The title of the page
When Life Gives You Tangerines (2025) E01 Sinhala Subtitles
When Life Gives You Tangerines (2025) E01 Sinhala Subtitles
9.2
92

When Life Gives You Tangerines (2025) E01 Sinhala Subtitles | ”aඕ ඒ සුන් සහ යන්ග් ග්වන්ග් ශික්” | සිංහල උපසිරැසි සමඟ

When life gives you tangerines

Information

Drama:When Life Gives You Tangerines.
Director:Kim Won-Suk
Writer:Im Sang-Choon
Network:Netflix
Episodes:16
Release Date:March 7 – 28, 2025
Runtime:Friday
Language:Korean
Country:South Korea

 

Cast – කාස්ට්

ලී ජී යුන් (Lee Ji Eun) ඕ ඒ සුන්/යන්ග් ගුම් ම්යොන් ලෙස

Lee ji eun එහෙමත් නැත්තම් IU කියන්නෙ දකුණු කොරියාවේ ඉතාම ජනප්‍රිය ගායිකාවක් වගේම රංගන ශිල්පිනියක්. නිතරම අපිට එයාව කතාමාලා තුලින් දකින්න හම්බවෙන්නෙ නැතිවුනාට එයා රඟපාන කතාමාලා සෑම එකක්ම පාහේ ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතාමත් ජනප්‍රිය Moon lovers, ඒ වගේම Hotel del luna, My mister වගේම කතාමාලා වල IU රග දක්වලා තියෙනවා.

පාර්ක් බො ගම් (Park bo gum) යන්ග් ග්වන්ග් ශික් ලෙස.

Love in the moonlight එකේ කුමාරයා, නැත්තම් reply 1988 එකේ තෙක්ව ඔයාලට අමතක වෙන්න විදිහක් නෑනෙ. ඒ චරිත නිරූපනය කරපු park bo gum තමා මේ කතාමාලාවේ යන්ග් ග්වන්ග් ශික් චරිතයේ තරුණ කාලෙට පනපොවන්නෙ. ඒ වගේම මේ දවස්වල විකාශනය වෙන Good boy කතාමාලාවෙත් bo gum රගදක්වනවා.

මුන් සු රි (Moon So ri) වැඩිහිටි ඕ ඒ සුන් ලෙස

ගොඩක් අය බලලා තියෙන legend of the blue sea කතාමාලාවේ ජින් ජූ මතකයි නේද? ඒ චරිතය නිරූපණය කරපු මුන් සූ රි තමා මේ කතාමාලාවේ වැඩිහිටි ඕ ඒ සුන්ව නිරූපණය කරන්නෙ. මීට අමතරව ඇය Hellbound 2, Queenmaker වගේ කතාමාලා වල වගේම චිත්‍රපටි රාශියකත් රඟදක්වලා තියෙනවා.

පාර්ක් හේ ජුන් (Park Hae joon) වැඩිහිටි යන්ග් ග්වන්ග් ශික් ලෙස

The world of married couple කතාමාලාවේ අපේ ඇගේ ලේ පුච්චපු ලී ටේ ඕ චරිතය අමතක වෙන්න විදිහක් නම් නෑ. ඒ චරිතයට පණ පොවපු park hae joon තමා ඊට හාත්පසින් වෙනස් වැඩිහිටි ග්වන්ග් ශික් චරිතය රගදක්වන්නෙ. මීට අමතරව Black out, The 8 show වගේ කතා වලටත් මොහු සහභාගී වෙලා තියෙනවා.

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

මේ කතාවේ ප්‍රධානම චරිත වෙන්නෙ ජේජූ දූපතේ 1950 ගණන් වල ඉපදුනු ඕ ඒ සුන් සහ යන්ග් ග්වන්ග් ශික්. ඕ ඒ සුන් කියන්නෙ ඉතාමත් දුෂ්කර ජිවිතයක් ගත කරපු, ආර්ථික අපහසුතා ඇති නමුත් ඉගෙනීමට ඉතා ආස කුඩා ගැහැණු ළමයෙක්. එතකොට යන්ග් ග්වන්ග් ශික් කියන්නෙ යමක් කමක් ඇති පවුලක ඉපදුනු නිශ්ශබ්ද, කඩිසර, වැඩි කතා බහක් නැති කුඩා පිරිමි ළමයෙක්. මේ දෙන්නාගෙ ජිවිත වටා තමා මේ කතාව ගෙතිලා තියෙන්නෙ.

1950 ගණන් වල කොරියානු සමාජය, ජේජූ දූපතේ ජිවිකාවන් මේ කතාවෙන් අපිට දැකගන්න හැකිවෙනවා. එතකොට දෙමව්පියන් දරුවන්ට ඇති අසීමත සෙනෙහස, කැපවීම, දරුවෙක් විදිහට දෙමව්පියන්ගෙ සිහින් වලට යෑම වගේ සමාජයේ සුලබව දකින්න හැකි දේවල් ඉතාමත්ම ආකර්ශනීය විදිහට මේ කතාමාලාවෙන් අපිට පෙන්වනවා. මේ කතාමාලාව සෑම කෙනෙක්ම නැරඹිය යුතු කතාමාලාවක් කියලා මම හිතනවා. තමන්ගෙ ජිවිතයේ යම් තැනකට අනිවාර්යයෙන්ම සමාන වෙන මෙම කථාමාලාව බලන්න කියලා ඔයාලා හැමෝටම මම ආරාධනා කරනවා.

මම,

චතුනිකා මංචනායක.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


201
Total Subtitles

3 comments

  1. Thank you ❤️
    Denakan bln hitiya drama ekk.
    The law and the city drama ekatath sub දෙන්න පුලුවන්නම්.

  2. Anee thank you soo much meke sub denawata. Kochchara asawenda hitiye meke sub denakal thank you so so much.🩷🩷🩷

  3. Buddhika laKMal
    Cineru_users

    පරක්කුවෙලා හරි මේ සීරිස්එකට සබ් දුන්නට ස්තූතියි සිස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login