මගේ පලවෙනි උපසිරැසිය විදිහට මම ඔයාලට අරගෙන ආවේ මෑතකදි Netflix හරහා නිකුත් වෙච්ච නවීන ලෝකය ගැන කියවෙන චිත්‍රපටයක්. කතාව වෙන්නේ මෙහෙමයි මිනිස්සු අධික විදිහට ෆොසිල ඉන්ධන මත යැපිලම ලෝකය සෑහෙන්න විනාශ වෙනවා. පස්සෙ මෙහෙම විනාශ වෙලා ඉතුරු වුණ ටික බේරගන්න විකල්පයක් හොයන්න කියලා විද්‍යාඥයන් කීප දෙනෙක්ට පැවරෙනවා. විකල්පෙ තමයි නවතම පුනර්ජනනනීය බල ප්‍රභවයක්. එයාල කියන විදිහට ඒක දූෂිත සහ පරිසරයට අහිතකර නෑ. ඒත් පරිසරය බේරගත්තට වැඩක් නෑනෙ මනුස්ස ස්වභායව වෙනස් නොකර. මොකද මිනිස්සු කියන්නෙ ලද දෙයින් සතුටු වෙන ජාතියක් නෙමේනෙ එයාලට ඉහලටම යන්න ඕනෙ, ඒකයි අරමුණ. ඔන්න ඒකටත් අර විද්‍යාඥයන් විප්ලවීය වෙනසක් හොයාගන්නවා හැම කෙනෙක්ටම අවුරුදු 16 ලැබුවාම, එයාලව ලස්සන කරන පොහොසත් කරන සැත්කමක් කරන්න. එතකොට හැමෝම ලස්සන පොහොසත් වුණාම ගැටුම් ඇතිවෙන්නෑනේ. හැබැයි කට්ටියට 16 ලබන කල් එයාලව කොන් කරල තියෙන්නේ කැත අය කියලා හංවඩු ගහලා.
ඔහොම කැත කෙනෙක් තමා ටැලී කියන්නේ එයාගෙ සැත්කම කරනකල් බලන් ඉන්න. හැබැයි එයා හරිම අධිෂ්ඨානශීලී වගේම හිතුවක්කාරයි. එයාට දැනගන්න ලැබෙනවා ස්මෝක් කියලා කැරලිකාර පිරිසක් මෙයාලගෙ මේ ක්‍රමයට විරුද්දව වැඩ කරනව කියලා. එයාල ඉන්නෙ හැබැයි මේ දියුණු නගරෙ නෙවෙයි විනාශ වෙලා ඉතුරු වුණ ලෝකයේ(කැලෑවට වෙන්න). ඇයි මේ ස්මෝක් එක මෙච්චර පරිපූර්ණ ක්‍රමවේදයට කැරලි ගහන්නේ? මේ මෙයාලගෙ නගරෙ ක්‍රම වේදය කියන තරම් පරිපූර්ණද ? එයාල කියන ඔක්කොම ඇත්තද ? නැත්තම් මේ ස්මෝක් එක හදන්නේ මේ මිනිස්සුන්ගෙ ඔලුව වෙනස් කරලා නගරෙ බලය අතට ගන්නද ?
හරියටම මොකක්ද වෙන්නෙ කියලා බලාගන්න නම් ෆිල්ම් එක බලන්න වෙයි ඔයාලට. මේක ලාස්ට් ඔෆ් අස් වගේ විනාශ වුණ පරිසරයක වගේම නවීන තාක්ෂණයෙන් යුක්ත වටපිටාවක සම් මිශ්රනයකින් යුක්ත වුණ කතාවක්. ඉතිං මුල ඉදන් අගටම කට ඇරන් බලාගෙන ඉන්න පුළුවන් වෙයි ත්‍රාසය, ක්‍රියාදාම, විද්‍යා ප්රභන්දයන් එක්කම.
මේක නිකුත් වුණේ සැප්තැම්බර් 13 වෙනිදා Netflix හරහා. අධ්‍යක්ෂණය කරන්නේ McG විසින්. දන්නවනේ ඔහු ගැන Terminator Salvation, Charlie’s Angels, The Babysitter වගේ සුපිරිම ජනප්‍රිය වුණු චිත්‍රපට හැදුවේ එයා තමා. තව රංගනයෙන් එකතු වෙනවා The Kissing Booth චිත්‍රපට හරහා අවධානය දිනාගත් නිලි Joey King සහ මේ දවස් වල සෑහෙන ප්‍රසිද්ධියට පත් Outer banks ටීවී සීරිස් එකේ ජෝන් බීගෙ චරිතයට පන පොවන Chase Stokes. ඊට අමතරව Keith Powers, Brianne Tju, Jan Luis Castellanos, Charmie Lee, Laverne Cox වැනි අයත් මීට එකතු වෙනවා.
චිත්‍රපටය ගැන ඔච්චරයි මතක් කරන්න තියෙන්නේ. උඩ කිව්වා වගේ චිත්‍රපටයකට කැමති අය අනිවාරෙන් Download කරන් බලන්න පසුතැවෙන එකක් නම් නෑ ඒ ගැන සහ මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම, නිවැරදිව සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට සිංහලට පරිවර්තනය කරලයි තියෙන්නේ ඒ නිසා අරන් බලලා හොඳ නරක ගැන කොමෙන්ට් එකකුත් දාගෙනම යන්න. ඒ වගේම සිනෙරූ උපසිරැසි කන්ඩායමටත් මම ස්තූතියි කරනවා මට හොඳ චිත්‍රපටයක් තෝරා දීලා උපසිරැසියත් පල කළාට. හමුවෙමු ආයෙ.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
යෂ් කනංගම
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
September 20, 2024
පළමු උපසිරැසියට සුබ පැතුම් සහෝ.. ❤️💞
හ්තූතියි සහෝ උපසිරැසියට…
පළවෙනි සබට සුබපැතුම්
පළවෙනි උපසිරැසිට සුබ පැතුම් සහෝදරයා 🤝
Sub එකට තෑන්ක්ස්…please මට මේකේ ඇඩ්මින් කම දෙන්න පුලුවන්ද මම ආයි සබ් කරන්න පටන් ගන්න හදන්නේ හැමෝම වෝට් කරන්න කෝකද ඕනි කියලා
1 : jurrasic world chavos theory
2 : ozark series 1
3 : terminator animated series
comment 30 වැටෙනවනම් 3 ටම සබ් දෙනවා
සුබ පැතුම් පළමු උපසිරැසියට,🥰🥰🥰
Sub ekata thanks bro..digatama me wade karagena yanna
Thanks for the sub !!!!