The title of the page
The Tyrant (2024) S01 E02 Sinhala Subtitles
The Tyrant (2024) S01 E02 Sinhala Subtitles
7.6

The Tyrant (2024) S01 E02 Sinhala Subtitles | “අතුගා දමන්නන්” | සිංහල උපසිරැසි සමඟ

(The Tyrant (2024) Sinhala Subtitles) (The Tyrant (2024)  Sinhala Sub) (The Tyrant Sinhala Subtitles) (The Tyrant Sinhala Sub) (The Tyrant (2024) Korean Drama Sinhala Subtitles) (The Tyrant (2024) Korean Drama Sinhala Sub) (The Tyrant Korean Drama Sinhala Subtitles) (The Tyrant Korean Drama Sinhala Sub)

“The Tyrant”  කියන්නෙ “පොක්කුන්” කියන කොරියානු නම සමඟින් අගෝස්තු 14 වෙනිදා සිට Disney+ ඔස්සේ විකාශය වෙන වගේම Park Hoon-jung විසින් අධ්‍යක්ෂණය කළ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවක් වන අතර, Cha Seung-won, Kim Seon-ho, Kim Kang-woo, and Jo Yoon-su එහි රංගනයෙන් දායක වෙනවා. කොරියානු සහ ඇමෙරිකානු බුද්ධි අංශය අතර රහසිගත භාරදීමකදී සොරකම් කරන ලද ජෛව අවියක් සොයා ගැනීමේ මෙහෙයුමක් තමා Action,Thriller, Crime, Spy, Sci-Fi, Fantasy ශානරයන්ට අයත් මේ කතාමාලාවේ අන්තර්ගත වෙන්නෙ.  The Witch, Night In Paradice, New World, The Childe වගේ ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපට අධ්‍යක්ෂණය කල Park Hoon-jungගේ “The Tyrant”  මුලදි චිත්‍රපටයක් විදිහට එන්න තිබ්බත් පස්සෙ කතාමාලවක් විදිහට වෙනස් වුනා.

පුංචි තිරයේ සරළ අහිංසක පෙම්වතාගෙ චරිතයෙන් අපි දැක්ක Kim Seon-ho, The Childe ෆිල්ම් එකේ Anti Villain Role එකක් කලා මතක ඇතිනෙ. Park Hoon-jung කියන්නෙ නළුවන්ගෙ Acting Range නියම විදිහට පාවිච්චි කරන අධ්‍යක්ෂකවරයෙක්. ඒකෙ ප්‍රතිපලයක් විදිහට Kim Seon-hoව සාම්ප්‍රධායික පෙම්වතාගෙ චරිතයෙන් ගැලවිලා තව තව Ation Roles කරනවා දකින්න ප්‍රේක්ෂකයො ගොඩක් කැමති වුනා. ඒ තරමට Seon-hoගෙ Performance වෙනම ලෙවල් එකක තිබුනා කියන්න පුලුවන්. එහෙනම් “The Tyrant” කතාමාලාවෙත්  Kim Seon-hoගෙ හැකියාව කොහොමද කියලා බලමු.

kim seon ho

ඇමෙරිකානු බුද්ධි අංශය විසින් The Tyrant Project නමින් හැඳින්වෙන රහසිගත මෙහෙයුමක් අනාවරණය කර ගන්නවා. මානව හැකියාවන් වැඩිදියුණු කරන්න පුලුවන් ජෛව අවියක් නිපදවීමේ දකුණු කොරියානු රජයේ සැලැස්ම වගේම වැඩසටහන වහාම අවසන් කරන්න ඒවගේම සියලුම සාම්පල භාර දෙන්න කියලා ඇමරිකාව ඉල්ලා සිටිනවා. ව්‍යාපෘතිය විසුරුවා හැරියට පස්සෙ ජෛව අවි සාම්පලය ඇමරිකාවට භාර දීමට නියමිතව තිබුණත්, නාඳුනන ප්‍රහාරකයෙක් විසින් එම රහසිගත භාරදීම කඩාකප්පල් කරනු ලබනවා.The Tyrant Project රහසිගතව අධීක්ෂණය කරන රාජ්‍ය ආයතනයක සාමාජිකයෙක් වෙන අධ්‍යක්ෂ චෝ, ජීව අවිය සුරක්ෂිත කරන්න කියලා එයාගෙ ක්‍රියාකාරීන් වෙන ජා-ග්යුංටයි මෝ-යොංටයි උපදෙස් දෙනවා. සිද්ධිය ගැන දැනගත්තට පස්සෙ, ඇමෙරිකානු ඔත්තු සේවා නියෝජිත පෝල් තමන් විසින්ම ජීව අවිය ලබා ගන්නවා කියලා තීරණය කරනවා. The Tyrant Project එකට සම්බන්ධ අයව නැතිකරලා දාන වගකීම හිටපු නියෝජිතයයෙක් වෙන ලිම් සංටත් පැවරෙනවා.

Cast and characters

Lim Sang චා සෙං වොන් ලෙස,

හිටපු ඒජන්ට් කෙනෙක් වෙන Tyrant ව්‍යාපෘතියට සම්බන්ධ අය නැති කරන ඝාතකයෙක්.

Kim Seon-ho අධ්‍යක්ෂ චෝයි ලෙස

දකුණු කොරියානු ජාතික බුද්ධි අංශයක ලාබාලතම අධ්‍යක්ෂකවරයෙක් වන අතර Tyrant ව්‍යාපෘතිය නිල නොවන ලෙස කරගෙන යන කෙනෙක්.

Kim Kang-wo පෝල් ලෙස

The Tyrant Project හි අවසාන නියැදිය බැහැර කිරීමට උත්සාහ කරන ඇමෙරිකානු බුද්ධි අංශයේ සාමාජිකයෙක්.

Jo Yoon-su චා ජේ ග්යොං ලෙස

The Tyrant Projec හි අවසාන සාම්පලය සොරකම් කරන ලෙසට ඉල්ලා සිටින කාර්මික ශිල්පියෙක්

The Tyrant

         ✒️ උචිනි පෙරේරා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


617
Total Subtitles

3 comments

  1. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උචි ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login