The title of the page
Tiger Nageswara Rao (2023) Sinhala Subtitles
Tiger Nageswara Rao (2023) Sinhala Subtitles
6
20
62

Tiger Nageswara Rao (2023) Sinhala Subtitles | “ඉන්දියාවේ ලොකුම හොරා” | සිංහල උපසිරැසි සමඟ

“ප්‍රශ්න කිව්වට කව්රුත් අහන්නේ නෑ.. අපිමයි ප්‍රශ්නය වෙන්න ඕනේ..”

ආයුබෝවන් ඉතින්…

2023 දී නිකුත් කරපු ෆිල්ම් එකකට උපසිරැසියක් සිනෙරු වලට ගෙන එන්න උත්සහ කිරීමේ අතුරු ප්‍රතිපලයක් තමයි මේ Tiger Nageswara Rao කියන තෙලිගු චිත්‍රපටය සොයාගන්න ලැබුනේ. ඉතින් මේ චිත්‍රපටයට උපසිරැසි හදන්න ඉඩ ප්‍රස්තාව ලබාදුන්නු අපේ සමිත අයියට ස්තුති කරන්න ඕනේ..

ඒකට කලින් තව පොඩි දෙයක් කියන්න ඕනේ. ඇත්තටම ඔයාලගෙන් මම සමාව ඉල්ලන්න ඕනේ මේක ගෙන එන්න බැරි වුනාට. මොකද කාර්යබහුලත්වයත් එක්ක තමයි ඉස්සරහට උපසිරැසි කරන්න වෙන්නේ. නමුත් මම උපරිම උත්සහ කරනවා හොද තත්ත්වයේ උපසිරැසියක් අරන් එන්න..

හරි එහෙනම් අපි කතාවට යමුකෝ..

Tiger Nageshwara Rao කියන්නේ Period / Action / Thriler ගණයට අයිති වෙන චිත්‍රපටයක්. (Period යනුවෙන් අදහස් වෙන්නේ ඉතිහාස කතා) 2023 ඔක්තෝම්බර් 20 වෙනිදා නිකුත් කරපු මේ ෆිල්ම් එක මුලදී විනාඩි 182ක කාලයක් ගතවුවත් මෙහි Cutted Version එකකුත් නිකුත් කරලා තියෙනවා ඒකේ කාලය විනාඩි 157ක්. මේකේ අධ්‍යක්ෂණය වම්සී විසින් කරන ලද්දක් වන අතරම සංගීත අධ්‍යක්ෂණය දෙමල සිනමාවේ සංගීත අධ්‍යක්ෂවරයෙක් වන G.V ප්‍රකාශ් කුමාර්ගෙන්. මෙහි නිෂ්පාදනය අභිෂේක් අග්‍රවාල් ගෙන්.

මෙය පෑන් ඉන්දියන් චිත්‍රපටයක් විදිහට තිරගත කෙරුණා. මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. මේ ෆිල්ම් එකේ රංගන ශිල්පින් ටෝලිවුඩ්, මොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ්, බෙංගාලි යන සිනමා කර්මාන්තයන් වල වැඩ කරන අය වීමයි.

ඒ අනුව

ටෝලිවුඩ් සිනමාවෙන්: රවී තේජා, මුරලි ශර්මා, රේණු දේසායි, චක්‍රපානි ආනන්ද්, සුර්යා (සූර්ය කුමාර් භාගවන්දාස්)

මොලිවුඩ් සිනමාවෙන්: හරීෂ් පේරාඩි, සුදේව් නායර්

බොලිවුඩ් සිනමාවෙන්: අනුපම් කර්, ගයත්‍රී භාරද්වාජ්, නුපුර් සැනොන්

කොලිවුඩ් සිනමාවෙන්:ආදුකාලම් නරේන්, අනුකිර්ති වාස්, ප්‍රදීප් රාවත්, නසාර්

බෙංගාලි සිනමාවෙන්: ජිෂු සෙන්ගුප්තා

වගේ ගොඩක් අය රංගනයෙන් දායක වෙනවා.

රේටිං ගැන කතා කලොත් IMDB අගය 6.0/10කුත් ගුගල් පරිශීලක අගය 62% කුත් තියෙනවා.

OTT නිකුත් කරන්නේ Amazon Prime Video වලින්, 2023 නොවැම්බර් 17 වෙනිදා .

කතාව මෙහෙමයි. මේකේ ඇත්ත ජීවිතේ ගැන ලොකුවට කියවෙන්නේ නෑ. මොකද ඇත්ත කතාව සහමුලින්ම වෙනස්. මේ ෆිල්ම් එකේ තියෙන සමහරක් සිද්ධි ගොඩක් දුරට එයාගේ අතීත කතාවේ තියෙන සිද්ධවෙච්ච සිදුවීම් වලට සමානයි. ඒපමණක් නොව මේ ෆිල්ම් එකේ ඉන්න ටයිගර් නාගේශ්වර්ගේ චරිතය අළු චරිතයක්. එයට හේතුව මෙය සිනමා නිර්මාණාත්මක නිදහස හේතුවෙන් නිර්මාණය කරන ලද්දක් වීමයි.

ඒ නිසා මම ලොකුවට කියන්න යන්නේ නෑ.. ඔයාලම බලන්නකෝ ෆිල්ම් එක.. ඔයාලටම තේරෙයි.


(නාගේශ්වර් රාඕ ගේ සැබෑ රූපය)

සත්‍ය කතාව:

මේ ලිපිය දැනට මාස කිහිපයකට කලින් මගේ අතින් ෆේස්බුක් සමුහයකට ලියපු එකක්. ඉතින් ඔයාලට ඔහු ගැන සරල විස්තරයක් මම ගෙන එන්න උත්සහ කරපු එකේ ප්‍රතිපලය තමයි මේ ලිපියෙන් පෙන්වන්නේ.

ජීවිතය:
ඔහු ඉපදුනේ ස්ටුවර්ටිපුරමි වල. ස්ටුවර්ටිපුරමි කියන්නේ පොඩි ගමිමානයක්. එය පිහිටා තියෙන්නේ බාපාටලා ලග, ආන්ද්‍රා වල. ඔහුගේ කුඩා කාලය ගැනවත් ලොකු සදහනක් නැතත් ඔහු පවසා තිබුණා ඔහු දුප්පත් පවුලකින් පැවත ගෙන ආ බවත්, තමන්ගේ පවුලට උදවු කිරිමට සිදු වුණු නිසා පාසල් ගමන අතරමග නැවතුණු බව.

ගමිමානයේ දුප්පත්කම වැඩි වීම නිසා නාගි(නාගේෂ්වරා රාඕට කියන තවත් නමක්.) සොරකමි වලට පුරැදු වුණා. පොඩි දේවල් වලින් සොරකමි කරන්න පටන් ගත්තු ඔහුගේ ජීවිතය අවසානයේ බැංකු මංකොල්ල කෑමි, ආභරණ සොරකමි කිරිමට තරමි දක්ෂයෙක් වුණා.
රස්සාවක් හොයාගන්න තරැණ කොල්ලෝ කෙල්ලො Application පුරවරලා රජයට යවද්දි රජයෙන් ඒ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනවා. ඇත්තටම ඒකට හේතුව එයාලා සදහන් කරලා තියෙන්නේ එයාලා ජීවත්වෙන්නේ ස්ටුවර්ටිපුරමි නිසා.

නමුත් ඒ තත්ත්වය වෙනස් කරන්න ලොකුම බලපෑමක් එල්ල කලේ නාගි.
ඔහුගේ අපරාධමය ක්‍රියාකාරකම් නිසාම ස්ටුවර්ටිපුරමි මිනිස්සු ඔහුට ස්ටුවර්ටිපුරමි හි රොබින් හුඩි කියලා නමකුත් පටබැදිලා තිබිබා.

පොලිසියට පේන්න බැරිම අපරාධකරුවන් අතර නාගි තරමි අපරාධකාරයෙක් නැති තරමි. ඔහුව බන්ධනාගාර ගත කලේ 1980ට කලින්. නාගිට හොදින් උස පනින්න පුළුවන්. හොදම උදාහරණයක් තමයි බන්ධනාගාරයේ අඩි 14ක් උස තාප්පයකින් පැනලා යන සිද්ධිය. පසුකලෙක ඔහු කල අපරාධ නිසා පොලිස් කණ්ඩායමක් එන්කවුන්ටිං ක්‍රමයෙන් ඔහුට වෙඩි තබා ඝාතනය කරන්න උත්සහ කලත් අවසානයේ පොලිසිය අතර ගැටුමකින් ඔහු මිය යනවා.

ඒ 1987 දී.ඇත්තටම ඉන්දියාවේ දෙවැනි ඉහලම තැන වුණු අගමැති ලගට යන්න තරමිම බලයක් එයාට තිබුණා. ඒ නිසාම අගමැතිවරයා ඔහුව ස්ටුවර්ටිපුරමි ගමිමානයේ ගැලවුම් කරැවා කියලත් නමි කලා.

2. අපරාධකාරී ජීවිතය.
නාගි ඉගෙන නොගත්තත් ඉතා බුද්ධිමත් පුද්ගලයකු බව සදහන් වෙනවා. ඒ ඔහුටම ආවෙිණික වුණු රොබින් හුඩි ශෛලියේ උපක්‍රම භාවිතා කරමින්. ඔහු සොරකමි කරන්නේ පොහොසත් අයගෙන්. එහෙම සොරකමි කරපු බඩු දුප්පත් මිනිස්සුන්ට ලබා දෙනවා.
ඔහුගේ අපරාධ ජාලය පාලනය කලේ ස්ටුවර්ටිපුරමි සිට.
ඔහුටම කියලා කල්ලියක් ඉන්නවා මෙි අපරාධවලට සහයෝගය ලබාදෙන. ඔවුන් නාගි වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවාලු. ඒ තරමිම ඔවුන් නාගිට පක්ෂපාති පිරිසක්.
ඔහුගේ අපරාධයක් ගැන කතා කලොත් ව්‍යාපාරිකයින් සහ දේශපාලකයින් පැහැරගෙන කප්පම් ඉල්ලන එක එක්තරා නිදසුනක්.
මෙන්න මෙි හේතුන් නිසා ගමෙි මිනිස්සු ඔහුව හැදින්වුවෙි ස්ටුවර්ටිපුරමි හි ගැලවුම් කරැවා කියලා.ඔයාලගේ අදහස් වගේම අඩුපාඩු කොමෙන්ටුවකින් දාන්න අමතක කරන්න එපා.තවත් ෆිලුමකින් ආයේ හමුවෙමු..
එතකම් සුබ දවසක් !
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඕෂද එරංග

May 24, 2024


10
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි එරංග ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. ඇක්ට් කරන නලුවා නිලිය අනුව ෆිල්ම් හොයාගන්නත් දැම්මනම් තව ලේසියි එහෙම පුලුවන්නම් කරමුනේද

  3. Kasun Widusha
    Cineru_users

    The Birthday boy 2024 theligu
    Kerosen2022 theligu puluwannm sub karanda bro 2 ma crime thriller

  4. Oshada Eranga
    Cineru Family Member

    කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි ❤️🫶

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login