The title of the page
The Rings of Power S02 Sinhala Subtitles
The Rings of Power S02 Sinhala Subtitles
6.9
84
70

The Lord of the Rings: The Rings of Power (2024) S02E05 Sinhala Subtitles | “සත් බල මුදු” | සිංහල උපසිරැසි සමඟ

(The Lord of the Rings: The Rings of Power (2024) S02E05 Sinhala Subtitle) (The Rings of Power S02 Sinhala Subtitles) (The Rings of Power Sinhala Subtitles)

ඔන්න එහෙනං ඔයාලට තවත් උපසිරැසියක් අරගෙනයි මේ ආවේ.අමුතුවෙන් කියන්න දෙයක් නැ නේ මේ කතා මාළාව ගැන.ලෝකේ fantasy පැත්තෙන් හිනිපෙත්තටම ගිය කතාවක් තමයි THE LORD OF THE RINGS කියන්නෙ.ඒ වගේම THE HOBBITS චිත්‍රපට ත්‍රිත්වය.ඒ ඔක්කොටම පෙර කතාවක් විදිහට දිගහැරෙන THE RINGS OF POWER කතා මාළාවේ දෙවෙනි කතා සමයයි මේ අරගෙන එන්න හදන්නෙ.පළමු කතා සමය නිකුත්වෙලා අවුරුදු දෙකකට පස්සෙ තමයි ඔන්න දෙවෙනි කතා සමය AMAZON PRIME හරහා විකාශය වෙන්න පටන් ගන්නෙ.මීට අමතරව මේක නිශ්පාදනය සඳහා hobbit වගේම Lord Of The RIngs නිශ්පාදනයට දායක උන NEW LINE CINEMA ආයතනයත් එකතුවෙලා තමයි මේක නිශ්පාදනය වෙන්නෙ.ලෝකේ ලොකුම බජට් එකක් එක්ක නිශ්පාදනය වෙන කතාවක් කියලා හැමෝම දන්නවා ඇති නේ.

hobbit සිද්දියට අවුරුදු 1000කට විතර කලින් කතාවක් විදිහටයි මේක දිග හැරෙන්නෙ.පළමු කතා සමය නිකන් චරිත හඳුන්වලා දෙන්න ආපු එකක් වගේ කියලයි මට නං හිතුනේ.ඒත් දෙවෙනි කතා සමයේ ඊට වඩා ගොඩක් දේවල් අපිට බලාගන්න ලැබෙයි කියලා මම හිතනවා.අපි එහෙනං කතාව පැත්තට පොඩ්ඩක් යමු,

මේ කතාවේ ප්‍රධාන චරිතේ ගැලැඩ්‍රියල් වගේ මුලින් පෙන්නුවට පස්සෙ මේක සවුරෝන්ගෙ කතාව වීගෙන යනවා වගේ පේනවා.ගැලැඩ්‍රියල්ගේ අයියා සවුරෝන් එක්ක සටන් කරන්න ගිහින් මැරෙනවා.ඊට පස්සෙ සවුරෝන් පරාද කරන එක එයාගේ රාජකාරියක් විදිහට ගැලැඩ්‍රියල් බාරගන්නවා.එතනින් කතාව පටං ගන්නවා උනත්,මෙතන තවත් චරිත ගොඩක් වටා කතාව ගෙතෙනවා.සවුරෝන්ගේ නායකයා උන මොර්ගොත්ගෙ පරාජයෙන් පස්සෙ ඕර්ක්ස්ලාගේ නායකයා අඩාර් බවට පත් වෙනවා.අඩාර් මෝර්ඩෝර් ආක්‍රමණය කරලා තමන්ගේ යටතට අරගන්නවා.මේ අතරේ සවුරෝන් පොඩ්ඩ පොඩ්ඩ තමන්ගේ සැලසුම් සාර්තක කරගෙන පළවෙනි මුදු තුන එල්ෆ්ලාගේ දක්ෂම නිමැවුම්කරුවා වෙන කැලබ්‍රිම්බොර් ලවා නිර්මාණය කරනවා.ගැලැඩ්‍රියල් වගේම හැමෝම රවට්ටලා සවුරෝන්ට තමන්ගේ සැලසුම් කරගන්න පුළුවන් උනත් ගැලැඩ්‍රියල්ට අන්තිමේදි සවුරෝන් කවුද කියන එක අහු වෙනවා.කතාවේ හැටියට සවුරෝන්ට ඩ්වෝර්ව්ස්ලට මුදු හතක් වගේම,මිනිස්සුන්ට මුදු නවයක් හදන්න තියෙනවා.ඒ වගේම මේ ඔක්කොම පාලනය කරන බල මුදුවත් හදන්න තියෙනවා.සවුරෝන්ට් මේ මුදු කොහොමද හදන්නෙ.මොකටද හදන්නෙ කියන එක අපිට ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.එහෙනං අපේ පුංචි කාලේ සුන්දර කරපු ඒ මහා ෆැන්ටසියට ආපහු අපිත් එක්ක යන්න එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.එහෙනං පස්සෙ හම්බෙමු..

ජයවේවා…!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


133
Total Subtitles

6 comments

  1. සිනෙරූ තමයි ලංකාවෙ අංක 1. උදේ ඉදන් ඇවිත් ඇවිත් බලන්නෙ මේක දාලද කියලා.ස්තුතියි ඔයාට !

  2. Thank you Brother

  3. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Sub eka thanks

  5. Thank you mschan

  6. ඊලග එකත් දෙන්න්ඩො බලනකම් ඉවසිල්ලක් නෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login