Watchmen (2019) S01 E01 Sinhala Subtitles|ආරම්භය|සිංහල උපසිරැසි සමග|

HBO නාළිකාව මඟින් නිෂ්පාදනය කරපු අලුත්ම කතා මාලාවක් තමයි Watchmen කියන්නේ. IMDb දර්ශකයේ 7 ක අගයකුත් Rotten Tomatoes හි 96% ක ප්‍රතිශතයකුත් ලබාගෙන තියන කතා මාලාවක් තමයි මේක. Watchmen කියන්නේ මොකක්ද කියලා සමහරු දන්නවත් ඇති නොදන්නවත් ඇති. දන්න අයටයි නොදන්න අයටයි පොඩි විස්තරයක් දෙන්න තමයි මේ හදන්නේ. Watchmen කියන්නේ 1986 දි එළිදැක්වුනු DC චිත්‍ර කතාවක්. Alan Moore කියන ප්‍රසිද්ධ කොමික් රචකයා තමයි මේක ලිව්වේ. 
Watchmen ලා කියන්නේ ඇමරිකාවේ 90 දශකයේ හිටපු සුපිරි වීරයින් කණ්ඩායමක්. මේකේ සාමාජිකයින් කීපයක්ම ඉන්නවා.
Dr.manhatten
මෙයාගේ ඇත්ත නම ජොනතන් ඔස්ටර්මන්. න්‍යශ්ටික භෞතික විද්‍යාඥයෙක් වුනු මෙයාට ලැබ් එකේදි වෙන හදිසි අනතුරකින් ජෝන්ගේ ශරීරය කොටස් වලට කැඩිලා ගිහින් නැවත සකස්වෙනවා. ඔන්න ඔහොම තමා මෑන්හැටන්ගේ උපත සිද්ධ වෙන්නේ. මෙයා තමයි Watchmen ලගේ බලවත්ම සාමාජිකයා. පදාර්ථය හැසිරවීම, අනු පරමාණු පාලනය, පියෑඹීම, ශරීර ප්‍රමාණය වෙනස් කිරීම හා මනසින් දේවල් පාලනය කිරීම වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්.
Comedian
ඇත්ත නම එඩ්වඩ් බ්ලේක්. සුපිරි බල නම් මුකුත් නෑ. හොඳට සටන් කරන්න පුලුවන් වගේම දක්ෂ වෙඩික්කරුවෙක්. හැබැයි ටිකක් දරුණු පොරක්. Watchmen චිත්‍ර කතාවේදී මෙයා මියයනවා.
Rorschach
මෙයාගේ ඇත්ත නම වොල්ටර් ජොසෆ් කෝවැක්. මෙයාටත් බ්ලේක්ට වගේම සුපිරි බල නම් නෑ. ඒත් වෝල්ටර් කියන්නේ දක්ෂ රහස් පරීක්ෂකයෙක්. අපරාධකරුවන්ට දඩුවම් කරද්දී ඒ අයව මරලත් තියනවා. Watchmen කොමික් එකේදි මොහු තමයි බ්ලේක් මරපු කෙනා කවුද කියලත් හොයාගන්නේ. නමුත් චිත්‍ර කතාව අවසානයේදි මොහු මියයනවා. මැරෙන්න කලින් තමන්ගේ සටහන් පොත ඔහු පත්තර කන්තෝරුවක් ළඟින් දාලා යනවා. මේ සටහන් පොත මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වුනාට පස්සේ තමයි watchmen කතා මාලාවේ අපිට දකින්න ලැබෙන Seventh Kalvary කියන අපරාධ සංවිධානය බිහිවෙන්නෙත්. මේ සටහන් පොතේ තියන දේවල් මූලික කරගෙන තමයි ඔවුන් ක්‍රියාකරන්නේ. ඒවගේම ඒ හැමකෙනෙක්ම Rorschach ගේ වෙස් මුහුණට සමාන වෙස් මුහුණක් දාගෙන ඉන්නවා.
Ozymandias
ඇත්ත නම ඒඩ්‍රියන් වයිඩ්ට්. ලෝකයේ ඉන්න බුද්ධිමත්ම මනුස්සයා කියලා තමයි මොහුව හඳුන්වන්නේ. තමන්ගේ ආයතනයක් ආරම්භ කරලා ගොඩක් ලොකු සල්ලිකාරයෙක් වෙනවා. දක්ෂ සටන්කරුවෙක්. ඇමරිකාව හා රුසියාව අතර ඇතිවෙන්න යන න්‍යශ්ටික යුද්ධය වැලැක්වීමේ අදහසින් නිව්යෝර්ක් නගරයේ මිනිස්සු මිලියන ගාණක් මරලා දානවා. watchmen කතා මාලාවෙත් මෙයාට අපිව දකින්න පුලුවන්. මුළු ලෝකේම අය ඒඩ්‍රියන් මැරිලා කියලා හිතන් හිටියත් ඔහු විශාල මන්දිරයක තමන්ගේ සේවකයිනුත් එක්ක ඉන්නවා අපිට බලාගන්න පුලුවන්.
Nite Owl
Nite Owl ලා දෙන්නෙක් හිටියත් watchmen ලත් එක්ක එකතු වෙන්නේ ඩැනියල් ඩ්‍රයිබර්ග් කියන දෙවෙනි Nite Owl. ගොඩක් දුරට මොහු බැට්මෑන් වගේ. මෙයත් බැට්මෑන් වගේම තාක්ෂණය භාවිත කරනවා. ඒ වගේම මොහුගේ ඇඳුමත් ගොඩක් දුරට බකමූණෙක් වගේ. watchmen කතා මාලාවේ මෙයාව දකින්න බැරිවුනත් මොහු අත්අඩංගුවට අරන් සිරගත කරලා තියනවා කියලා සඳහන් වෙනවා.
Silk Spectre
කලින් වගේම Silk Spectre ලත් දෙන්නෙතක් ඉන්නවා. පලවෙනියාගේ නම සැලී ජුපිටර්. එයාගෙන් පස්සේ Silk Spectre වෙන්නේ ඇයගේම දුව ලෝරී. ලෝරීගේ තාත්තා වෙන්නේ මම කලින් සඳහන් කරපු එඩ්වඩ් බ්ලේක් හෙවත් comedian. watchmen කතා මාලාවේදී අපිට මැයව ලෝරී බ්ලේක් කියන FBI ඒජන්ට් විදියට බලාගන්න පුලුවන්.
ඔන්න ඉතින් ඔය කට්ටිය තමයි Watchmen හි සාමාජිකයෝ වෙන්නේ. දැන් පොඩ්ඩක් හැරෙමු කතා මාලාව පැත්තට. ඊට කලින් තියනවා තව දෙයක් ඔයාලට කියන්න. ඔයගොල්ලෝ මේ කතා මාලාව බලන්න කලින් Zack Snyder අධ්‍යක්ෂණය කරපු Watchmen සිනමාපටය බලලා හිටියොත් ගොඩක් හොඳයි. මේ චිත්‍රපටය හදලා තියෙන්නේ Watchmen චිත්‍රකතාව ආශ්‍රය කරගෙන. ඒ නිසා මේක බැලුවා කියන්නේ මුලු කොමික් එකම කියෙව්වා වගේ තමයි. ඒවගේම මුලින් සිනමාපටය බලලා හිටියොත් ඔයාලට කතා මාලාවේ වෙන දේවල් තෙරුම්ගන්න එක ගොඩක් පහසුවෙයි. දැන් කතා මාලාව පැත්තට හැරුනොත් මේක නිර්මාණය කරන්නේ ඩේමන් ලින්ඩ්ලොෆ් විසින්. මෙයා චිත්‍රකතා රචකයෙක් වගේම ගොඩක් චිත්‍රපටි වල තිර රචකයෙක් විදියටත් කටයුතු කරලා තියනවා. අපි කවුරුත් දන්න Lost කතා මාලාවේ විධායක් නිෂ්පාදකවරයෙක් විදියට කටයුතු කරපු මොහු Star Trek හා Cowboys & Aliens වගේ සිනමාපට සඳහාත් තම දායකත්වය ලබාදීලා තියනවා. 
Watchmen චිත්‍රකතාවේ සිදුවීම් වලින් වසර 34 කට පස්සේ 2019 වර්ෂයේ වන සිදුවීම් ගොන්නක් තමයි මේ කතාංග 9කින් යුක්ත කතාමාලාව ඔස්සේ දිඟහැරෙන්නේ. මේකාලේ වෙනකොට පොලිසියේ අයත් සුපිරි වීරයෝ වගේ වෙස් මුහුණු පළදින්න අරන්. ඒ තමන්ගේම ආරක්ෂාවට. පොලිස් නිලධාරීන් කීප දෙනෙක් සුපිරි වීරයෝ වගේ ඇඳගෙන ඒ හා සමාන නමුත් දාගෙන ක්‍රියාත්මක වෙනවා. මේ කාලේ වෙනකොට කීන් පනත කියලා පනතක් මඟින් සුපිරි වීරයින්ව සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. කතා මාලාවේ මූලිකම වෙන්නේ Seventh Kalvary කියන ජාතිවාදී අපරාධ කල්ලිය හා පොලිසිය අතර ඇතිවන ගැටුම. මේ Seventh Kalvary එකට ඔිනවෙලා තියෙන්නේ ඇමරිකාවේ ඉන්න කළු ජාතිකයින්ව නැති කරලා දාලා අලුත් රටක් නිර්මාණය කරන්න. මේ අතරේ තවත් විශේෂ දේවල් ගණනාවකුත් සිද්ධවෙන්න ගන්නවා. ඔන්න ඔහොම තමයි කතා මාලාවේ ආරම්භය. එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකකට කතාවේ රසය වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නම් නෑ.මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය නිසා වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්. එහෙම වුනොත් සමාවෙන්න. සබ් එක අරන් නිකන්ම යන්නේ නැතුව පහලින් කමෙන්ට් එකකුත් හලාගෙනම යන්න.

Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEBRip පිටපත් සඳහා ගැලපේ

Watchmen (2019) S01 E01 Sinhala Subtitles

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

Published: November 19, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් දිනිත් කුමුදික සොයුරන්ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

 

8 comments

  1. මේකට කවුරුහරි සබ් එක දෙනකන් බලන් හිටියෙ බ්‍රෝ 😊 බොහොම ස්තුතියි සබ් එකට 👊 අතරමඟ නවත්තන්නෙ නැතුව දිගටම Watchmen එකට සබ් දෙන්න බ්‍රෝ ඈ 😊 දැනට 5වෙනි episode එකත් ඇවිල්ලනෙ ඉතුරු episode ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න..
    පුළුවන් නම් Supergirl season 05 එකටත් සබ් දෙනවද බ්‍රෝ 😊
    ජය වේවා.!

  2. එල බන්….දිගටම සබ් දියන්

  3. NIyamai mahttayo.wade fatta, digatama krn yn.

  4. Thank you for subtitles

  5. me series ekata sinhala sub kawruwath dunne nethuwa thibbe bn. thanks digatama sinhala sub genen mekata puluwan tharam ikanata den epi 5kuth awane.

  6. thanks for sub bro

  7. Thanks bro sub ekata
    Dan episodes 7k avilla iwarai
    ithuru episodes 6ta ikmanata sub tika diyanko bn 🙏
    Dan sathi dekakuth wadi 1st epiya deela

  8. Thanks broo anik ewageth sub tika diyanko….
    wede digtm krn ymn good luck broo..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *