(Thudarum (2025) Sinhala Subtitles) (Thudarum (2025) Sinhala Subtitle) (Thudarum (2025) Sinhala Sub)
හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා
අදත් මම අරගෙන එන්නෙ අප්‍රේල් 25 වෙනිදා කේරලයේ සිනමාශාලා වලට නිකුත් උන අලුත්ම බෝම්බයත් අරගෙන , වාර්ථා බිඳදමමින් තිරගත වන මෝහන්ලාල්ගෙ අලුත්ම ෆිල්ම් එක THUDARUM සමගින්
හුග කාලෙකට පස්සෙ මෝහන්ලාල් සහ ශෝබනා එකම ෆිල්ම් එකක ආයෙත් , චිත්‍රපටිය අධ්‍යක්ශණය කරන්නෙ තරුන් මූර්ති , මිනිහා මතක ඇතිනෙ SAUDI VELLAKKA , OPERATION JAVA ෆිල්ම් එහෙම බැලුවනම් , ඒවත් හුගක් සාර්ථක උන ෆිල්ම් , ඉතින් මෝහන්ලාල් වෙනුවෙන්ම මිනිහා හදපු සුපිරි ෆිල්ම් එකක් තමයි මේක , සුපිරි ෆෑන් බෝයි ෆිල්ම් එකක් හින්දා මිනිහා මෝහන්ලාල්ට දෙන්න තියෙන සුපිරි ම වටිනාකම දීලා තියෙනවා , ඒ වගේම ෆිල්ම් එකේ මෝහන්ලාල් රගපෑ බොහෝ ෆිල්ම් වල දෙබස් ඇතුලත් වෙලත් තියෙනවා , මට මතක් වෙන දෙබස් අයිති ෆිල්ම් වල නම් මම ෆිල්ම් එකේ රසවින්දනය වැඩිවෙන්නත් එක්ක උපසිරැසියට එකතු කරා , මොකද ඒ දෙබස් තිබ්බ තැන් වල තමයි මලයාලි රසිකයො වැඩිපුරම හිනාවුනේ
ඒ වගේම කියන්න ඕන මේ ෆිල්ම් එකේ ආදායම ගැන , මේ චිත්‍රපටියෙ ආදායම කෝටි 232 ක් පමණ , ඒ වගේම කේරලේ පමණක් දින 34 කින් කෝටි 118 ක් විතර කේරලයෙ විතරක් පලවෙනි කෝටි 100 හොයපු ෆිල්ම් එක , ඒ වගේම කෝටියකට ආසන්න පිරිසක් ෆිල්ම් එක බලලා කියලා තමයි ආරංචිය
නලු නිලියො ගැන කියනවනම් මෝහන්ලාල් , ශෝබනා , බිනී පප්පු , ප්‍රකාශ් වර්මා , තෝමස් මැතිව් , ෆර්හාන් ෆාසිල් වැනි නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා , ෆිල්ම් එකේ ධාවන කාලය පැය 2 විනාඩි 45 ක් පමණ , මේ වෙද්දි IMDb අගය 9.5/10 , ඒ වගේම THRILLER , DRAMA කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නෙ
කතාව ගැන පොඩ්ඩක් කියනවනම් කේරලේ පත්තනම් තිට්ටා දිස්ත්‍රික්කයේ රාන්නි කියන ප්‍රදේශයේ ඉන්නවා බෙන්ස් කියලා කෙනෙක් ,නැත්නම් ශංමුගම් (මෝහන්ලාල්)මිනිහා කුලී රත රියදුරෙක් , තමන්ගෙ කලු ඇම්බැස්ඩර් කාරෙකට පණ වගේ ලව් , පට්ට පාඩුවෙ තමන්ගෙ පවුල එක්ක සතුටින් ජීවත් වෙනවා , දවසක් මිනිහා ගෙ වාහනේ ගරාජ් එකට දාලා ගමනක් ගිහින් එද්දි වාහනේ පොලිසියට අරන් ගිහින් , ගරාජ් එකේ කොල්ලා වාහනෙන් ගංජා ඇඳලා , පලවෙනි අර්ධය පට්ට පාඩුවෙ ආතල් එකේ ගෙවී යනවා , මිනිහා වාහනේ බේරගන්න හෙන ගේමක් දෙනවා , ඔන්න මෙතන ඉඳන් තමයි සෙල්ලම වෙනස් වෙන්නෙ …… මීට වඩා කියලා තේරුමක් නෑ , ඔයාලට බාරයි
ෆිල්ම් එක ඉක්මනට ඉවරකරගන්න ටයිම් ලයින් ගහලා සප් එක දීපූ ඉඳුවර නිසල් සහෝදරයාටත් ස්තූති කරමින් තවත් අලුත් උපසිරැසියක් අරන් එන්නම් කියමින් අදට සමුගන්නවා , ආයෙ දවසක හමුවෙමු
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

රොෂේන් මලින්ද
July 29, 2022
41
Total Subtitles
ගැම්මක් අයියේ 😍
Thanks acho………Thanks….
ස්තූථියි රොෂේන් සහෝටයි ඉදුවර සහෝටයි මේකට සිංහල සබ් දුන්නට…
ඔරිජිනල් ආපුහම අප්ඩේට් එකක් ඕනේ මචං…
අම්මෝ මේක නොබලන දෑස් කුමටද? පිස්සු කොර වෙනවා..
Original copy ekada me tiyenne dn
ow
Original apuwahama update ekak denna brother
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H
thanks bro
Gemmak tamai… Jaya weewaa… ❤️❤️❤️❤️❤️❤️
Mad Square 2025 machan me movie ekata sub dipanko
Thanks for the sub!!!
අප්ඩේට් එකට තෑන්ක්ස් මචංලා……