The title of the page
White Rose Sinhala Subtitle
White Rose Sinhala Subtitle
6

White Rose (2024) Sinhala Subtitles | “මරණයෙන් ගැලවීමට..!!” | සිංහල උපසිරැසි සමඟ

(White Rose (2024) Sinhala Subtitles) (White Rose (2024) Sinhala Subtitle) (White Rose (2024) Sinhala Sub) (White Rose Sinhala Subtitle) (White Rose Sinhala Sub) (White Rose 2024 Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

අදත් තවත් අලුත් දමිළ සිනමාපටයකට සිංහල උපසිරැසි අරගෙන ආ⁣වා..අද උපසිරැසිය අරගෙන එන්නේ 2024 අප්‍රේල් 4 වෙනිදා තිරගත වෙලා මීට දින කීපයකට කලින් OTT වෙත මුදා හැරුණු White Rose (2024) චිත්‍රපටය⁣ට..

Rajashekar (@DirRajshekar) / X

ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ K Rajashekar විසින්..ඒ වගේම N Ranjani ගේ නිෂ්පාදනයක්..Thriller/Crime කියන කාණ්ඩ වලට තමයි මේ චිත්‍රපටය අයිති වෙන්නේ..රේටින්ග්ස් ගැනත් බැලුවොත් IMDb දර්ශකයේ 6/10 ක අගයක් ලබා ගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..

කාස්ට් එක පැත්තට හැරුණොත් ප්‍රධාන චරිතය වෙන දිව්‍යාගේ චරිතය ඔටාලා කවුරුත් දන්න Kayal Anandhi විසිනුත් සෙසු ප්‍රධාන චරිතය R.K. Suresh විසිනුත් රඟදක්වලා තියනවා..ඊට අමතරව Rooso Sreedharan, Dharani Reddy, Sasilaya, Rajasimman, Hashin F වගේ නලු නිළියෝ රැසක් මේ චිත්‍රපටය වෙනුවෙන් රංඟනයෙන් දායක වෙලා තියනවා..

R.K.SURESH-ன் புதிய படம் WhiteRose பட பூஜையுடன் ஆரம்பம் | R.K.Suresh | White Rose | Kayal Anandhi | - YouTube

දැන් අපි කතාව ගැනත් ටිකක් බලමු..

දිව්‍යා කියන්නේ පුංචි දුවෙක්ගේ අම්මා කෙනෙක්..දිව්‍යගේ මහත්තයා වෙන අෂ්ර⁣⁣ෆ් විදේශ රටක තමයි සේවය කරන්නේ..ඉතින් මේ අෂ්රෆ් දිව්‍යගේ උපන්දිනේ දවසේ ආපහු ගෙදර එනවා..ඒ දිව්‍යව සප්‍රයිස් කරන්න හිතාගෙන..මෙහෙම ගෙදර ආව අෂ්රෆ් දිව්‍යව සප්‍රයිස් කරන්න හිතන් රෑ කෑමට එළියට එක්කගෙන යනවා..ඉතින් මේ රෑ කෑම ඉවර වෙලා ගෙදර එන අතර මගදි පොලීය සහ ත්‍රස්තවාදී කණ්ඩායමක සමාජිකයෝ කිහිපයක් අතර වෙඩි හුවමාරුවක් වෙනවා..ඉතින් මේ අතර මැද්දට කොටු වුණු අෂ්රෆ්ටත් පොලීසියෙන් එල්ල කරපු වෙඩි ප්‍රහාරයක් වැදෙනවා වගේ අෂ්රෆ් එතනම මියයනවා..ඉතින් පොලීසිය මේ වැඩේ යට ගහන්න හිතන් අෂ්රෆ්වත් ත්‍රස්තවාදී සමාජිකයෙක් විදියට නම් කරනවා..

මේ සේරගෙන්ම පීඩනයට ලක් වුණු දිව්‍යට දැන් ගෙදර කුලියවත් ගෙවාගන්න විදියක් නෑ..ඉතින් දිව්‍යා රස්සාවක් කරන්න තීරණය කරනවා..ඒත් ඒ අතරේ දිව්‍යගේ දුවව සිංගපෙරුමාල් කියලා පුද්ගලයෙක් පැහැරගන්නවා..ඒ අෂ්රෆ් ⁣සිංගපෙරුමාල්ගෙන් ගත්ත ණයක් පියවපු නැති නිසා..දැන් තමන්ගේ දුවව ආපහු තමන් ළඟට ගන්නනම් දිව්‍යට මේ මුදල දින දෙකක් ඇතුළත පියවන්නම වෙනවා..ඉතින් මේ නිසා වෙන විකල්පයක් නැති නිසා දිව්‍යා ගණිකා වෘත්තියට පිවිසෙනවා…ඉතින් පාරේ ඉද්දි දිව්‍යව එක මනුස්සයෙක් මුදල් වලට ⁣එක්කගෙන යනවා..ගෙදරකට තමයි එක්කගෙන යන්නේ..ඉතින් පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙන්න හිතාගෙන දිව්‍යා ඒ ගෙදර වොෂ්රූම් එකට යනවා..එතනදි දිව්‍යා හිතපු නැති දෙයක් දිව්‍යට හම්බවෙනවා..ඒ තමයි ගෑණු කෙනෙක්ගේ පොඩි ඇඟිල්ලක්..

  • කාටද මේ ඇඟිල්ල අයිති?
  • දිව්‍යා මිනීමරුවෙක්ටද කොටු වුණේ?
  • මෙහෙම තරුණියන්ව මේ පුද්ගලයා අරන් එන්නේ මොකටද?
  • දිව්‍යට මෙතනින් ගැළවිලා යන්න පුලුවන් වෙයිද?
  • දිව්‍යගේ දුවට මොනවා වෙයිද?

මේවා දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..එහෙනම් හැමෝම ෆිල්ම් එක බලලා ඔයාලගේ අදහසත් පහළින් කමෙන්ට් ක⁣රගෙන යන්න..

Anandhi-starrer 'White Rose' trailer | Tamil Movie News - Times of India

තවත් අලුත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..හැමෝටම,

ජය..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Kasun Widusha
    Cineru_users

    tnx sub ekata bro puluwannm mee 3 ta sub denda balanda
    Garuda Purana (2023) Kannada
    Krishnamma (2024) Telugu
    Shakhahaari (2024) Kannada

  3. Thanx bro
    THE FALL GUY ekatath sub denna balannko

  4. laKMal
    Cineru_users

    ස්තූතියි අංජුල සහෝ උපසිරැසියට…..
    ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login