The Swordsman 2020 Sinhala Sub
The Swordsman 2020 Sinhala Sub
6.6
96%

The Swordsman (2020) Sinhala Subtitles | ” ජෝසෝනයේ විශිෂ්ඨ අසිපත්කරුවා ” | සිංහල උපසිරැසි සමඟ 

(The Swordsman (2020) Sinhala Sub) අන්න්‍යොං චින්ගුලා..
ඔන්න අලුතින් නිකුත් වුනු තවත් අපූරු කොරියානු චිත්‍රපටයක් ගැන කියන්න තමයි මේ සැරසෙන්නේ..
The Swordsman “අසිපත්කරුවා” තමයි චිත්‍රපටියේ නම.ඔර්ජිනල් පිටපතක් නිකුත් වුනේ මීට දින කීපයකට කලින්.සමහරු මේ වෙනකොට බලල ඇති.නොබලපු අයට මේක වැදගත් වෙයි.

චිත්‍රපටය පැත්තට හැරෙමු.2020 ඔක්තෝබර් 15 තමයි මේ චිත්‍රපටය නිකුත් වුනේ.ඉතින් කොරෝන සමයේ වුනත් මේක තියටර් වැටුනා.මේ වෙනකොට IMDB 6.6 ක අගයක් සහ Google පරිශීලකයන්ගේ 96% ක මනාපයක් හිමිකරගෙන තියෙන මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Historical/Action කාණ්ඩයට.

ඉතින් පුද්ගලිකවම මම ගොඩක් ආසයි කොරියානු සහ චීන රජකතා බලන්න.ඩ්‍රාම වගේම චිත්‍රපට.ඔයාලත් එහෙම ඇති කියල හිතනවා.අනිත් දේ තමයි මම ආසම කොරියානු නලුවෙක් වෙන Jang Hyuk තමයි මේ චිත්‍රපටයෙ ප්‍රධාන නලුව ලෙසින් එක් වෙන්නෙ.Fated to love you ඩ්‍රාම එක බලපු අය දන්නවනෙ එයාගෙ රොමෑන්ටික් සහ කොමඩි රංගනය කොහොමද කියල,
ඒ වගේම Netflix ලගෙ සුපිරිම කොරියන් ඓතිහාසික ඩ්‍රාම එකක් වෙන My Country : New Age එකෙත් සුපිරිම රංගනයක යෙදෙනව Jang Hyuk.ඊට අමතරව මේ චිත්‍රපටයෙ මේ කට්ටිය රංගනයෙන් දායක වෙනවා.
  •Kim Hyun-soo
  •Joe Taslim
  •Jung Man-sik

හරි මං පොඩ්ඩක් කතාව ගැන මතක් කරන්නම්. පටන් ගැන්මෙදිම පෙන්නන්නෙ ජෝසෝනයට එල්ල වෙන කැරලිකරුවන්ගේ ආක්‍රමණකයක්.ඉතින් රජු පලා ගියත් නැවත එන්න සාර්තක වෙන්නෙ නෑ..ඉතින් මේ රජුට ඉන්නව සුපිරිම ආරක්ෂකයෙක්.ඔහු තමයි  තා-යුල් කියන තරුණ අසිපත්කරුවා.ඉතින් ඔහුව විශ්වාස කරල රජුට ඔහුට විශාල වගකීමකුත් පවරනවා..එතකොට වර්තමානයේ ජෝසෝනයේ ක්වින්ග්ල යටතේ තමා තියෙන්නෙ.ජෝසෝනයේ මිනිස්සු වහල්ලු කරල
මුදලට අලෙවි කරනව මේ ක්වින්ග්ල.රාජ්‍ය නිළධාරීන්, රජු පවා අසරණ වෙලා ඉන්නෙ.කාන්තාවන්ට අතවර කරනව වගේම බොහොම කටුක ජීවිතයක් තමයි ජෝසෝනයේ හැමෝටම උදා වෙලා තියෙන්නෙ.

ඉතින් මෙහෙම අසීරු තත්වයක තියෙන ජෝසෝනයේ මේකෙන් මුදවගන්න ගැලවුම්කාරයෙක් නැද්ද ..? මෙතනින් එහාට සුපිරිම විදියට කතාව ගලාගෙන යනව

ඉතින් සම්පූර්ණ කතාව දැනගන්න ඔයාලට කතාව බලන්නයි තියෙන්නෙ.එහෙනම් ක්‍රියාදාම වලින් සමන්විත අපූරු චිත්‍රපටයක් සිංහල උපසිරැසි එක්ක නරඹන්න ආරාධනා කරමින් මං ගිහින් එන්නම්.

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
Download|1007

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


201
Total Subtitles

4 comments

  1. තෑන්ක්ස් සහෝ

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Thanks ………..good luck …………..

  4. Thanks ……..good luck ………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *