(The Last of Us (2023) S02E01 Sinhala Subtitles) (The Last of Us (2023) S02E01 Sinhala Subtitle) (The Last of Us S02E01 Sinhala Subtitle) (The Last of Us S02 Sinhala Subtitles) (The Last of Us S01 Sinhala Subtitles) (The Last of Us Sinhala Subtitles)
සුබ දවසක් හැමෝටම..
ඔන්න අදත් අලුත්ම කතා මාලාවක දෙවනි කතා සමයට සිංහල උපසිරැසි අරන් එන්නයි සූදානම..ඉතින් මේ වෙන මොකක්වත් නෙවෙයි බොහෝ දෙනා ආදරෙන් වැළඳගත්ත The Last of Us කතා මාලාවේ දෙවනි කතා සමය.. ඉතින් දෙවනි කතා සමයේ විකාශනය ආරම්භ වුණේ අප්‍රේල් 13 වෙනිදා.. ඉතින් ටොරන්ට් සයිට් වලට වීඩියෝ පිටපත් වැටෙන්නේ සඳුදා දවසේ..ඒ වගේම හැම ඉරිදාවකම විකාශනය වෙන මෙම කතා සමය අපිට සඳුදා දිනයේදි ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාව ලැබෙනවා..ඉතින් The Last of Us ගැන කතා කරනවනම් ඇත්තටම මේක ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක්.. ඉතින් මේ පරිගණක ක්‍රීඩාව නෝටි ඩෝග් අයතනය හරහා තමයි එළිදැක් වුණේ..ඒ අනුසාරයෙන් 2023 වසරෙදි තමයි මේ The Last of Us කතා මාලාව නිකුත් වෙන්නේ..ඒ වගේම මේකේ Creators ලා විදියට කටයුතු කරන්නේ Craig Mazin සහ Neil Druckmann..රේටින්ග්ස් ගැන කිව්වොත් IMDb දර්ශකයේ 8.7/10 වගේ ඉහළම අගයක් ලබා ගන්න මේ කතා මලාවට හැකියාව ලැබිලා තියනවා..
කාස්ට් එක දිහාවට හැරිලා බැලුවොත් Pedro Pascal විසින් ජොයෙල්ගේ චරිතයත් Bella Ramsey විසින් එලීගේ චරිතයත් කියන කතා මාලාවේ ප්‍රධාන චරිත දෙක සඳහා රංඟනයෙන් දායක වෙනවා.. ඊට අමතරව Gabriel Luna, Isabela Merced, Young Mazino, Kaitlyn Dever, Catherine O’Hara වගේ නලු නිළියන් රැසක්ම සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා..
කතාව ගැන පොඩි සඳහනකුත් කරොත් මේ දෙවනි කතා සමය ගොඩ නැගෙන්නේ පරිගණක ක්‍රීඩාවේ The Last of Us II කියන දෙවනි කොටස පදනම්ව..ඉතින් මේකෙදි පලවෙනි සීසන් එකේ සිද්ධි වලින් අවුරුදු 5කට පස්සේ ජොයෙල් සහ එලීගේ කතාව තමයි යන්නේ..මේක කතා මාලාවක් නිසා මීට වඩා විස්තර කියලා ස්පොයිල් කරන්න ඕන නෑනේ..එපිසෝඩ්ස් 7කින් සමන්විත මේ දෙවනි කතා සමයේ එපිසෝඩ්ස් රිලීස් වෙන ඩේට් ටිකත් මම පහලින් දාන්නම්..ඉතින් මේ දවස් වල ස්ට්‍රීම් වුණාට අපිට ඩවුන්ලෝඩ් කරන්නනම් අවස්ථාව ලැබෙන්නේ දවසකට පස්සේ තමයි..
• Episode 1: April 13
• Episode 2: April 20
• Episode 3: April 27
• Episode 4: May 4
• Episode 5: May 11
• Episode 6: May 18
• Episode 7: May 25 (FINALE)
එහෙනම් හැමෝටම කතා මාලාව නරඹන්න ආරාධනා කරමින් අදට මම සමුගන්නවා..ඊළඟ සතියේ කොටසින් හමුවෙමු..
හැමෝටම ජය වේවා..!!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 23, 2019