You (2019) S02 E01 Sinhala Subtitles |නැවුම් ආරම්භයක්|සිංහල උපසිරැසි සමග|

ඔන්න ඉතින් YOU කතාමාලාවේ දෙවෙනි කතාසමයත් උපසිරස ගැන්වීම ආරම්භ කරා, දෙවෙනි කතා සමය නිකුත් වුනේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ,  පළමු කතා සමයට වගේම දෙවෙනි එකටත් ඉතා ඉහල ඇගයීමක් හම්බ වෙලා තිබුනා, අද කතාංගය ගැන කතා කරන්න කලින් පළවෙනි කතා සමය ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු,
කතා මාලව ආරම්භ වුනේ ජෝ ගෝල්ඩ්බර්ග් සහ ගිනිවියර් බෙක්ගේ හමුවීමෙන්, අහම්බෙන් සිදුවන මේ හමුවීම බොහෝ දෙනෙක්ගේ ඉරණම තීන්දු කරන්න සමත් වෙනවා, බෙක් ජෝගෙ හිතගැනීමත් එක්ක, බෙක්ගෙ පසුපස යන ජෝ කරන දේවල් සාමාන්‍ය කෙනෙක් නම් කරන්න හිතන දේවල් නෙවෙයි, ජෝගේ පළවෙනි ගොදුර වෙන්නෙ බෙන්ජි, බෙන්ජිගේ අතරුදහන් වීමත් එක්ක ජෝ බෙක්ගෙ හිතදිනාගෙන සම්බන්ධයක් ගොඩනගා ගන්න සමත් වෙනවා, බෙක්ගේ මිතුරියක් වුන පීච් නම් ඒකට ඒ තරම් කැමැත්තක් පෙන්වන්නෙ නෑ, ඒක නිසාම පීච් ජෝගේ දෙවෙනි ගොදුර බවට පත්වෙනවා,

මේ අතරේ ජෝ ගේ පරණ පෙම්වතිය වුන කැන්ඩන්ස්ට සිදුවුන දේත් දැකගන්න ලැබුනා, කොහොමෙන් කොහොමහරි ජෝ මේ සියළු දෙනාම මැරුව කියන එක බෙක් සොයාගන්න සමත් වෙනවා, ඊටපස්සෙ ජෝ මේ ගැන බෙක්ට තේරුම් කර දෙන්න උත්සාහ කරත් බෙක් පැනල යන්න උත්සාහ කල නිසාම එයත් ජෝගෙ ගොදුරක් බවට පත් වෙනවා, අවසාන කොටස වෙද්දි බොහෝ පිරිසක් ජෝ පරලොව යවන්න සමත් වෙනවා, සියලු දේම අවසන් වෙලා අලුත් ආරම්භයක් ගන්න ජෝ උත්සාහ කරත් කැන්ඩන්ස්ගේ පැමිනීම සියල්ල කණපිට හරවනවා, පළවෙනි කතා සමය අවසන් වුනේ එතනින්,

දෙවෙනි කතා සමය ආරම්භයේදී ජෝ සහ කැන්ඩන්ස් හමුව බලාගන්න පුලුවන්, ඒ වගේම ජෝ අලුත් ආරම්භයක් ලබාගන්න විදිහත් නරඹන්න පුලුවන්, කැන්ඩන්ස්ට බේරුනේ කොහොමද, කැන්ඩන්ස් ඊලඟට මොකක්ද කරන්න යන්නෙ කියන එක ඊලඟ කොටස් කිහිපයේදි දැකගන්න හැකිවේවි, ඉතින් දෙවෙනි කතාසමයත් එක්ක අපිත් එක්ක එකතු වෙන්න කියල ආරධනා කරන ගමන් සමුගන්නම්..
සුභ දවසක්!!!

Due to copyright issues we do not provide any torrent links

download site

Download|65

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


51
Total Subtitles

5 comments

  1. මම හිතන් හිටියේ කැන්ඩාස් මලා කියලා….🤣
    බලන් ගියාම බේක් ඉල්ලන් කාල තියෙන්නේ…🤣🤣🤣
    පව් අසරණ බේක්..🤟
    බලන් ගියාම බේක්ට ගහපු නැති එකෙක් නෑ ටවුන් එකේ 🤣🤣🤣
    දෙවනි එකේ කොටස් සේරම ඩවුන්ලොඩ් කරලා තියෙන්නේ…
    සබ් එක දෙන්න පටන් ගැනිම ගැන පට්ටම සතුටක් තියෙන්නේ ආදරෙයි..🙈
    කොහොම හරි ඉක්මනට සීසන් එක ඉවර කරන්න ලැබේවා…

  2. Hamma season 2 walatath sub genalla supiri aa ikmanata ithuru kotaswalatath sub genna bro..
    Thank you sub ekata

  3. Mcn anith tikath ikmanata dapanko tnx mcn

  4. දෙන්නේ නැද්ද බන් සබ් එක

  5. vidumini nimesha

    Ithuru sub nadda?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *