6.6
73
94

The Witch: Part 2. The Other One (2022) Sinhala Subtitles | ” තවත් මායාකාර කෙල්ලෙක් ” | සිංහල උපසිරැසි සමඟ

(The Witch : Part 2. The Other One (2022) Sinhala Subtitle) (The Witch Part 2 The Other One Sinhala Subtitle) (The Witch Part 2 Sinhala Subtitle) (The Witch 2 Sinhala Subtitle) (The Witch: Part 2. The Other One Sinhala Subtitle)

ආයුබෝවන් හැමෝටම !

අලුත්ම කොරියානු Sci-FI / Action චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම වෙබ් අඩවියට ගොඩ උනේ.මේ චිත්‍රපටිය 2018 වර්ෂයේ නිකුත් උනු The Witch Part 01 : The Subversion කියන චිත්‍රපටියට අදාලව එන චිත්‍රපටියක්.ඉතින් ඒකේ කතාව ඉවර උනු තැනින් නෙමේ මේකනම් පටන් ගන්නෙ.ඒ හින්දා කෙලින්ම මේක බැලුවට ලොකු අව්ලක් වෙන්නෑ.නමුත් ඒකත් අරගෙන බලන්න නොබලපු අය.සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක් ඒකත්.ඉතින් මේ ෆිල්ම් සෙට් එක එහෙම පිලිවෙලට යන්න තිබුනත් පලවෙනි ෆිල්ම් එක කරපු WB ලා කොරියාවෙ තමන් කරන්න ඉන්න සියලුම ෆිල්ම් නවත්තපු එකෙන් තමයි මේ විදියට දෙවනි ෆිල්ම් එක වෙනස් විදියට එන්න උනේ.

Park Hoon Jung විසින් අධ්‍යක්ෂණය කල මෙය කොරියානු සිනමාවේ වාර්තා අලුත් කරපු ෆිල්ම් එකක් විදියට හඳුන්වන්න පුලුවන්.2022 ජුනි 15 තමයි මේක සිනමාවට නිකුත් උනේ.බොක්ස් ඔෆිස් හි ඇමරිකානු ඩොලර් මිලියන 22 කට අධික ආදායමක් උපයන්න මේ ෆිල්ම් එකට හැකි උනා.ඒ වගේම නැරඹුම් සංඛ්‍යාව මිලියන 2.78 ඉක්මවා ගියා.මෙය සැලකෙන්නෙ එම සීමාවන් දෙකට ලගාවුනු දෙවන කොරියන් චිත්‍රපටිය ලෙසයි.

ඉතින් Cast එක ගත්තම වෙනස්කම් කීපයක්ම තියෙනව මොකද මම කලින් කිව්ව වගේ පලවෙනි එකේ ස්ටෝරියම මේකෙන් Continue වෙන්නෙ නැති නිසා.නමුත් මේකේ අවසානෙන් ඒ පිලිබඳ තියෙන සම්බන්ධතාවය ඔයාට වැටහෙයි.ඉතින් මේ ෆිල්ම් එකෙ ප්‍රධාන චරිතය කරන්නෙ Shin Si Ah විසින්.ඊට අමතරව Jo Min-su , Park Eun-bin , Seo Eun-soo , Sung Yoo-bin , Jin Goo යන අයත් රංගනයෙන් එක් වෙනවා.

කතාව පැත්තට ගියොත්.කතාව ආරම්භයේදී ගැහැනු ළමයෙක් ලැබ් එකකින් පිටතට එනවා.ඒ ලැබ් එකට උනු පහරදීමක් එක්ක තමයි මෙයාට එතනින් පැනගන්න ලැබෙන්නෙ.ඒ වෙලාවෙ ඊලගට එයාව පැහැරගෙන යන කාන්තාවක් අරගෙන යන වාහනේකට දාගන්නවා.ඉතින් මේ ගෑනු ළමයා පරීක්ෂණ වලට භාජනය කරපු විෂේශ හැකියාවන් තියෙන කෙනෙක් නිසා පැහැර ගන්න සෙට් එකට භයානක සිද්ධියකට මුහුණ දෙන්න සිද්ද වෙනවා.

ඔය විදියට තමා කතාව පටන් ගන්නෙ.ඉතින් තව ගොඩක් දේවල් තියෙනවා ඉස්සරහට.ඒ වගේම පලවෙනි ෆිල්ම් එකටත් යම් දේවල් පැහැදිලි වෙන්නෙ මේ ෆිල්ම් එක හරහා.ඉතින් ඒකත් නොබලපු අය බලන්න.මොකද මේ අවසානය නෙමේ.තව ෆිල්ම් කීපයක්ම මේකෙ නිකුත් වෙන්න නියමිතයි.තව දෙයක් කියන්න ඕන මේ ෆිල්ම් එක එක්ක ඉංග්‍රීසි සබ් එකක් නිකුත් උනේ නෑ.පස්සෙ චයිනිස් සබ් එකකින් ට්‍රාන්ස්ලේට් කරපු ඉංග්‍රීසි එකක් තමා සෙට් උනෙ.ඉතින් ඒකෙ අඩුපාඩුත් හදල තමයි ඔයාලට සබ් එක ගෙනාවෙ.මොනාහරි අඩුපාඩු මගෙන් වෙලා තියේනම් සොරි වෙන්න.ගිහින් එන්නම් එහෙනම්

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |4893|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


265
Total Subtitles

14 comments

  1. Prageeth Chamalka

    onna oka enakan patta kaalayak balam hitiya..apu gamanma sub ekath deepu ekanan maara widiyata watinawa saho…bohoma sthuthiyi…jaya wewa

  2. Chathura lakshan

    Enakam hitiye thanks bosaa ❤️❤️❤️❤️❤️❤️❤️

  3. Thanks Saho

  4. part 1 eke link eka dannako hoyaganna bane….. meka part 2 neda

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. එනකම් බලාගෙන හිටිය ෆිල්ම් එකක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට .

  7. Ane ohommama GIRL ON A BULLDOZER korean film 1tath sub dennko..

  8. Thank you 💜️💐

  9. Thank youu

  10. අඩේ මේක wb ලම කරානම් මොකද පලවෙනි එක පට්ට 😍 මේකත් හොඳ ඇති අඩේ තැන්ක් යූ බ්‍රදර් සබ් එකට ❤️

  11. Buddhika laKMal

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.s

  12. muchas grazias hermano….

  13. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *