Weapons (2025) Sinhala Subtitles
Weapons (2025) Sinhala Subtitles
6.8
94
80

Weapons (2025) Sinhala Subtitles | “ළමයි” | සිංහල උපසිරැසි සමඟ

(Weapons (2025) Sinhala Subtitles) (Weapons (2025) Sinhala Subtitle) (Weapons (2025) Sinhala Sub) (Weapons Sinhala Subtitles) (Weapons  Sinhala Subtitle) (Weapons Sinhala Sub)
කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අද ගෙනාවේ අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්. මේ අවුරුද්දේ නිකුත්වුණු සාර්ථකම හොරර් චිත්‍රපටි වලින් එකක්.

ඒ හැමෝගෙම කතාබහට ලක්වුණු Weapons (2025).

හැබැයි සාර්ථකම හොරර් චිත්‍රපටි වලින් එකක් කිව්වාම හිතන්න එපා අර සෑහෙන්න බය හිතෙන ජාතියේ චිත්‍රපටියක් කියලා. මේක වෙනම අත්දැකීමක් දෙන චිල් එකේ බලන්න පුලුවන් හොරර් චිත්‍රපටියක්. Horror/Mystery කාණ්ඩයට අයත්වන චිත්‍රපටියේ අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Zach Cregger. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 8යි. චිත්‍රපටය බෙදාහැරීම සිද්ධවුණේ Warner Bros. Pictures ආයතනය හරහා.
අධ්‍යක්ෂක Zack Cregger මීට කලිනුත් හොඳ හොරර් නිර්මාණයක් කරල තියෙනවා, ඒ Barbarian (2022). මේකට පෝල් තෝමස් ඇන්ඩර්සන් ගේ ‘Magnolia’ (1999) චිත්‍රපටයත් ආභාශයට ගත්තලු. නිර්මාණකරුවෙක් විදිහට Zach ලබපු ලොකු ජයග්‍රාහණයක් තමයි Netflix, New Line Cinema, TriStar Pictures සහ Universal Pictures වගේ දැවැන්ත නිෂ්පාදන සමාගම් අතරේ ච්ත්‍රපටයේ අයිතිය වෙනුවෙන් ලොකු මුදලකට ලොකු තරඟකාරීත්වයක් ඇතිවීම. අන්තිමේදී Warner Brosලගේ New Line Cinema තමයි ජයගත්තේ. කොහොමත් හොරර් චිත්‍රපට සම්බන්ධයෙන් දැවැන්ත ඉතිහාසයක් New Line Cinemaලට තියෙනවා.

Josh Brolin, Julia Garner, Alden Ehrenreich, Austin Abrams, Cary Christopher යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව පොඩ්ඩක් කියනවා නම් එකම ටවුමේ, එකම පාසලේ, එකම පන්ති කාමරයේ ළමයි 17 දෙනෙක්, එකම දවසේ, එකම වෙලාවක අතුරුදන් වෙනවා. මේක පන්තිභාර ගුරුතුමියට, පාසලට වගේම දෙමාපියන්ටත් ලොකු ප්‍රෙහෙලිකාවක්. ලොකූ ආන්දෝලනයක් ඇති කරනවා. ඕක තමයි ප්‍රධාන කොටස. කතාව මීට වඩා කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ.
ඊළඟට කතාව ඉස්සරහට ගෙනියන්නේ චරිතයෙන් චරිතයට. එතකොට එකම සිද්ධිය එක එක චරිත වල දෘටිකෝණයෙන් බලාගන්න අවස්ථාවක් අපිට ලැබෙනවා. ඒ ගලායෑම මරු. වෙනස් අත්දැකීමක් හොරර් චිත්‍රපටියකින් දැක්ක. ඉතින් කතා දෙකක් නෑ වසරේ හොඳම චිත්‍රපට අත්දැකීමක් තමා මේ.
ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න. ඔයාලට ජය.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


185
Total Subtitles

8 comments

  1. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. ගොඩක් ස්තූතියි හැමදාමත් වගේ කාටත් කලින් movie එක web එකට realise වුණ ගමන්ම සිංහල උපසිරැසි ලබා දුන්නාට. 🥰

  3. Kavindu Nethmina
    Cineru_users

    Sub ekata thanks bro

  4. අම්මෝ මේක නම් සුපිරිම movie එකක්. ඇත්තටම මට නම් මේ අවුරුද්දේ බලපු හොඳම movie එක.❤️
    මේ movie එක අර සම්ප්‍රදායික horror movies වලට වඩා හාත්පසින්ම වෙනස්, අලුත්ම විදියකට හිතලා හදපු movie එකක්. විශේෂයෙන් අර එක් එක් චරිත වල දෘෂ්ටිකෝණයන් වෙන වෙනම පෙන්වන එක එහෙම, movie එකකට අලුත්ම අත්දැකීමක්.🤩

    බලපු නැති අයටත් කියන්නේ මේ movie එක අනිවාර්යයෙන්ම හැමෝම බලන්න. කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් බලන්න පුළුවන් සුපිරිම movie එකක්.🤩

    ඒවගේම movie එක වෙබ් එකට ආපු ගමන්ම සිංහල උපසිරැසියත් ලබා දෙන්න මහන්සි වුණ “සුපුන් සහෝටත්” නැවතවරක් ස්තූති කරනවා.❤️
    සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා. 🙏

  5. ස්තූතියි සුපුන් සහෝ ආපුගමන්ම වගේ මේකට සිංහල උපසිරැසි හදල දුන්නට

  6. thanks …………….

  7. Thanks for the sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login