The Stolen Girl (2025) S01 E02 Sinhala Subtitles
The Stolen Girl (2025) S01 E02 Sinhala Subtitles
6.5
87

The Stolen Girl (2025) S01 E02 Sinhala Subtitles | “ සැකය ” | සිංහල උපසිරැසි සමඟ

(The Stolen Girl (2025) S01 Sinhala Subtitles) (The Stolen Girl (2025) S01 Sinhala Subtitle) (The Stolen Girl (2025) S01 Sinhala Sub)

“The Stolen Girl” මේ අවුරුද්දේ අළුතින් නිකුත් වුණ මිනි සීරිස් එකක් ‘එහෙමත් නැත්තම් ලිමිටඩ් සීරිස් එකක්.. කතාවටම තියෙන්නේ එපිසෝඩ්ස් 5 ක් විතරයි.. ඒත් මේ පුංචි කාලේ ඇතුළත ඔයාව මේ කතාවේ ජීවත් කරවන්න හැකියාවක් මේ කතාමාලාවට තියෙනවා.. බලමු විස්තර..

“The Stolen Girl” IMDb 6.5 ක අගයකුත් කුණු තක්කාලි 87% ක ඉහළ අගයකුත් ලබාගත්තු, Disney+ Streaming Service එක හරහා බෙදාහැරුණු, සුප්‍රසිද්ධ නෝර්වීජියානු නවකතාකාරියක් වෙන Alex Dahl ගේ ‘Playdate’ කියන නවකතාව පාදක කරගත්තු, Eva Husson නම් අධ්‍යක්ෂකවරිය අධ්‍යක්ෂණය කළ නිර්මාණයක්.

කතාව මෙහෙමයි.. එලිසා කියන ගෑණු කෙනාට ඉන්නවා පුංචි ළමයි දෙන්නෙක්.. එක්කනෙක් ලුසියා සහ අනිත් කෙනා ජෝර්ජ්… අපේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි මේ “ලුසියා” ලුසියා දවසක් එයාගේ ස්කෝලෙදි හම්බුණ අළුත් යාලුවෙක් වෙන ‘ජොසෆින්’ එක්ක එයාලගේ ගෙදර සෙල්ලම් කරන්න යන්න අම්මගෙන් ‘එහෙමත් නැත්තම් එලිසගෙන් අවසර ඉල්ලනවා.. අකමැත්තෙන් වුණත් එලිසා මෙයාට අවසර දෙනවා පොඩි වෙලාවකට.. ජොසෆින්ගේ අම්මා තමයි රෙබෙකා කියලා කතාවේ මුලින් හඳුන්වලා දෙන්නේ.. ඉතින් මේ අම්මලා දෙන්නා එකිනෙකා අඳුනන්නෙත් නෑ.. ඒත් ළමයගේ ආසාවට යන්න දෙනවා.. ලුසියා ගිහින් ටික වෙලාවකින් අම්මට කෝල් කරලා අහනවා අද රෑ යාළුවගේ ගෙදර ඉන්නද කියලා.. කොහොමහරි මේකටත් අවසර ගත්තට පස්සේ එලිසා ළමයගේ බඩු ටිකක් අරන් රෙබෙකගේ ගෙදර යනවා.. ගිහින් ළමයි සෙල්ලම් කරන එක වීඩියෝ කරද්දි රෙබෙකා කලබල වෙලා වීඩියෝ කරන්න එපා කියනවා.. කොහොමහරි පහුවෙනිදා නියමිත වෙලාවට ළමයව ගන්න එලිසා එයාගේ හස්බන්ඩ් ෆ්‍රෙඩ් එක්ක රෙබෙකාට කෝල් කරද්දි එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ.. වෙලාවත් පහුවෙලා හින්දා දෙන්නා ගෙදර හොයාගෙන යනකොට ඒ ගෙදර හිටිය රෙබෙකා, ජොසෆින් වගේම අපේ කතා නායිකාව ලුසියවත් අතුරුදහන් වෙලා කිසිම හෝඩුවාවක් ඉතිරි නොකර..

ඉතින් මෙයාලට මොකද වුණේ? ලුසියට මොකක් කරන්නද හදන්නේ? ලුසියගේ ජීවිතේ අනතුරේද? කවුද ඇත්තටම මේක කරන්නේ?

කතාව ඉස්සරහට යනකොට ප්‍රේක්ෂකයා හිතන්නෙවත් නැති විදිහට කතාවේ ගොඩක් චරිත වලට සැකය එල්ලවෙන විදිහට වැඩ සිද්ධ වෙනවා.. කොටින්ම අම්මා තාත්තට පවා.. ඒ වගේම මාතෲ ප්‍රේමය සහ පළිගැනීම කියන සංකල්ප දෙක ලස්සනට ඉස්මතු කරලා තියෙනවා.. එක මාධ්‍යවේදිණියක් හරහා ඒ කෝණයෙන් කතාව පියවරෙන් පියවර විසඳගෙන ඉස්සරහට යනවා..

එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එක කුතුහලය වැඩිවේවි..

ජය වේවා!

සටහන සහ උපසිරැසි: මලීෂ බණ්ඩාර

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


118
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login