

අඛිල් අනිල්කුමාර්ගේ නිර්මාණයක් වන මෙහි ප්‍රධාන රංගනය ආශ්වර්‍යා ලෙක්ෂ්මී වනවා. මීට අමතරව,

✤ Thankam Mohan

✤ Lukman Avaran

✤ Rajesh Madhavan

✤ Sunil Sughatha

✤ Anjou Joseph

✤ Hakeem Shajahan

✤ Azeez Nedumangad

✤ Anjana Appukuttan

✤ Renjith Shekar Nair

✤ James Varghese

✤ Sruthy Suresh

✤ SK Mini

✤ Remya Suresh යන අය ද වනවා. 

සංගීතය Rajat Prakash හා Maathan ය. ලස්සන ගීත කීපයක්ද මෙහි ඇතුලත්. 

කෙසේ හෝ කතාව හරිම රසවත්. මලයාලම් රසිකයින්ට වගේම දකුණු ඉන්දීය සියළු රසිකයිද බලලා රසවිදින්න පුලුවන් කතාවක්. 

තවත් ලස්සන දකුණු ඉන්දීය සිනමාවකින් නැවත හමු වෙන්නම්. 

✍🏻 සිනෙරූ වෙනුවෙන් මම,

– නිත්‍යා රූපසිංහ ෴

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිත්‍යා රූපසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිත්‍යා රූපසිංහ

February 4, 2020


21
Total Subtitles

13 comments

  1. No video link

    • දැන් බලන්න..ලින්ක් අප්ඩේට් කරලා තියෙන්නෙ..

  2. meke sub eka wada nane english font penne

  3. Nice ❤️🔥

  4. tovino thomas ( 2022 Naradan ) malayalam movie akata sub aka ona

  5. subtitle විතරයිනෙ. වීඩියෝ ලින්ක් නැද්ද?

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  7. බොහොම ස්තූතියි ඔබට
    ජය වේවා!
    #GoHomeGota2022

  8. SUMESH AND RAMESH
    NARADAN
    ඔය දෙකත් ඉක්මනට ඕං බ්‍රෝ….මේ සබ් එකටත් බොහෝම ස්තුති…

  9. Thanks Lot Nitya..Good Luck

  10. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.bnb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login