කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. සුපුරුදු විදිහට කැම් පිටපතට උපසිරසි කරපු නිසායි මේ ඉක්මනට දෙන්න පුලුවන් වුණේ.
ඒ වගේම මේක Marvel රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන, මෑතකදී ආව හොඳම ෆිල්ම් එකක්!

ප්‍රධාන නළු නිළි පිරිස සහ ඔවුන්ගේ චරිත:
• Florence Pugh – Yelena Belova (යෙලේනා බෙලෝවා)
• Sebastian Stan – Bucky Barnes / Winter Soldier (බකී බාන්ස් / වින්ටර් සෝල්ජර්)
• Julia Louis-Dreyfus – alentina Allegra de Fontaine (වැලන්ටිනා ඇලෙග්රා ද ෆොන්ටේන්)
• Lewis Pullman – Robert Reynolds / Sentry (රොබට් රෙනෝල්ඩ්ස් / සෙන්ට්‍රි)
• David Harbour – Alexei Shostakov / Red Guardian (ඇලෙක්සි ෂොස්ටකොව් / රෙඩ් ගාඩියන්)
• Wyatt Russell – John Walker / U.S. Agent (ජෝන් වෝකර් / යූ.එස්. ඒජන්ට්)
• Hannah John-Kamen – Ava Starr / Ghost (ඒවා ස්ටාර් / ගෝස්ට්)
• Olga Kurylenko – Antonia Dreykov / Taskmaster (ඇන්ටෝනියා ඩ්‍රේකොව් / ටාස්ක්මාස්ටර්)
• Geraldine Viswanathan – Mel (මෙල්)
අපි මෙච්චර කල් MCU එකේ දැකපු, සමහර වෙලාවට වීරයන්ටත් වඩා අපේ හිත් දිනාගත්ත, ඒත් ටිකක් විතර ‘අවුල්’ චරිත කීප දෙනෙක් එකට එකතු වෙලා වැඩ කරනවා දකින එක නම් පිස්සු හැදෙන අත්දැකීමක් වේවි කියලා හිතෙනවා. යෙලේනාගේ ඒ තීක්ෂණ බුද්ධියත්, බකීගේ අමිහිරි අතීතයත්, රෙඩ් ගාඩියන්ගේ පරණ වීරකම් මතකයන් වගේම, ජෝන් වෝකර්ගේ තවමත් ඉවර නැති කෝපයත් එකට එකතු වුණාම මොන වගේ දෙයක් නිර්මාණය වෙයිද?
එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 14, 2020
ස්තූතියි සුපුන් අයියේ සබ් එකට
adarei sudda
ස්තූතියි සුපුන් සහෝ උපසිරැසියට
Thank You !!