ආයුබෝවන්! සැමදෙනාටම.. මේ මගේ පළමුවන සිංහල උපසිරැසි ගැන්වීම.මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන සමිත රමේෂ් සහෝදරයාටත්,යසිත් ප්රබෝධ සහෝදරයාටත්.
මේ මං ඔයාලට උපසිරැස අරගෙන ආවේ True Detective හි කොටස් අටකින් යුත් තෙවන කතා මාලාවේ පළමු කොටස.ඔයාලට මෙම කතා මාලාවේ සිට උනත් කිසිදු ප්රශ්නයකින් තොරව නැරබීමට අවස්ථාව තිබෙනවා මොකද,මෙහි කතාමාලා තුනක් ඇති නමුත් එකිනෙකට සම්බන්ධයක් නෑ.ඉතින් ඔයාලට ආරාධනා කරනවා මෙම කතා මාලාව රස විදීමට.
HBO නාලිකාව විසින් ඉදිරිපත් කරන True Detective කතාංගය IDMB 9/10 ලෙසත් Rotten Tomatoes 78% ලෙසත් ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා. Mahershala Ali , Carmen Ejogo , Stephen Dorff වැනි නළු,නිළියන්ගේ දායකත්වය මෙයට ලැබී තිබෙනවා.කතාව දෙසට හැරුනොතින්,
1980 හි එක් දිනයක විල් සහා ඔහුගේ සහෝදරිය වන ජූලි නම් දරුවන් දෙදෙනා තම පියාගේ අවසරයත් සමග සෙල්ලම් කරන්නට පිට්ටනියට යනවා. රැ වෙනතුරු ටොම් පර්සෙල් නම් ඔවුන්ගේ පියා බල සිටි නමුත් ළමයින් දෙදෙනා නැවත පැමිණියේ නැත. මෙම සිදුවිමෙන් පසු එම ප්රදේශයේ රැකියාවේ නිරතවන රහස්පරික්ෂක වරු දෙදෙනෙක් වන වේන් හෙයිස් සහා රෝලන්ඩ් වෙස්ට් වන දෙදෙනාට පොලිස් හදිසි සේවාවේන් ඇමතුමක් ලැබෙනවා මෙම සිදුවීම ගැන, ඉතින් මේ දෙදෙනා ට ඉන්පසු මෙම ළමයින් දෙදෙනා සොයා ගන්න පුළුවන් වෙයිද? මේ ළමයින් දෙදෙනා සොයා ගැනීමට මොනවගේ උත්සහයක් දැරිමට් සිදුවේවි ද යන්න දැනගැනීමට මෙම කතාංගය නැරබීමට ආරාධනා කර සිටිනවා. ඔබ සැමට සුභ දවසක් වේවා!
Due to copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ලක්ෂිත තිසර සොහොයුරට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
Sthuthi sahooo obata detective category tv series genawata ithuru ewath demu..
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට.. ඉතුරු episodes ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න ඈ 😊..
ජය වේවා.!