The title of the page
The Wheel of Time (2021) S03E01 Sinhala Subtitles
The Wheel of Time (2021) S03E01 Sinhala Subtitles
7.2
88
69

The Wheel of Time (2021) S03E01 Sinhala Subtitles | “සෙවණැල්ලේ ආධිපත්‍යය වෙනුවෙන්…” | සිංහල උපසිරැසි සමඟ

සුබ දවසක් හැමෝටම! අද අරන් ආවෙ The Wheel of Time කතා මාලාවේ තුන්වෙනි සීසන් එක. පළවෙනි සීසන් දෙක බලලා නැත්තන් ඒවත් බලලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේක Fantasy ග්‍රන්ථ මාලාවක් පදනම් කරගෙන නිර්මාණය වුණ සීරීස් එකක් නිසා මේ ගැන හොඳ අවබෝධයක් ගන්න නම් පළවෙනි සීසන් දෙකේ නිපුණ රමේෂ් සහෝදරයාගේ ලිපි කියවන එක කතාව බලාගෙන යද්දි ලොකු උදව්වක් වේවි.

එහෙනම් යමු තුන්වෙනි සීසන් එක පැත්තට.

තුන්වෙනි සීසන් එක Amazon Prime ඔස්සේ නිකුත් වුනේ 2025 වසරේ මාර්තු 13 වෙනිදා, කළින් වගේම කතාංග අටකින් සමන්විතවයි. පළමු සහ දෙවෙනි සීසන් වලින් මුල් ග්‍රන්ථ තුන ආවරණය වුනා වගේ මේ සීසන් එකෙන් හතරවෙනි ග්‍රන්ථය වන The Shadow Rising (1992) සහ පස්වෙනි ග්‍රන්ථය වන The Fires of Heaven (1993) ආවරණය වෙනවා.

පළවෙනි සීසන් එකත් එක්ක සංසන්දනයේදී ඊටපස්සෙ ආපු දෙවෙනි සහ තුන්වෙනි සීසන් සෑහෙන දුරට හැම පැත්තකින්ම දියුණු වෙලා තිබුනු හින්දා සැලකිය යුතු ප්‍රේක්ෂක පිරිසක් මේ කතා මාලාව වටා එකතු වුනත් Amazon Prime තීරණය කරලා තියෙනවා මේ සීසන් එකෙන් කතා මාලාව නවත්තලා දාන්න. 🙂🖐️ මුල් සීසන් දෙක බලපු අය නොඉවසිල්ලෙන් හිටපු සමහර දේවල් මේ සීසන් එකේ සිද්ධ වුනත් ඉතින් අසම්පූර්ණ අවසානයක් තමයි The Wheel of Time කතා මාලාවට ලැබෙන්නේ. ඒ නිසා ඉතුරු පොත් ටික හොයාගෙන කියෙව්වා කියලා පාඩුවක් වෙන්නෙ නෑ. 😉

එහෙනම් The Wheel of Time තුන්වෙනි සීසන් එක – නිල වශයෙන් අවසාන සීසන් එක බලන්න කියලා ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු… ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


21
Total Subtitles

2 comments

  1. Kasun Devinda
    Cineru_users

    Thnx okkoma tika denna ❤️

  2. Nuwan Madushan
    Cineru_users

    Thanks bro sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login