The title of the page
The Roundup: Punishment (2024) Sinhala Subtitles
The Roundup: Punishment (2024) Sinhala Subtitles
6.7
90
95

The Roundup: Punishment (2024) Sinhala Subtitles | “කැසිනෝ අධිරාජ්‍යයා” | සිංහල උපසිරැසි සමඟ

(The Roundup: Punishment (2024) Sinhala Subtitles) (The Roundup: Punishment (2024) Sinhala Sub) (The Roundup: Punishment  Sinhala Subtitles) (The Roundup: Punishment Sinhala Sub) (The Roundup: Punishment Korean Movie (2024) Sinhala Subtitles) (The Roundup: Punishment Korean Movie Sinhala Subtitles) (The Roundup: Punishment Korean Movie (2024) Sinhala Sub) (The Roundup: Punishment Korean Movie Sinhala Sub)

ඔන්න එහෙනම් ගොඩදෙනෙක් එනකම් බලාගෙන හිටපු සබ් දෙන්න කියලා සෑහෙන්න ඉල්ලීම් ලැබුණු මෙතෙක් කොරියානු සිනමාවේ හොඳම ෆිල්ම් සීරියස් එකක තවත් අළුත්ම සිනමාපටයට උපසිරැසි අරගෙන අපි සිනෙරූ අඩවියට ගොඩ වුණා. වැඩ රාජකාරි ගොඩක් මැද්දෙ චිත්‍රපටයට උපසිරැසි අරගෙන එන්නෙ සිනෙරූ අපි.. ඒ කියන්නෙ සමිත මම චතුනිකා නංගි.. බෑ නොකිය වැඩේට හා කිව්වට දෙන්නටම ස්තූතියි.

The Roundupෆිල්ම් සෙට් එක ගැන නම් මේ වෙනකොට අහලා නැති කෙනෙක් නැති තරම්. ඒ තරමට මේ ෆිල්ම් සීරියස් එක ජනප්‍රියයි වගේම ඒ ජනප්‍රියතව‍ය මේ වෙනක්ම් ආව කිසිම චිත්‍රපටයකින් අඩුවුණේ නෑ.තවත් වැඩි වුනා විතරයි. 2017 වල තිරගතවුන The Outlaws චිත්‍රපටයෙන් පස්සේ අවුරුදු පහකට පස්සේ 2022 දී දෙවෙනි දිගහැරුම වශයෙන් The Outlaws 2: The Roundup විදිහටත් තෙවෙනි දිගහැරුම විදිහට The Roundup: No way out විදිහටත් 2023දී තිරගත වුනා. මේ තමයි හතරවෙනි දිගහැරුම.. ඒ කියන්නෙ The Roundup: Punishment. “කොරියන් තඩියා” ඉන්නවා කියන්නෙ ඇක්ෂන් පැත්තට බරයි කියලා ඔයාලා හැමෝම දන්නවනෙ

Heo Myung-haeng ගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණ මේ චිත්‍රපටයට සුපිරි කොරියානු නළු Ma Dong Seok (මා දොං සොක්) Kim Mu-yeol (කිම් මු යොල්), Park Ji-hwan (පාක් ජි හ්වාන්), Lee Dong-hwi (ලී දොං හ්වි) රංගනයෙන් දායක වෙනවා. 2024 අප්‍රේල් 24 වෙනිදා ඉඳන් ලොව පුරා තිරගතවීම් ආරම්භ කළ චිත්‍රපටයට මේ වෙනකොට IMDb අගය 6.7 කුත් 90%ක Rotten Tomatoes අගයකුත් 95%ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලැබිලා තියෙනවා. මේ The Roundup : Punishment චිත්‍රපටය ඇ.ඩො මිලියන 71.6 ආදායමක් ලබාගන්න සමත් වුනා

එහෙනම් කතාව පැත්තට හැරෙමු.

මේ පාරනම් සිද්ධ වෙන්නෙ කැසිනෝ කල්ලියක් වටලන මෙහෙයුමක්. පිලිපීනෙදි සොං ජේ  කියලා කෙනෙක්ව මරලා දානවා. ඊටපස්සෙ මේ කේස් එක විසදන්න අවස්ථාව ලැබෙන්නෙ සොක් දෝගෙ කණ්ඩායමට. ඇයි එයාව මැරුවෙ.. මොකක්ද ඒකට හේතුව කියලා දැනගනන් වෙන්නෙ ෆිල්ම් එක බලලම තමා. ත්‍රෑසය ක්‍රියාදාම කුතුහලය එක්ක හාස්‍යත් මුසු කරලා මේ ෆිල්ම් එක සුපිරියටම නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් හැමෝටම ෆිල්ම් එක රස විඳින්න කියලා ආරාධනා කරනවා

හැමෝටම ජය!!

මම උචිනි පෙරේරා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


307
Total Subtitles

10 comments

  1. thank you.

  2. Chanaka Sangeeth

    Thank you so much

  3. බොහොම ස්තූතියි.මේකටනම් සබ් දෙනකම් බලන් ඉදියෙ.

  4. Sameeradiyashan

    හම්මෝ කොහොමහරි දුන්න නේද…බොහෝම ස්තූතියි. .ජය වේවා..

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ……………

    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  6. Buddhika laKMal
    Cineru_users

    තුන්දෙනාටම බොහෝම ස්තූතියි සබ්එක ගේන්න මහන්සිවුනාට……

  7. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  8. thanks for the sub

  9. Kamsa hamnida….Thanks for sub….ජය වෙවා ..❤️

  10. Thank you very much for the subs.
    Nameless Gangster: Rules of the Time
    Puluwan nam mekatath sub ekak dannooo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login