(The Sabarmati Report (2024) Sinhala Subtitles) (The Sabarmati Report (2024) Sinhala Sub)
සෝචනීය සිදුවීමක සත්‍ය අනාවරණය එහෙමත් නැත්නම් “සබර්මතී වාර්තාව” ඉන්දියාවේ සිද්ද උනු එක්තරා සෝචනීය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය උනු මේ චිත්‍රපටයේ තිර පිටපත ලියලා තියෙන්නේ “අවිනාශ් සිං තොමර්” සහ “අර්ජුන් බන්දෙගෞන්කර්” කියන දෙන්නා.. කලින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්න වෙන කෙනෙක් යෝජනා කරගෙන තිබුනත් පසුව “ධීරජ් සර්නා” අධ්‍යක්ෂකවරයා අතින් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය වෙන්නේ
2024 නොවැම්බර් 15 වෙනිදා තිරගත කිරීම් ඇරඹෙන මේ චිත්‍රපට ඉතාමත් ඉහළින් ප්‍රේක්ෂක ආකර්ෂනය දිනාගත්ත සිනමාපටයක් උනා. පැය දෙකකට ආසන්න ධාවන කාලයක් හිමි මේ චිත්‍රපටය නිර්මාණය සදහා ඉන්දියානු රු.කෝටි 50ක පිරිවැයක් ගිහින් තියෙනවා.. ඒවගේම මෙහි බොක්ස්-ඔෆිස් ආදායම ඉන්දියානු රු.කෝටි 31.31 ක් වෙනවා
හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,
Vikrant Massey – [සමර් කුමාර්]
Raashii Khanna – [අම්රිතා ගිල්]
Riddhi Dogra – [මනිකා රාජ්පුරෝහිත්]
Barkha Singh – [ශ්ලෝකා]
මං කලිනුත් කිව්වා වගේ මේක සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිමැවුනු චිත්‍රපටයක්. 2002 පෙබරවාරි 27 වෙනිදා ගුජරාට් ගෝද්‍රා දුම්රිය ස්ථානයේ සබර්මතී එක්ස්ප්‍රස් කියන කෝච්චියේ ගිනි ගැනීමක් සිද්ධ වෙනවා. මේ ගිනි ගැනීම හදිසි අනතුරක් ද.. කිසියම් කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක ප්‍රතිඵලයක් ද.. ඇත්තටම මේ සිද්දිය ඉන්පසු සමාජගත වෙන්නේ හදිසි අනතුරක් විදියට.. ඒත් ඒක එහෙම නෙවෙයි කියලා අනාවරණය වෙන්නේ ඊට අවුරුදු ගණනාවකට පස්සේ.. මේ ඒ ගැන කෙරෙන සත්‍යය අනාවරණයේ කතාවයි..
එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක සංකල්ප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 7, 2022
Thanks for sub machan