The title of the page
The Ugly Stepsister (2025) Sinhala Subtitles
The Ugly Stepsister (2025) Sinhala Subtitles
7
96
90

The Ugly Stepsister (2025) Sinhala Subtitles | “සින්ඩරෙල්ලා කතාවේ අඳුරු පැතිකඩ” | සිංහල උපසිරැසි සමඟ

(The Ugly Stepsister (2025) Sinhala Subtitles) (The Ugly Stepsister (2025) Sinhala Subtitle) (The Ugly Stepsister (2025) Sinhala Sub)

මේ පාර උපසිරැසි අරගෙන ආවේ FB එකේ එහෙම යම් කතා බහකට ලක්වුණ ෆිල්ම් එකක්. එහෙම කතා බහකට ලක්වෙන්න අනිවාරෙන් සුවිශේෂී හේතුවක් තියෙන්න එපැයිනේ. එතකොට මේ ෆිල්ම් එකේ තියෙන සුවිශේෂී හේතුව මොකක්ද? ඒක තමා, මේ ෆිල්ම් එක පාදක කරන් තියෙන්නේ අපි කවුරුත් දන්නා සින්ඩරෙල්ලා සුරංඟනා කතාව වීම.

අපෝ, සින්ඩරෙල්ලා කතාව අපි කීපාරක් නම් කියලා බලලා ඇතිද? මොකක්ද ඉතින් ඒකේ තියෙන සුවිශේෂීත්වය? ඔව්, හරි. මේකෙ තියෙන්නේ සින්ඩරෙල්ලා කතාව වුණත්, පෙන්නන්නේ සින්ඩරෙල්ලගේ කෝනෙන් නෙමෙයි. ඒ කියන්නේ අපි හැමෝම දන්නේ සින්ඩරෙල්ලාගේ කතාව ඇගේ කෝනයෙන්නේ. හැබැයි මේකෙදි ඒක වෙනස් කරලා මේකෙ කතාව පෙන්නන්නේ කුමාරයාව විවාහ කරගන්න හීන දකින ඇගේ අවලස්සන සුළු සහෝදරියගේ කෝනෙන්. තවත් විදිහකින් කිව්වොත් මේක ඇවිල්ලා සින්ඩරෙල්ලා කතාවේ අඳුරු පැතිකඩක්. අමු සින්ඩරෙල්ලා කතාවක් තමයි මේකෙ පෙන්නන්නේ. ඒ නිසාම මේකේ නිරුවත් දර්ශන වගේම අසභ්‍ය වචනද අඩංගු වෙනවා. කතාවේ සැර අඩු කරන්න ඕනෙ උන්නැති නිසා ඒ අසභ්‍ය වචන මං එහෙම්මම දැම්මා සැර බාල නොකර.

කොහොම හරි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Emilie Blichfeldt මහත්මිය විසින්. මෙයට රංගනයෙන් දායක වෙනවා Lea Myren, Thea Sofie Loch Næss, Ane Dahl Torp, Flo Fagerli, Isac Calmroth [sv], Malte Gårdinger වැනි අය.

ප්‍රේක්ශක ප්‍රතිචාර ගැනත් මතක් කරොත් IMDb 7/10ක ඉතාමත් ඉහල අගයකුත්, Rotten Tomatoes 96% ඉතාම ඉහල ප්‍රතිශතයකුත්, letterboxd හි මනාප 116, 340 අධික ප්‍රමානයකින් 3.7/5 ඉහල අගයක්ද ගන්න මෙයට හැකිවෙලා තියෙනවා.

ඉතින් රේටින් අතිනුත් ඉහලින්ම සාර්තක වුණ සින්ඩරෙල්ලා කතාවේ අඳුරු පැතිකඩ බලන්න ඕනෑ නම් ඔන්න දැන් සිංහල උපසිරැසි එක්කම බලන්න අවස්තාව තියෙනවා. එහෙනම් තව උපසිරැසියකින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
යෂ් කනංගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
යෂ් කනංගම

September 20, 2024


8
Total Subtitles

2 comments

  1. Maa (2025) subtitle plz

  2. sub ekta godak thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login