6
87%

The Wandering Earth (2019) Sinhala Subtitles | පෘථිවි චාරිකා ව්‍යාපෘතිය | සිංහල උපසිරැසි සමග |

යාලුවනේ… ඔන්න මම මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම විදියට ඕගොල්ලොන්ට ගෙනාවේ, Sci-fi ගණයට අයත් වෙන අපූරු චීන සලරුවක්…ඇ.ඩො මිලියන 50 ක් වියදමකින් නිපදවූ මේ
සලරුව ඇ.ඩො මිලියන 700.8 ක් උපයා ගැනීමටත්, ඒවගේම IMDb අගය 6.6 ක් සහ 93% ක ගූගල් පරිශීලක මනාප ලබා ගන්නටත් සමත් වුණා.. මේක 2019 පෙබරවාරි 5 වෙනිදා තමයි
තිරගතවීම ආරම්භ කරලා තියෙන්නේ….කවුරුත් දන්නවානේ Wolf Warrior 1 සහ 2 චිත්‍රපටි වල රංගනයෙන් දායකවුණු Wu Jing ගැන… ඔන්න මේකේ එයත් ඉන්නවා…ඒ වගේම
Qu Chuxiao සහ Zhao Jinmai ප්‍රදාන චරිත නිරූපණය කරනවා.. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Frant Gwo විසින්…

චිත්‍රපටිය ගැන සඳහනක් නොකර බැරි නිසා පොඩ්ඩක් කියන්නම්,

කෙටියෙන්ම කිව්වොත්, මේකෙ තියෙන විදියට පෘථිවියට සෞරග්‍රහ මණ්ඩලයේ රැඳිලා ඉන්න බැරි තත්වයක් උදාවෙනවා.ඉතින් අනාගතයේ මිනිසුන්, පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයෙන්
ඉවත්කරගෙන අලුත් වාසස්ථානයක් හොයාගෙන විශ්වය පුරා ගමන්කරන හැටි තමා කථාවෙ තියෙන්නේ…මේ අතරෙ මෙයාලට බ්‍රහස්පති නිසා ලොකු ලොකු කරදර වලටත් මුහුණ දෙන්න
වෙනවා..මේ ටිකත් කියවලම බලන්නකෝ…

“ඔබලා මිහිමත සිටින වීරයන් බව,
අපි ඔබට මතක්කර දීමට කැමැත්තෙමු…..
අප ඔබගේ සියළු අපේක්ශාවන්,
නව ලොවක් කරා රැගෙන යනු ඇත..
වසර දෙදහස් පන්සියයක් පුරාවට පැවති,
සියලු දේ නිමාවිය…
ඉදිරි දවස් හත තුල,
බ්‍රහස්පති පෘථිවියත් සමග ගැටීමට පෙර,
නිවෙස් කරා යන්න……
ඔබේ දෙමව්පියන් වැළඳගන්න…..
ඔබේ ආදරණීයන් සහ ළමුන් සිප ගන්න…..
ඔබේ පවුලත් එක්ක ඉන්න…
සතුටුදායක සමුගැනීමක් සඳහා,
ඔබ සැමට සුබ පැතුම්…”

ඉතින් යාලුවනේ මම Sci-fi ෆිලුමක් උපසිරැසි ගැන්නුවේ පලවෙනි වතාවට… වැරදි අඩුපාඩු නම් ගොඩාක් තියෙන්න පුළුවන්… චිත්‍රපටය රසවිඳින ගමන් වැරැද්දක්, අඩුපාඩුවක් දැක්කොත් පෙන්නලා දෙන්නත් අමතක කරන්න එපා… තවත් උපසිරැසියකින් හමුවෙමු!…. උපසිරැසිකරණය කියාදුන් සහ සහය දුන් සැමට ස්තූතියි…

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
Download|2380

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


68
Total Subtitles

15 comments

  1. මෙවගෙ වෙනසක් කරනව නම් නියමයි

  2. thanks keep going

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Thanks bro… jaya wewa !!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *