The title of the page
The Royals (2025) E03 Sinhala Subtitles
The Royals (2025) E03 Sinhala Subtitles
4.3
42
78

The Royals (2025) E03 Sinhala Subtitles | ”වර්තමාන ඉන්දියානු රාජකිය පවුලක් සහ ඉන්දියානු ව්‍යාපාරික සමාගමක්” | සිංහල උපසිරැසි සමඟ

මිල් ජායෙ ඉස් තරාහ්
දෝ ලෙහෙරේයින් ජිස් තරාහ්
ෆිර් හෝ නාජුදා – හාන් යේ වාදා රහා

තූ, තූ හේ වහී
දිල් නෙ ජිසේ අප්නා කහා
තූ හේ ජහාන්
මේන් හුන් වහාන්
අබ් තෝ යෙ ජීනා තේරෙ බින් හේ සසා….

ඔයා Social Media වල, විශේෂයෙන්ම TikTok වල ඇක්ටිව් ඉන්න කෙනෙක් නම් උඩ වචන ටික තාලෙට කියවෙන ගමන් යම්කිසි රූපරාමු ටිකකුත් ඔළුවේ මැවෙනවා ඇති.

සති කිහිපයකට කළින් රටවල් විශාල සංඛ්‍යාවක වයිරල් වුන The Royals හින්දි සීරීස් එකට තමයි අද සිංහල උපසිරැසි අරන් එන්නේ. ලංකාව තුළත් ලොකුවට නැතත් යම් තරමකට මේක වයිරල් වුනා කියලා මං හිතනවා. කොහොම නමුත් සීරීස් එක ආපු දවස්වල තිබුනු රස්නෙ අඩු වුනාට පස්සෙ උපසිරැසි ගෙන්න වුනු එකට සමාව ඉල්ලනවා.

ප්‍රධානවම කියන්න ඕනෙ, මම ඒ තරම් ලොකු හින්දි සිනමා හෝ කතාමාලා රසිකයෙක් නම් නෙවෙයි. මම Netflix එකෙන් බලපු පළවෙනි ඉන්දියන් ටීවී සීරීස් එකත් මේක. ඒකටම සබ් හදන්න ලැබීම ගැන හුඟක් සතුටු වෙනවා වගේම ඒකට අවස්ථාව දුන්න සමිත රමේෂ් සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා.

දැන් එහෙනම් කතාව පැත්තට හැරෙමු. මේක වර්තමාන ඉන්දියානු රාජකිය පවුලක් සහ ඉන්දියානු ව්‍යාපාරික සමාගමක් අතර දිවෙන Rom-Com එකක්. මුලදි මුලදි කතාව ඇතුළෙ ලොකු දෙයක් නෑ වගේ හිතුනට අන්තිම හරියට යද්දි බලන්න යම්කිසි දෙයක් තියන කතා තේමාවක් කියලා කෙටියෙන් කියන්න පුළුවන්. බොහෝමයක් Netflix Originals වල අඩංගු වෙන සමහර අනවශ්‍යයි කියලා හිතෙන දේවල් මේක තුළත් නැතුවාම නෙවෙයි. 😉

Shahid Kapoorගෙ මල්ලි Ishaan Katter, Bhumi Pednekar, Nora Fatehi ඇතුළු ඉන්දීය නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙලා තියනවා. කෙසේ නමුත් මේකට IMDb මීටරය නම් කැරකිලා තියෙන්නෙ 4.2/10 විතරයි. නමුත් මං හිතනවා සාපේක්ෂව 5න් උඩවත් තිබ්බානම් හොඳයි කියලා. 🥲

Plot එක පැත්තෙන් ගත්තොත් මේක මාරයි කියලා කියන්න නම් බැහැ. ඒත් නිවාඩු පාඩුවේ, කම්මැලිකමේ ඉන්න කෙනෙක්ට ඔලුව නිදහසේ බලන්න පුළුවන් විදිහෙ Plot එකක් කියලා නම් කියන්න පුළුවන්.

කොහොමහරි මේක ආසාවෙන් බලන කෙනෙක්ට නම් අවසානය අනිවාර්යයෙන් පිස්සුවක් වේවි. 😐🔥 ඒ වගේම පිස්සුව හොඳ කරගන්න මේකෙ දෙවෙනි සීසන් එකක් ඉක්මනින් එන්න කියලත් ප්‍රාර්ථනා කරමු.

පළවෙනි හින්දි වැඩේ හින්දා සාම්ප්‍රදායික වචන පරිවර්තනයේ පොඩි පොඩි අවුල් තිබ්බොත් ඒවා නොසලකා හරින්න කියලා ඉල්ල්නවා. එහෙනම් The Royals ඔයාලට භාරයි.

තවත් සිංහල උපසිරැසියකින් හම්බවෙමු… ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


15
Total Subtitles

2 comments

  1. Hi, could you plz give sub of all other remaining epis of “The Royals” at once asap if possible.. thank you

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි තිසුර සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login