The title of the page
1899 Sinhala Subtitles
1899 Sinhala Subtitles
7.6
75
95

1899 (2022) S01E07 Sinhala Subtitles | “කුණාටුව” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම,හැමෝම ඇඟිලි ගැන ගැන හිටපු අලුත්ම සීරිස් එකේ උපසිරැසි අද ඉදන් ඔයාලට අපි ලබාදෙන්න බලාපොරොත්තුවෙනවා…

ඉතිං සබ් එක ඉක්මනින්ම දෙන්න ඕන නිසා දුලාන් රන්දික සහෝදරයට අපි වෙනුවෙන් සවිස්තරාත්මක  ලිපියක් ලියන්න ආරාධනා කළා…

ඒක තමා පහළ තියෙන්නෙ..

දුලාන් රන්දික සහෝදරයගෙ ලිපිය.

1899
Action/History/Horror 
Imdb 9.1/10

මේ කතාමාලාව ලියල තියෙන්නෙ සුප්‍රසිද්ධ Dark  කතාමාලාව ලියපු  Baran bo Odar සහ
Jantje Friese විසින්. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙත් මේ කතාමාලාව ලියපු Baran bo Odar ම තමයි.

මේ කතාමාලාවට රංඟනයෙන් දායක වන වන්නේ Isabella Wei,Anton Lesser,Emily Beecham,Clara Rosager,Aneurin Barnard,Mathilde Ollivier,Andreas Pietschmann,etc.  මේ අතරින් බහුතරයක් අපි දන්න කියන නලු නිලියො නෙමෙයි.ගොඩක් ඉන්නෙ අපි දැකල පුරුදු නැති පිරිසක්.

ඉතින් අපි බලමු Dark Creatersලගෙ අලුත් කතා මාලාව කොහොමද කියල.මේකත් ,Dark වගේම ඔලුව විකාර වෙන කතාමාලාවක් වෙයි බොහෝදුරට.බලමු අපි ඉස්සහට.

කතාව පැත්තට හැරුණොත් 

ලන්ඩන් වල ඉඳන් නිව්යෝර්ක් බලා සංක්‍රමණිකයන් පිරිසක් රැගෙන  පිටත් වන Kerberos කියන වාෂ්ප නව්කාවක්,මේ නැවෙන් විවිධ පන්ති යටතේ සංක්‍රමණිකයන් රාශියක් රැගෙන යනවා,ඒ අතරින් විශේෂ චරිත කීපයක්ම වෙනවා,ක‍ථාවෙ පෙන්වන හැටියට ඒ චරිත වටා මොකක් හෝ අභිරහසක් තියනවා කියන කරුණ අපිට කතාවෙදි ටිකක් පැහැදිලිව පේනවා,සහ මේ නැවේ බොහොමයකටම Prometheus නැව ගැන ගුප්ත විදිහක අවධානයක් තමා තියෙන්නෙ.

ඒ ගමන අතරමගදි අහන්න ලැබෙනවා මීට මාස 4 කට කලින් අතුරුදහන් වෙච්ච Prometheus  කියන මේ නව්කාවෙන් එවන ඛණ්ඩාංක සහිත පණිවිඩයක්…..

Trailer  එක බලද්දි අපිට දකින්න ලැබුනා අතඇරලා දාපු නව්කාවක්  Prometheus  කියල .මේ ගැන ටිකක්  හොයල බලද්දි ලැබුනා Prometheus  කියන්න්නෙ නිකම්ම නිකං වචනයක් නෙමේ.මේ නම සඳහන් වෙන්නෙ ග්‍රීක මිත්‍යාකතාවල.ඒ කියන්නෙ ග්‍රීක මිත්‍යා වලට අනුව Prometheus  කියන්නෙ ගින්දර වලට අධිපති දෙවි කෙනෙක්.ඒ කියන්නෙ මේ කතාමාලාවවයි  ග්‍රීක මිත්‍යාවයි  අතර ලොකු සම්බන්ධයක් තියෙනවා.

මීට අමතරව First Look Images,Trailer,Cover Photos වල දකින්න ලැබුන දෙයක් තමයි      Alchemy Symbols.

 Alchemy  Symbols


දැනට අපිට දකින්න ලැබෙන්නෙ Alchemy Symbols  වලින් කිහිපයක් පමණයි.

01. 🜂 fire
02. 🜃 earth
03. 🜁 air
04.🜄 water


කතාමාලාව බලද්දි බලද්දි අපිට මීට වඩා Alchemy Symbols අපිට දකින්න ලැබෙයිද නැත්නම් මේ ටික විතරද..බලමු ඉස්සහට.

දැනටමත් ගොඩදෙනෙක් දන්නව ඇති 1899 කතා මාලාව බර්මියුඩා ත්‍රිකෝණය එක්කත් ලොකු සම්බන්ධයක් තියෙනවා කියල.

මේ තියෙන්නෙ කතාමාලාවෙ එක කොටසක දකින්න ලැබුන පත්තරයක Prometheus  කියන නැව මාස 4ක් තිස්සෙ අතුරුදහන් වෙච්ච බවට සඳහන් වෙච්ච ආකාරය.ඊට යටින් The Devi’s Triangle ඒ කියන්නෙ බර්මියුඩා ත්‍රිකෝණය ගැන සඳහන් වෙනවා.

ඉතිං ඔයාල දැනටම ගොඩක් කුතුහලයෙන් කතාව බලන්න ඉන්න නිසා ඒ කුතුහලය ඉස්සරහටත් තියන ගමන්…කතාව බලන්න කියල ආරාධනා කරනවා.

සයිට් එකේ අනික් සහෝදරයොත් මේ කතාමාලාවට උපසිරැසි දෙන්න සූදානම් වෙලා ඉන්නෙයි…ඒ නිසා පුලුවන් ඉක්මනින් උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා…

එහෙනම් කතාව රස විදින්න කියන ගමන් අදට අපි යනවා…

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තවීෂ සදරු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තවීෂ සදරු

July 16, 2022


19
Total Subtitles

10 comments

  1. එකට ස්තුතියි සගෝ❤️❤️❤️

    • ටක් ටක් ගාලා සබ් ටික වැටෙනවා 😘❤️❤️tnq සිනෙරු crew එකට❤️

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තවීෂ සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. Bhashitha Muthukumarana

    තව එකයි තියෙන්නේ series එක complete වෙන්න…!🤗❤❤

  4. සබ් එක එනකන් හිටියෙ ස්තූති සහෝදරයා 😘❤️

  5. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සගෝ

  6. Nice work bro❤️❤️

  7. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  8. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  9. Thanks Brother…❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login