The title of the page
Ada Masali | Island Tale (2021) E04 Sinhala Subtitles
Ada Masali | Island Tale (2021) E04 Sinhala Subtitles
6.8

Ada Masali | Island Tale (2021) E04 Sinhala Subtitles | දුපතේ කතාව | සිංහල උපසිරැසි සමඟ

ADA MASALI I(ISLAND TALE)

Ayca Aysin Turan – Biography, Facts & Life Story

Ayça Ayşin Turan (HAZIRAN)
Gender Female
Age 30 years old (in 2023)
Date of Birth October 25, 1992
Full Name Ayça Ayşin Turan
Profession Actress
Nationality Turkish, Tunisian
Birthplace Sinop, Turkey
Religion Islam
Zodiac Sign Scorpio

ඇල්ප් නව්රුස් (පොයිරාස්)

ඇල්ප් නව්රුස් 1990 ජනවාරි 15 වනදා ඉස්තාන්බුල් වල ඉපදුණු අතර වයස අවුරුදු 31 ක්. නිරූපණය වගේම රංගනය හැදෑරූ අතර Friends Are Good කතා මාලාවට පෙනී හිටියා.
Fazilet Hanım ve Kızları මාලාවෙන් ප්‍රසිද්ධියට පත් වුන Alp Navruz, 2019 දී Elimi Bırakma හි Cenk Çelen ට වගේම 2020 දී Zümrüdüanka හි Serhat
Demirkanට ජීවිතය ලබා දුන්නා. Alp Navruz උස මීටර් 1.83 ක් සහ බර කි.ග්‍රෑම් 80 කි.

Ayça Ayşin Turan (හසිරාන්)

Ayça Ayşin Turan 1992 ඔක්තෝබර් 25 වන දින Sinop වල ඉපදුන අතර උස මීටර් 1.67 ක් සහ බර කිලෝග්‍රෑම් 47 ක්. ඉස්තාන්බුල් විශ්ව විද්‍යාලයේ සිනමා හා රූපවාහිනී දෙපාර්තමේන්තුවේ උපාධිධාරිනියකි, කළමනාකරණය වගේම රංගනයට ඇය පළමු පියවර තැබුවා. Dinle Sevgili (Listen Dear) සහ Karagül කතා මාලාව තමාටම පෙන්වූ පළමු කතා මාලාව. කරගුල් එකේ ඇඩා ලෙස රඟපාපු එයාගේ චරිතයට එයා විශේෂයෙන් ආදරය කලා, මෑතකදී අරිසා (ද ෆෝල්ට්) වගේම මෙරියම් එකෙත් රඟපෑවා.

Star TV හි ජනප්‍රිය රූපවාහිනී තර්කි කතා මාලාවක් වන Ada Masalı කතාවෙ පළමු කථාව 2021 ජුනි 15 වන දින විකාශය වුනා. හැම අඟහරුවාදා දවසකම රාත්‍රී 8.00 ට මෙම කතා මාලාව Star TV හි විකාශය වුණා. කොරියන් කතා එක දිගටම බලපු මමත් තුර්කි කතා බලන්න ගත්තා. තුර්කි කතා ගොඩාක් ලස්සනයි. සමහර කතා කොටස් 50ට වඩා වැඩී. පැය දෙකකට වඩා විකාශය වෙන කතාවකට සබ්ටයිටල් දෙනවා කියන එක ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි. අදා මසලි කියන මේ කතාව කරන්න මට ආසා හිතුනා.
Ada Masalı (Island of Tale | දූපතේ කතාව ) ආදර කතා මාලාවක්. කොටස් 26 කින් සමන් යුත් මෙම කතාවේ එක කොටසක් පැය 2ක කාල සීමාවක් දක්වා එක දිගටම නරඹන්න පුළුවන්. හරියට හින්දි චිත්‍රපටයක් බලනවා වගේ කාලයක් විකාශය වෙනවා. ඉතිං බලන්න බලන්න ආසා හිතෙන කතාවක් තමයි මේකත්. පොයිරාස් කියන ප්‍රධාන භූමිකාවට Ayça Ayşin Turan සහ Alp Navruz රංගනයෙන් දායක වන Ay Yapım ගේ මෙය තවත් ආදර ගිම්හාන කතා මාලාවක්. පළවෙනි පාරට එකට එකතු වූන Ayça Ayşin Turan
සහ Alp Navruz ගේ සමගිය කතා මාලාව සාර්ථක කර ගන්න ගොඩක් අයගේ අවධානයට ලක් වුණා.

Ada Masalı කතා මාලාවේ රූගත කිරීම් ස්ථාන රූගත කරල තියෙන්නෙ ඒ කතාවෙ හැටියට වගේම ඉතිහාසය එක්ක අවධානය ආකර්ෂණය කරන තුර්කියේ ප්‍රියතම සංචාරක ස්ථානවලින් එකක් වන ඉස්මීර් වල Sığacık දිස්ත්‍රික්කෙ.

කතාව ආරම්භය ගැන බලමු.

හසිරාන් ජිවත් වෙන්නෙ ඉස්තාන්බූල් වල. නාගරික පරිසරයට වඩාත් කැමති හසිරාන්ගෙ සිහිනය තමයි ජපානයට යන එක. එයා රැකියාව කරන තැන නව ශාඛාවක් ජපානයේ පවත්වාගෙන යාමට නියමිතයි. මේකට හසිරාන්ව තමයි තෝරගෙන තියෙන්නෙ. ඉතිං හසිරාන්ට හදිසියෙම වෙනත් කාර්යයක් කරන්න රැකියා ස්ථානයෙන් යෝජනා කරනවා. ඒ ඔලිව් තෙල් මෝලක් කරන් යන අයෙක්ගෙ ඉඩමක් ලබාගෙන එහෙ හෝටල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න තමයි අවශ්‍යතාවය. ඒකට හසිරාන්ට සිද්ධ වෙනවා අම්මා උපන් දූපතට යන්න. හසිරාන්ගෙ තාත්තා ජීවතුන් අතර නෑ.

හසිරාන්ගේ අම්මගේ පවුලෙ අය දුපතේ ජීවත් වුනත් ඒ අය සමග දිගු කාලයක් තිස්සේ කතා බහක් ඇසුරක් නෑ. එහෙම වෙන්න හේතුව හසීරාන්වත් දන්නෙ නෑ. ඒ වගේම හසිරාන් මුහුදට වෛර කරනවා. අකමැත්තෙන් වුනත් හසීරාන්ට ජපානෙ රැකියාව ස්ථිරවම ලබා ගන්න නම් මේ දූපතේ ඉඩම් හිමියාගේ දුර්වල අවස්ථාවන් ගැන හොයලා කොහොම හරි ඉඩම ලබාගනීමට මාර්ගයක් හොයාගන්න එක තමයි හසිරාන්ට පැවරෙන රාජකාරිය. එයාගෙ තනියට එයාගෙ හොඳම යාළුවා බිරිඩ්ශික්කුත් එකතු වෙනවා. බිරිඩ්ශික් තාත්තගේ ව්‍යාපාර කරගෙන යනවා. ඉතිං හසිරාන්ට කියන මේ පුද්ගලයා හරිම නපුරු මිනිස්සුන්ට හරියට සලකන්නෙ නැති වයසක මනුස්සයෙක් තමයි මේ ඔලිව් තෙල් මෝලෙ හිමිකාරයා. ඉතිං මිනිස්සුන්ටත් පේන්න බැරි මේ පුද්ගලයා ගැන පැහැදීමක්
නැති නිසාම හසිරාන් මේ වැඩේට දූපතට යනවා.

ඉතිං මේ කතා මාලාව සමග දිගටම එකතු වෙලා ඉන්න. ඔබගේ අදහසුත් අපට කියන්න අමතක කරන්න එපා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

5 comments

  1. meka maru kathawa.
    ithuru tikath digatama demu.

  2. thank you video ekata and sub ekata.
    ithuru tikakth denna.

  3. 50 First Dates 2004 sinhala sub eka denna puluwanda
    tz sub ekata

  4. Sub ekt thanks
    Anith episode tikath ikmnt dennko

  5. Ithiri sub tikath ikmnt denwd

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login