The title of the page
Angel Heart (1987) Sinhala Subtitles
Angel Heart (1987) Sinhala Subtitles
7.9
79
85

Angel Heart (1987) Sinhala Subtitles | හොයන්නෙ හොයන කෙනාමද..? | සිංහල උපසිරැසි සමඟ (18+)

(Angel Heart (1987) Sinhala Subtitles) කාලෙකින්….අද අරන් ආවෙ අන්තිමට මේ මොකක් මේ වුනේ වගේ ෆිල්ම් බලන්න ආස උදවියට හරියන එකක්. Angel Heart ,1987 දි රිලීස් වුනු මේක වැටෙන්නෙ Horror ,Mystery , Thriller කියන සෙට් එකට..7.3 IMDB මීටරේ කරෝකන ගමන් සම්මාන දෙකකුත් දිනා ගන්නව මේ ෆිලුම.. විනාඩි 153 ක ධාවන කාලයකින් යුත් මේකෙ අද්‍යක්ශකවරය වෙන්නෙ Midnight Express වගේ සුපිරිව හදපු ඇලන් පාකර්.,
කතාව පැත්තට ගියොත් හාර්ලඩ් ඒන්ජල් කියන්නේ පොඩි කාලයක් හමුදාවට වැඩ කරල දැන් පෞද්ගලික රහස් පරීක්ශකවරයෙක් විදියට වැඩ කරන කෙනෙක්. ලුයිස් සයිපර් කියන පුද්ගලයා දවසක්  ඒන්ජල් ට ඇමතුමක් දීලා භාර දෙනව වැඩක්..ජොනී කියන පරණ ගායකයව හොයල දෙන්න කියලා…ඒ සයිපර්ට ඔහුගෙන් පරණ ණයක් ගන්න තියෙනව කියල.
පස්සෙ ඒන්ජල් ජොනී ඉන්න ඉස්පිරිතාලෙන්ම පටන් අරන් ජොනී ඉන්න තැන පන්නනව…ඒන්ජල් කරුණු හොයාගෙන යන්න  යන්න  කතාව විසදෙනව වෙනුවට සංකීර්ණයි වෙන්නෙ..
ඉතින්….ඒන්ජල් මොනවයින් මොනවා කරයිද කියල බලල හොයාගන්න ඔයාටම භාරයි…හිතපු නැති අවසානෙකුත් තියෙනව..අනිත් එක මේක 18 + අයට ගොඩක්ම සුදුසුයි.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමෝද් මදුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමෝද් මදුශාන්

May 10, 2020


12
Total Subtitles

4 comments

  1. මේවනම් පට්ටයි බන්
    දිගටම දියන් මේ වගේ ඒවා
    එල එල

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    ඔබ විසින් මින් පෙර උපසිරැසි ලබාදුන් Jacob’s Ladder 1990, In the Mouth of Madness 1994, Rosemary’s Baby 1968 චිත්‍රපට තුනම මම බැලුවා. සුපිරි චිත්‍රපට සහෝ. ගොඩක් ස්තූතියි. එයිනුත් Rosemary’s Baby පට්ට. දිගටම පැරණි Horror movies සබ් කරන ලෙස ඉල්ලා සිටිමි. හැකිනම් මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන මෙන් ඉල්ලා සිටිමි.

    Poltergeist – 1982
    Poltergeist II – 1986
    Poltergeist III – 1988

    Omen II – 1978
    Omen III: The Final Conflict – 1981
    Omen IV: The Awakening – 1991

    Exorcist II – 1977
    The Exorcist III – 1990
    Exorcist: The Beginning – 2004
    Dominion: Prequel to the Exorcist – 2005
    The Last Exorcism – 2010

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login