Until Dawn (2025) Sinhala Subtitles(Until Dawn (2025) Sinhala Subtitles) (Until Dawn (2025) Sinhala Subtitle) (Until Dawn (2025) Sinhala Sub)
මේ අවුරුද්දේ එළියට ආපු තවත් විශිෂ්ට ගණයේ Horror සලරුවක් තමයි “Untill Dawn” කියන්නේ.. Horror සහ Survival කියන ශානරයන් දෙකට අයත් වෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය පැයකුත් මිනිත්තු 43 ක් වෙනවා.. IMDb 5.8 ක අගයක් වගේම කුණු තක්කාලි 52% ක අගයකුත් ලබාගෙන තියෙන මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David F. Sandberg විසින්. Sony Pictures ලගේ බෙදාහැරීමෙන් තමා මේ චිත්‍රපටය ලොවපුරා විකාශය වෙන්න ගත්තේ.
කතාව පැත්තට ගියාම Genre එකෙන්ම තේරෙන විදිහට යාළුවෝ කීපදෙනෙක් ජීවිතේ බේරගන්න දරන උත්සාහයක් තමා මේකෙන් විස්තර වෙන්නේ.. ක්ලෝවර්, නැනී, මේගන්, මැක්ස් සහ ඒබ් කියන්නේ හොඳම යාළුවෝ සෙට් එකක්.. මෙතනින් ක්ලෝවර් කියන කෙනාගේ නංගි අතුරුදහන් වෙලා.. මෙයාලා ගමනක් ගිහින් එහෙමම ක්ලෝවර්ගේ නංගි’ එහෙමත් නැත්තම් මෙලනි කියන කෙනාව හොයන්න යම් තැනකට එනවා.. එතන ගෑස් ස්ටේෂන් එකක්.. ක්ලෝවර් එතන ඉන්න කෙනාගෙන් දැනගන්නවා තමන්ගේ නංගි විතරක් නෙමේ තව ගොඩාක් අය යම්කිසි නිම්නයකට ගියාම එතනින් එහාට අතුරුදහන් වෙනවා කියලා.. මෙයාලා මේ නිම්නය හොයාගෙන යනවා.. එතන තියෙනව එක ගෙදරක්.. මේ ගෙදර ඇතුලේ තමයි හැමදෙයක්ම සිද්ධවෙන්නේ.. මෙයාලට නොසිතූ දේවල් ගොඩකට මෙහෙදි මූණ දෙන්න වෙනවා..
තව විශේෂ දෙයක් තමයි මේ ගෙදර ඇතුළෙදි මේ කිසිම කෙනෙක් එකපාර මැරෙන්නේ නෑ.. කීප වතාවක් වද දීලා දීලා තමයි මරවන්නේ.. කොටින්ම කීවොත් මේ අයට බේරෙන්න අවස්ථාවන් තමයි මේ දෙන්නේ.. ඉතින් මේ යාළුවොන්ට මේ අවස්ථාවන් වලදි තම තමන්ගේ ජීවිත බේරගන්න පුළුවන් වෙයිද? නැත්තම් සදහටම මැරෙන්න වෙයිද? මෙලනිව හොයාගන්න පුළුවන් වෙයිද? කවුද මේ හැමදෙයක්ම පිටිපස්සේ ඉන්නේ? වගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලිහාගෙන යන්න පුළුවන් මේ චිත්‍රපටය බලන ගමන්ම..
ඉතින් ක්ලෝවර් චරිතයට Ella Rubin, මෙලනිගේ චරිතයට Mala Mitchell, ඒබ් ගේ චරිතයට Belmont Camell, මැක්ස් ගේ චරිතයට Michael Cimino, මේගන් චරිතයට Ji Young Yoo වගේම නීනා චරිතයට Odessa A’zion රංගනයෙන් දායක වෙනවා..
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක පවුලේ සැමට එකට බලන්න පුළුවන් චිත්‍රපටයක්.. Violence දර්ශන අන්තර්ගත වුණාට Nude සීන් එහෙම මොකුත් නෑ.. මම පුළුවන් තරම් භාෂාව බාල කරලා සබ් හදලා තියෙන්නේ හැමෝටම රසවිඳින්න පුළුවන් වෙන්න.. එහෙනම් බලලා විනෝද වෙන්න, මං ගිහින් එන්නම්..
ජය වේවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
පවුලේ සැමට බලන්න පුළුවන්ද බැරිද කියලා කියන එක නම් ගොඩක් වටිනවා ගොඩක් වටිනවා 🙏 ස්තුතියි උපසිරැසියට👍සිනෙරූ කණ්ඩායමට ජය 💪♥️
බොහෝම ස්තූතියි උපසිරැසිය දීපු කෙනාට
ලිපියේ අවසානයට කතාව පවුලේ සැමට එකට බලන්න පුලුවන්ද බැරිද, nude සීන් තියෙනවද නැද්ද වගේ දෙවල් කියනවට මාරම ස්තුති…🙏💪❤️😬 ඕක නැත්තන් දන් නැතුව ගෙදර උන් එක්කලා බලලා චාටර් කන අවස්ථා එමටයි 😁😁😁😆🤏🤏💀💀💀
හැම උපසිරැසියකටම එක Add කරානම් මාරම හොඳයි 👍💪❤️🙏🙏 Cineru.lk thank you 😊 ♥️
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
Supiri brother 👍🖤
Thanks sub ekata