The title of the page
The Wheel of Time S02 Sinhala Subtitles
The Wheel of Time S02 Sinhala Subtitles
7.2
83
69

The Wheel of Time (2021) S02E03 Sinhala Subtitles | “කුමක් විය හැකිද?” | සිංහල උපසිරැසි සමඟ

(The Wheel of Time (2021) S02E03 Sinhala Subtitles) (The Wheel of Time (2021) S02 Sinhala Subtitles) (The Wheel of Time S02 Sinhala Subtitles) (The Wheel of Time Sinhala Subtitles)

ඔන්න ඉතිං ලොකූ කාලෙකට පස්සෙ ආයෙමත් ඔයාලට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ.ඉතිං ගොඩක් අය ඉල්ලුවා මේ දෙවෙනි කතා සමයටත් උපසිරැසි ගෙනල්ලා දෙන්න කියලා.දෙවෙනි කතා සමය ඇවිල්ලා දැන් ලොකු කාලයක් වෙනවා.සිදු උන ප්‍රමාදය ගැන බලවත් කණගාටුව එහෙනං.!! කතාව ගැන නං අනං මනං කියන්න දෙයක් නෑ කියලා හිතෙනවා.මම පළවෙනි කතා සමයෙත් පොඩ්ඩක් ලොකු ලිපියක් ලිව්වා.ඒකෙන් කතාවේ මූලික කොටස් කවර් වෙන්න ඇති කියලා මම හිතනවා.මම මේ wheel of time කතා මාළාව ගැන පොඩ්ඩක් හොයද්දි කරුණු ටිකක් හම්බවුණා ඉතිං මම ඒවා මේ ලිපියෙන් සඳහන් කරන්නම්.මොකද ඒ කරුණු ගැන කතා මාළාවේ සඳහන් උනත් ලොකූ විස්තරයක් ඒ දේවල් ගැන කතාවෙන් පෙන්නන්නෙ නෑ. ඒ හින්දා වැඩි කරුණු දැනගන්න උවමනාවක් තියෙන අය ඉන්නවා නං මෙතනින් පහළ ටික කියවගෙන යන්න.නොතේරෙන දේවල් ගොඩක් ඒකෙන් පැහැදිළි වෙයි කියලා මම හිතනවා.මේක ටිකක් දිග ලිපියක් වෙයි ඒ නිසා මං මේක මාතෘකා කීපයකට වෙන් කරලා ලියන්නම්.

1.second age (දෙවන යුගය)

2.Aiel war (අයිල් යුද්ධය)

3.forsaken (අනාතයින්)

1.second age “දෙවන යුගය”

දෙවන යුගය කියලා සඳහන් කරලා තියෙන්නෙ උමතුවේ කාලය සහ ලෝකය බිඳවැටුණු කාල පරාසය අතර කාලයට.මේකට පුරාවෘත වල යුගය කියලත් කියනවා.මොකද ලෝකය බිඳවැටීමත් එක්ක ඒ කාලය ගැන දැනගන්න තිබුණු හැම දෙයක්ම විනාශ වෙලා ගිහින් තියෙනවා.ඒ නිසා ඒ ගැන පුරාවෘත විදිහට එක එක්කෙනාගේ කටින් කට තමයි පැතිරිලා තියෙන්නෙ.ඒ වගේම මේ කාලේ angreal,sa’angreal වගේම ter’angreal කියන තැන්වල පිරිමි වගේම කාන්තා චැනලර්වරු වගේම පුහුණු චැනලර්වරු එහෙමත් නැත්තං අයි සෙඩායිලා ඉඳලා තියෙනවා.ඒ කාලේ අසහාය බලය කැඳවන්න පුළුවන් අය ඉඳලා තියෙන්නෙ මුළු ජනගහනයෙන් සීයට තුනක විතර ප්‍රමාණයක්.ඒ කාලේ හිටපු අය වර්තමාන කතාවේ ඉන්න අයට සාපේක්ෂව විශාල වශයෙන් බලවත් අයලු.ඒ මොකද කියලා මම අර දිවුරුම් තුන ගැන කියද්දි කියන්නම්.මේ කාලේ තිබිලා තියෙන්නෙ සේවකයින්ගේ ශාලාව කියලා සමාජයක්.මේකට තමා හැම චැනලර් කෙනෙක්ම අයත් වෙලා තියෙන්නෙ.මේකෙ වඩාත්ම ගෞරවයට වගේම ගොඩක් අනුගාමිකයෝ හිටපු අයි සෙඩායිවරයා තමයි ලුව්ස් තෙරින් ටැලමොන් කියන්නෙ.මෙයාගේ අනුගාමිකයෝ මෙයාව හඳුන්වලා තියෙන්නෙ මකරා කියලා.අහලා පුරුදු ඇති නේ.!!මේ කාලේ අසහාය බලය කියන්නෙ එක විසඳුමක් වගේම එකම විසඳුම නෙවෙයි.මේ කාලේ අසහාය බලයෙන් දේවල් කරනවට වඩා තාක්ෂණය බාවිතා කරලා දේවල් ගොඩනගපු කාලයක් වෙලා තියෙනවා මේක.මේ කාලේ තනතුරකට යන්න හැම කෙනෙක්ටම වගේ අයිසෙඩායිලටත් මහන්සිවෙලා ඒක දිනාගන්න වෙලා තියෙනවා.ටර් ඇන්ග්‍රියල් එකේ පාලනය ගොඩක් අරගෙන තියෙන්නෙ ඒ කාලේ චැනලර්වරු නොවෙන අය.ඒ කියන්නෙ ඒ කාලේ අසහාය බලයෙන් හැමෝටම ප්‍රයෝජනයක් වෙන විදිහටයි දේවල් සිද්දවෙලා තියෙන්නෙ.ඒ කාලේ අසහාය බලයට ලොකු තැනක් නොතිබුණා නෙවෙයි.බල යුද්ධය කාලේ ගොඩක් යුධමය බලයන් පැවරුණ සේවක ශාලාවේ වැඩි හරියක්ම පාලනය තියාගෙන ගිහින් තියෙන්නෙ චැනලර්වරු.මේ කාලේ ප්‍රශ්න කියන දේ ලෝකෙ නැති තරම්මලු.ලෝකෙ ගොඩක් ලස්සන වගේ පුදුමාකාර ගොඩනැගිලි ඉදි උන යුගයක් තමයි මේක.මේ කාලේ ලෝකෙ පාලනය කරන්න රජයක් කියලා එකක් තිබිලා නෑ,අර කලින් කියපු සංවිධාන තමයි ලෝකෙ පාලනය කරලා තියෙන්නෙ.මං කලින් කිව්වානෙ එ කාලේ අයි සෙඩායිලා ගොඩක් බලවත් කියලා.ඒ කාලේ ඒ අයට නොපෙනී යන්න පවා පුළුවන්ලු.මම කිව්වට ඒ කාලේ ප්‍රශ්න අඩුයි කියලා ඒ කාලේ තිබුනු සමාජයිය ප්‍රශ්න ඒ කාලේ පාලකයෝ ගනන් නොගෙන ඉඳලා.පස්සෙ ඒවා තමයි සංකීර්ණ වෙලා වර්තමානයේ ලොකු ලොකු දේවල් බවට පත්වෙලා තියෙන්නෙ.

2. Aiel war “අයිල් යුද්ධය”

අපි අයිල් යුද්ධය ගැන කතා කරන්න කලින් කවුද මේ අයිල්වරු කියන එක ගැන බලමු. මේ අයිල්වරු ජීවත් වෙන්නෙ Wetlands සහ බටහිරට වෙන්න තියෙන Sharans දේශය අතරයි.මේකෙ අයිල් ගෝත්‍ර 12ක් ජීවත් වෙනවා කියලා තියෙනවා.ඒ වගේම Wetlander ලා එහෙම නැත්තං තෙත්බිමි වැසියෝ මේකට කිව්වෙ අයිල් කාන්තාරය නැත්තං මුඩුබිම කියලා.අයිල්වරු මේකට කියන්නෙ තුන් ගැටි දේශය කියලා.ඒ මොකද කියලා ඔයාලට කතාවෙන් දැනගන්න ලැබෙයි.මේ අයිල්වරු අති දක්ෂ සටන්කරුවෝ විදිහට ජනප්‍රියත්වයක් අරගෙන තියෙනවා.මේ අයිල්වරු බිහිවෙන්නෙ එහෙම නැත්තං මෙයාලා පැවත වෙන්නෙ ඩා’ශයින් අයිල් කියන පිරිසකගෙන්.දෙවෙනි යුගයේ මෙයාලා අයිස් සෙඩායිලා යටතේ සේවය කරපු පිරිසක්.මෙයාලා කලේ ටර්’ඇන්ග්‍රියල්,සාර්’ඇන්ග්‍රියල් වගේ දේවල් ආරක්ෂා කරපු එක.ඒත් බල යුද්ධයෙන් පස්සෙ,ඒ වගේම ලෝකය බිඳිලා පිරිමි චැනලර්ලා උමතුවෙන්න ගත්තාට පස්සෙ,ගැහැණු අයි සෙඩායිලා මෙයාලට කියනවා ආරක්ෂිත තැනක් හොයාගෙන යන්න කියලා.එහෙම තැනක් හම්බෙනකං නවතින්න එපා කියලා.මෙහෙම දිගටම යනකොට කාලයත් එක්ක මේ පිරිස කොටස් තුනකට බෙදෙනවා.1 “ජෙන් අයිල් “මෙයාලා සාමයට කැපවිලා ඉන්නවා කියලයි මේ නමිස් අදහස් කලේ.2 “ටුආතාන්වරු”මෙයාලව අපිට පළමු කතා සමයෙන්ම දකින්න ලැබුණා.මෙයාලා “පත්‍රයේ මාර්ගය” පිළිගන්නා අය කියලයි කියන්නෙ.මේ අයිල් වර්ග දෙකම සහ ඩා’ශයින් අයිල්වරු පත්‍රයේ මාර්ගය අනුගමනය කලත්.තුන්වෙනි අයිල් කොට්ඨාශය උන “නූතන අයිල්වරු”ආයුධයක් විදිහට හෙල්ල අතට අරගන්නවා.මෙයාලා තමයි ඍජුවම අයිල් යුද්ධයට සම්බන්ධ වෙන්නෙ.ඒ වගේම මේ අයිල්වරු අතරත් චැනලර්වරියෝ ඉපදෙනවා.wise ones එහෙමත් නැත්තං නුවණැත්තී කියලයි.එහෙනං අපි බලමු මේ අයිල් යුද්ධය මොකද්ද කියලා.

ලෝකයේබිදවැටීමෙන් පස්සෙ කයිරියන් රාජයෙන් අයිල් පිරිසකට වතුර අරගන්න අවස්ථාව දීලා තියෙනවා.මේ කාලේ මෙයාලා පත්‍රයේ මාර්ගය අනුගමනය කරපු පිරිසක්.මේක වෙන කොහෙන්වත් තමන්ට නොලැබුණු කරුණාවක් විදිහට මේ අයිල්වරු මේක දැක්කා.අයිල්වරු කියන්නෙ වතුරට ගොඩාක් ගෞරව කරන පිරිසක්.මෙයාලා ජලය නමින් දිවුරුමක් පවා දෙනවා.කවදාවත් ඒවා ලේසියෙන් කඩන්නෙ නැහැලු.ඉතිං කයිරියන්වල මේ කරුණාවන්තබව වෙනුවෙන් අයිල්වරු මෙයාලට chora එකක් තෑගි කරනවා.chora එකක් කියන්නෙ පුරාවෘතයන්ගේ කාලේ අසහාය බලයෙන් නිර්මාණය කරපු විශාල ගස් වර්ගයක්.ඉතින් මේ අයිල්වරු ගාව තිබ්බ chora එක තමයි Avendesora කියන ගහ.මේකෙ අනුශාකයක් තමන්ට කරන උපකාරය වෙනුවෙන් ස්තූතී කිරීමක් වගේම සාම සංකේතයක් විදිහට අයිල්වරු කයිරියන්වලට තෑගි කරනවා.අයිල්වරු මේකට කිව්වේ Avendoraldera කියලා.ඒ වගේම Avendesora වෙට්ලෑන්ඩර්ස්ලා කිව්වෙ Rhuidean කියලා.ඒ කියන්නෙ ජීවයේ “වෘක්ෂය” කියලා.මේ සාමය අවුරුදු 400ක් විතර පැවතුනා.976වෙනි නව යුගයේ හිටපු කයිරියන් රජු උන ලමාන් ඩැමොඩ්‍රෙඩ් තමන්ට සිංහාසනයක් හදාගන්න මේ ගහ කපලා දානවා.අයිල්වරු මේක දැක්කෙ තමන්ගේ පූජනීය වෘක්ෂයට කරපු අපහාසයක් වගේම සාම සම්මුතිය බිඳ දැමීමක් විදිහට.මේ නිසා අයිල්වරු තෙත්බිම් ආක්‍රමණය කරන්න පටං ගන්නවා.අයිල්වරුන්ගේ ප්‍රහාරත් එක්ක මුළු කයිරියන් නගරයම ගිණිබත් වෙනවා.මේ නිසා ලමාන් කයිරියන් දාලා පැනලා යනවා.ඒත් අයිල්වරු නොනවත්වා ඉදිරියට ආක්‍රමණය කරගෙන එනවා.ගණන් කරගන්න බැරි නගර සංඛ්‍යාවක් අයිල්වරු යටත් කරගන්නවා.මේ තර්ජනයෙන් ගැලවෙන්න තෙත්බිම් ජාති ඔක්කොම එකට එතුවෙලා සන්ධානයක් හදාගෙන අයිල්වරුට විරුද්ධව සටන් කරන්න පටන් ගන්නවා.ඒත් ඒ සංවිධානයේ ශක්තිය කොච්චර විශාල උනත් අයිල්වරුන්ගෙ දක්ෂ නායකත්වය වගේ තනි පුද්ගලයෙක්ට තියෙන සටන් හැකියාව නිසා අයිල්වරු නවත්තගන්න බැරිවෙනවා.මේ යුද්ධය අවුරුදු 2ක් එක දිගට පවතිනවා.යුද්ධයේ අවසන් සටන මේකට කිව්වෙ “දිදුලන බැමිවල සටන” කියලා.978වෙනි නව යුගයෙදි ඩ්‍රැගන්මවුන්ට් කන්ද පාමුල මේ සටන සිද්ධ වෙනවා.එතනදි අයිල්වරු සාර්ථකව ලමාන් ඩැමොඩ්‍රෙඩ්ව ඝාතනය කරනවා.ඒ එක්කම අයිල්වරු සටන් කරන එක නවත්තලා.තමන්ගෙ දේශයට ආපහු යනවා.වෙට්ලෑන්ඩර්ස්ලා අයිල්වරු පරාජය බාරගෙන පැනලා දුවනවා කියලා හිතලා.සටන් නිමාකරලා තමන්ගෙ දේශයන්වලට යනවා.ඒත් පස්සෙ කාලෙක මෙයාලට තේරුම් යනවා අයිල්වරුන්ට කවදාවත් තෙත්බිම් ආක්‍රමණය කරන්න නෙවෙයි ඕන කරලා තිබ්බෙ ලමාන්ව ඝාතනය කරන්නයි කියලා.අන්තිමට තමන්ගෙ මෙහෙයුම සාර්ථක කරගත්ත නිසයි අයිල්වරු ආපහු ගියේ කියලා.

3.Forsaken ” අනාථයින් “


මේ නමින් හැඳින්නුවේ බල යුද්ධයේදී අඳුරු පැත්තට සේවය කරපු චැනලර්වරු.මෙහෙම අය දුසිම් ගානක් අඳුරේ සේනාව මෙහෙයවලා තියෙනවා.ඒත් මේ අයගෙනුත් වැඩියෙන්ම බලවත් 13ක්ව හඳුන්වන්න තමයි මේ නම පාවිච්චි කරන්නෙ.මේ අනාතයෝ මෙයාලව හඳුන්වගන්නෙ the chosenලා කියලා එහෙම නැත්තං අන්ධකාර විසින් තෝරාපත් කරගන්නා ලද අය කියල.එතකොට ආලෝකයේ පැත්තෙ අය තමයි මෙයාලට අනාතයෝ කියන්නෙ.මොකද ආලෝකය විසින් මෙයාලව අතෑරලා දාලා කියලා අර්ථයයි ඒකෙන් අදහස් කරන්නෙ.ලුව්ස් තෙරින් බල යුද්ධය අවසානයේ අඳුරු තැනැත්තා එක්කම මෙයාලා 13 දෙනාවත් bore එක ඇතුලේ සිර කරනවා.අපි මේ 13 දෙනා ගැන පොඩි විස්තරයක් කරගම්මු…

01 Ishamael


ඉශාමෙයිල් කියන්නෙ පුරාණ භාෂාවෙන් බලාපොරොත්තුවේ ද්‍රෝහියා කියන එකයි.මෙයා තමයි අනාතයින්ගෙ බලය අතින් පළවෙනි තැන ඉන්නෙ.අඳුරු තැනැත්තා එක්ක මෙයාවත් සිර කරනකොට මෙයාව බාගෙට තමයි සිර කරන්නෙ.ඒ මොකද කියලා ඔයාලට කතාව බැලුවහම තේරෙයි.ලුව්ස් තෙරින්ට සමාන බලයක් තිබුන අයගෙන් කෙනෙක් තමයි මෙයා.මෙයා ගැන තව කියන්න ගියොත් කතාව spoil වෙනවා.ඊළඟට යමු අනිත් කෙනා ගාවට.

02 Rahvin


රාවින් තමයි රැන්ඩ් ඇල්’තොර් සහ ඉශාමෙයිල්ට සමාන බලයක් තිබුණ අනිත් කෙනා.මෙයා ලොකු බල තන්හාවක් තියෙන කෙනෙක්.මෙයා කැමති නෑ බලයෙන් මෙයාට වඩා ඉහලින් කෙනෙක් ඉන්නවට.මෙයා කෙලින්ම ප්‍රහාර එල්ල කරනවට වඩා මිනිස්සුන්ගෙ මනසට ඇතුල්වෙලා ඒ මිනිස්සු ලවා දේවල් කරන්න දක්ෂ කෙනෙක් හැටියටයි සඳහන් වෙන්නෙ.

03 Demandred


මෙයා තමයි බලය අතින් අනාතයින්ගෙ තුන්වෙනියා විදිහට පෙන්නන්න පුළුවන් කෙනා.මෙයා තමයි ලෝකයට යුද්ධය කියන සංකල්පය අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.මෙයා දක්ෂ සේනානායකයෙක් වගේම දක්ෂ සටන් කරුවෙක්.ඒත් මෙයා හැමෝම අතින්ම අවතක්සේරුවට පත්වෙන කෙනෙක්.

04 Sammael


සමායෙල් කියන්නෙ පුරාවෘත යුගයේ හිටපු හොඳ ක්‍රීඩකයෙක් වගේම දක්ෂ ජෙනරාල්වරයෙක්.මෙයා දක්ෂ දුණුවායෙක් වගේම කඩු සටන්කරුවෙක් කියලා තමයි සඳහන් වෙන්නෙ.

05 Aginor


සමායෙල්ට පස්සෙ බලය අතින් තියන්න පුළුවන් ඇගිනෝර්ව තමයි.මෙයා ජාන ඉන්ජීනෙරු පැත්තෙන් දක්ෂ කෙනෙක්.මෙයා දයාව අනුකම්පාව වගේම වෙන කිසිම දෙයක් ගැන තැකීමක් කරන කෙනෙක් නෙවෙයි.මෙයා තමන්ගේ බලය පාවිච්චි කරලා වසංගත පවා ඇති කරලා තියෙනවලු එහෙම කරන්න පුළුවන්ද බලන්න.ඒ වගේම ජුමාරා කියලා වගේ ජීවින් වර්ගයක් පවා හදලා තියෙනවලු කිසිම තේරුමක් නැතුව.

06 Balthamel


බොල්තමෙල් කියන්නෙ නිතරම තරහා ගන්න ප්‍රචණ්ඩකාරී කෙනෙක්.මෙයා කාන්තාවන්ගේ ජීව්තත් එක්ක ඔට්ටු අල්ලන්න හරිම ආස කෙනෙක්ලු.අමරණීය ජීවතයක් දෙනවා කියලා මිනිස්සු රවට්ටගෙන එයාලගෙන් ප්‍රයොජන ගන්න මෙයා පුරුදුවෙලා හිටියලු.මෙය බල යුද්ධය කාලේ ගොඩක් හොඳ තොරතුරු පද්දතියක් පවත්ගෙන යන්න සමත්වෙලා තියෙනවා වගේම මිනිස්සුන්ව රවට්ටලා ට්‍රොල්ක්ලට කෑම වලට දෙන්න ළමයි බිහිකරන කඳවුරක් පවා කරගෙන ගිහින් තියෙනවා.

07 Asmodean


මෙයා සංගීතයට බර කෙනෙක්.මෙයාගේ බලය ගැන කතාවේ වැඩි සඳහනක් නෑ.ඒත් මෙයාගේ බලය ලැන්ෆියර් විසින් ගොඩක් වෙලාවට අගුලු දාලා තිබ්බා කියලා තමයි කියන්නෙ.මෙයාට සුව කිරීමේ හැකියාවක් වගේම කාලගුණය පාලනය කරන්න හැකියාවක් තිබුණලු.

08 Be’lal


මෙයා ගැන එහෙම ලොකුවට සඳහනක් නෑ.මෙයා හොඳ දේශපාලන හැකියාවක් වගේම මිනිස්සු නම්මගන්න දක්ෂයෙක්ලු.මෙයා ලුව්ස් තෙරින්ට ගොඩක් ඉරිසියා කරාලු.ඒ නිසා තමයි අන්ධකාරයට පක්ෂපාතී වෙලා තියෙන්නෙ.

09 Lanfear


අමු බලයත් එක්ක බලනකොට මෙයා හැම පිරිමි අනාතයෙක්ටම වඩා බලයෙන් පහලින් ඉන්නෙ.එත් පොත්වල නිතරම කියවෙලා තියෙනවා මෙයා ඉශාමෙයිල්ට පස්සේ බලවත්ම අනාතයා කියලා.මෙයාට සිහිනලෝකය පාලනය කරන්න හැකියාවක් තියෙනවා.

10 Semirhage


මෙයා තමයි පුරාවෘත යුගයේ ඉඳලා තියෙන බලවත්ම සුවකරන්නිය.මෙයා මැරෙන්න යන කෙනෙක් උනත් ඉක්මනට සුව කරනවලු.ඒත් ඊට පස්සෙ එයාලා තුල වේදනාවක් ඇති කරලා ඒකෙන් සතුටුවෙන්න පුරුදුවෙලා හිටයලු.

11 Mesaana


මෙයා නියම බලය ගැන උනන්දුවෙන් හිටපු කෙනෙක්.මෙයාට ක්ෂණිකව සෙවනැල්ලක් බවට පත්වෙලා ගමන් කරන්න පුළුවන්ලු.මෙයා ආඩම්බර වගේම බුද්ධිමත් කෙනෙක්ලු.

12 Graendal


මෙයා සරළ ජීවිතයකට කැමති කෙනෙක්.මෙයාට මානසික රෝග සුව කිරීමේ හැකියාවක් තිබුණාලු.

13 Moghedien


මෝගෙඩියන් තමයි ගැහැණු අනාතයින්ගෙන් අඩුම බලයක් තියෙන කෙනා.මෙයා සෙවනැලි අතරින් ගමන් කරලා දුර්වලතා විතරක් හොයලා පහරදෙන කෙනෙක්.පරාජයක් දැනුන ගමන්ම පැනලා යන කෙනෙක්ලු.

ඔන්න එහෙනං ළිපිය ටිකක් දිග උනා.මේ කරුණු කතාවේ වැඩිය දැනගන්න ලැබෙන්නෙ නෑ.ඒත් දැනගෙන බලනකොට කතාව තේරුම්ගන්න පහසුවෙයි කියලා හිතනවා.එහෙනං පස්සෙ හම්බෙමු ජයවේවා…!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


137
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login