The title of the page
Aavesham Sinhala Subtitle
Aavesham Sinhala Subtitle
8
96
96

Aavesham (2024) Sinhala Subtitles | “රංගා” | සිංහල උපසිරැසි සමඟ

(Aavesham (2024) Sinhala Subtitles) (Aavesham (2024) Sinhala Subtitle) (Aavesham (2024) Sinhala Sub) (Aavesham Sinhala Subtitle) (Aavesham Sinhala Sub) (Aavesham 2024 Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

ටික දවසකට පස්සේ ඔන්න අදත් තවත් උපසිරැසියක් අරගෙන ආවා..අද අරගෙන ආවේ මේ වසරේ ආදයම් අතින් අති සාර්ථක වුණා මලයාලම් සිනමාපටයක් වෙන Aavesham (2024) චිත්‍රපටය..මේ වෙද්දිනම් ගොඩක් අය නරඹලත් ඇති..මොකද පහුගියේ ටිකේ කාර්යබහුල වුණ නිසා මේ උපසිරැසිය අරගෙන එන්නම් ටිකක් කල් ගත වුණා..ඒත් ඉතින් මේක සිංහල උපසිරැසි වෙබ් අඩවියක් විදියට අපේ වෙබ් අඩවියෙත් තියෙන්නම ඕන චිත්‍රපටයක් නිසා වැඩේ අතාරින්නැතුව ඉවරයක් කරා..

Aavesham (2024) - IMDb

චිත්‍රපටය පැත්තට ගියොත්, මේක අධ්‍යක්ෂණය කරන්නේ Jithu Madhavan විසින්..ඒ වගේම නිෂ්පාදනය සිද්ධ වෙන්නේ Fahadh Faasil, Nazriya Nazim, Anwar Rasheed කියන අ⁣යගේ අතින්..ඉතින් මේ චිත්‍රපටය නිෂ්පාදය වෙලා තියෙන්නේ ඉන්දියන් රුපියල් කෝටි 30ක් වගේ මුදලකින්..ඒත් එක්කම මේක ලොව පුරා ඉන්දියන් රු. කෝටි 155 ක ආදයමක් ලබා ගන්න සමත් වෙලා තියනවා..Action / Comedy කියන කාණ්ඩ වලට අයිතිවෙන මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 8/10 වගේ ඉතා ඉහළ අගයක් වගේ Rotten Tomatoes දර්ශකයේ 96% ක අගයකුත් ගූගල් පරිශීලක මනාප 96%කුත් ලබා ගන්න සමත් වෙලා තියනවා..

කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් ප්‍රධාන චරිතය වෙන රංගාගේ චරිතය චිත්‍රපටය නිෂ්පාදනයෙනුත් එකතු වුණු ජනප්‍රිය මලයාලම් නලු Fahadh Faasil විසින් රඟදක්වනවා..ඒ වගේම අනෙක් ප්‍රධාන චරිත විදියට Hipzster, Mithun Jai Shankar, Roshan Shanavas, Sajin Gopu රංඟනයෙන් දායක වෙනවා..ඊට අමතරව Midhutty, Mansoor Ali Khan, Pooja Mohanraj, Ashish Vidyarthi, Neeraja Rajendran වගේ නලු නිළියන් රැසක් සෙසු චරිත වලට රංඟනයෙන් දායකත්වය ලබා දීලා තියනවා..

GIRI balan on X: "#Aavesham - Dir 𝗷𝗲𝗲𝘁𝗵𝘂 𝗺𝗮𝗱𝗵𝘃𝗮𝗻's consecutive victory 🔥🔥 His brilliance in writing the character of #Ranga is a reason for this success 🌟 Keeps engaging scene by scene 🧑‍🎤 #FahadhFaasil🔥 🎹 #Sushinshyam 🔥 📹 #Sameerthahir 🔥 https://t.co/pV9nmTzFfx" / X

කතාව පැත්තටත් හැරුණොත්,

මේ කතාව පටන් ගන්නේ ඉන්ජිනේරු විද්‍යාලයකට ඇතුල් වෙන්න බැංගලූර් වලට එන බීබී, අජූ, ශාන්තන් කියන යාලු⁣වෝ තුන්දෙනාගෙන්..ඉතින් අලුත් බැජ් එකක් කැම්පස් එකට ආවම සීනියර්ස්ලා ඒ අයව රැග් කරනවනේ..ඉතින් මේ වැඩේ මේ කොලේජ් එකෙත් සිද්ද වෙනවා..ඒත් බීබී, අජූ,ශාන්තන් කියන යාලුවෝ තුන්දෙනා තමන්ගේ හොස්ටල් එකේ ඉන්න අනිත් අයත් එක්ක එක කල්ලියක් හැදිලා මේ දේවල් වලට බය නොවී ඉන්න තීරණේ කරනවා..

ඉතින් දැන් සෙට් එක සීනියර්ස්ලව ගණන් ගන්නෑ..ඉතින් මේකෙන් කේන්ති ගියපු කුට්ටි ඇතුලු සීනියර්ස්ලා ටික බීබීවයි අජූවයි ශාන්තන්වයි අරගෙන ගිහිල්ලා දවස් දෙකක් විතර හොඳටම ගහනවා..ඉතින් මේ වුණ දේට පළියගන්න ඕන වුණ නිසා අජූ යෝජනා කරනවා ඒ පළාතේ මැරයෙක්ව යාලු කරගෙන කුට්ටිට ගේමක් දෙන්න..ඉතින් තුන් දෙනා හැමදාම බාර් වලට යන්න තීරණේ ක⁣රේ මේ වගේ පළාතේ ඉන්න හොඳ මැරයෙක්ව යාලු කරගන්න…ඉතින් ඔය අතරේ දවසක් බීබීට බාර් එකක වැසිකිළියකදි එක මනුස්සයෙක් හම්බවෙනවා.. ඒත් යාලුවෝ තුන්දෙනා ඒ මනුස්සයව වැඩියේ ගණන්නොගෙන හෑල්ලු කරලා කතා කරනවා..ඒත් බලද්දි ඒතමයි ඒ පළාතේ ලොකුම මැරයෙක් වුණු රංගා…ඉතින් දැන් කොහොම හරි තුන්දෙනාට ඕන රංගව යාලුකරගෙන වැඩේ කරගන්න..ඉතින්,

  • කවුද මේ රංගා ?
  • රංගා මේ තුන්දෙනා එක්ක යාලුවෙයිද?
  • රංගා මෙයාලගේ ප්‍රශ්නේ විසඳයිද?
  • අවසානේට මොකක් සිද්ධ වෙයිද?

කියලා දැනගන්නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..එහෙනම් හැමෝටම චිත්‍රපටය නරඹලා ඔයාලගේ අදහසුත් පහළින් කමෙන්ට් කරගෙන යන්න කියලා මතක් කරනවා..

Aavesham Box Office Collection Day 14 | Aavesham Today Box Office Collection |Aavesham Wednesday Box Office Collection | Aavesham Day 14 Box Office Collection Kerala, India & Worldwide - Filmibeat

ඉතින් අදට සමුගන්නවා..තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු..හැමෝටම,

බුදු සරණයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

4 comments

  1. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට
    Garuda Purana (2023) Kannada
    Shakhahaari (2024) Kannada
    Krishnamma (2024) Telugu me 3 ta sub denna balanda plzz

  2. Mata nam set kathawa athal interesting pattama kiyala thama kiyanne meka nam miss karganna natuwa balanna sub ekat pattama deela tibba 👍

  3. Supiri film ekak..mth cineru eken download karagena baluwa..aththatama mara lassanai..oyalath me movie eka aniwa balnna

  4. film eka paharak

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login