(The Judge from Hell (2024) Sinhala Subtitles) (The Judge from Hell (2024) Sinhala Sub) (The Judge from Hell Sinhala Subtitles) (The Judge from Hell Sinhala Sub) (The Judge from Hell (2024) Korean Drama Sinhala Subtitles) (The Judge from Hell (2024) Korean Drama Sinhala Sub) (The Judge from Hell Korean Drama Sinhala Subtitles) (The Judge from Hell Korean Drama Sinhala Sub)
එහෙනම් කාලෙකට පස්සෙ සෙට් වුන සුපිරිම කතාවක අන්තිම කතාංගයටත් උපසිරැසි අරගෙන ආවා. කතාව විකාශට වෙන්න සති තුනක් ගත වුනාට පස්සෙ තමයි සිනෙරූ අපි මේ කතාවට උපසිරැසි අරගෙන ආවේ.. අන්න ඒ දවසෙ ඉදන් කොටස් 14 ඉවර වෙනකන්ම සිනෙරූ අපි එක්ක එකතුවුන කොරියන් කතාලෝලී ස්තූතියි කියන ගමන් අපි අවසන් කොටස රසවිදිමු..
The Judge from Hell ඔන්න ඔය ඩ්රාමා එක ගැන තමයි මම කිව්වේ. Romance, Crime, Drama, Fantasy කියන වර්ගීකරණයන්ට අයිති මේ ඩ්රාමා එක Park Jin Pyo විසින් අධ්යක්ෂණය කර තිබෙනවා වගේම Cho I Su තිර පිටපත් රචනයෙන් දායක වෙලා තියෙනවා. සිකුරාදා, සෙනසුරාදා දින වලදි විකාශය වෙන මේ ඩ්රාමා එකේ එක එපිසෝඩ් එකක් පුරා පැයකට වැඩි වෙලාවක් ධාවනය වෙනවා වගේම ඊට සම්පූර්ණ කතාංග 14ක් ඇතුලත්. සැප්තැම්බර් 21 වෙනිදා සිට විකාශය ඇරඹි මේ කතාමාලාව වයස 15ට වැඩි සැමට නැරඹිය හැකි කතාමාලාවක් කියලා තමා නිවේදනය කරන්නෙ.
කතාව රසවිඳපු අයට මෙන්න මේ වින්දිතයො ගැන මතක ඇතිනෙ..
මින්-ජොං දැන් සහකාර කළමනාකරුවෙක්.. අම්මා තාත්තව බලාගෙන එයා හොඳට රස්සාව කරගෙන යනවා
සුන්-හී වැඩිහිටි නෝනා තමන්ගෙ මුණුබුරාව බලාගෙන අවන්හල කරගෙන යනවා.. ජි-හෝ පුංචි ස්ත්තරෙක්.. විනෝදාංශයක් විදිහට චිත්ර ඇඳලා සතුටෙන් ජීවත් වෙනවා.
දරුවො දෙන්නා එක්කම අවසන් ගමන් ගිය අන්-ජුගෙ අම්මා කිසිදෙයක් අමතක නැතත් නිදහසේ හුස්ම අරන් සතුටෙන් ඉන්න උත්සහ කරනවා.. අන්-ජුගෙ නංගි අම්මව බලාගන්නවා
චං-සොන් ගෙ දුව යු-ග්යොං දැන් ගොඩාක් සුවෙන්. අම්මත් එක්ක සතුටෙන් ජීවත් වෙනවා.
මේ වින්දිතයන්ට අමතරව J කියන දාම ඝාතකයා වටා තමා කතාව දිවයන්නෙ. එතකොට J කියන දාම ඝාතකයටත් නිසි දඩුවම් ලැබුණ නිසා ඒ සිද්ධියෙ වින්දිතයො හැමකෙනාටම සාධාරණයක් ඉෂ්ට වුනා.
විටෙක මුවඟට හිනාවක් ගේන සතුටුදායක තැන් වගේම, විටෙක හදවත කීරි ගැහෙන “අනේ පව්” කියලා හිතෙන දුක් මුසු තැන් මේ කතාවෙ ගොඩක් දකින්න ලැබුනා. එහෙම කියවෙන්න හේතු වුන නළු නිළියන්ගෙ රංගන හැකියාව ගැන නම් කියන්න වචන නෑ.. නපුරු චරිත අපිටත් එපා වෙන විදිහට රඟපෑවා කියන එකත් පිළිගන්නම වෙනවා.
කාලෙකට අමතක කරන්න බැරි, ඉවර උන එකටත් දුක හිතෙන, ත්රාසය තුතුහලය අඩුවක් නැති කතාවක් කියන එකනම් පිළිගන්නම වෙනවා..
එහෙනම් සිනෙරූවාසී කොරියානු කතාමාලා හිතැත්තන්ට කතාමාලාව රසවිඳින්න භාරයි..
ඉතින් මට පුලුවන් උපරිමයෙන්ම, පුලුවන් ඉක්මනට ඔයාලට සිංහල උපසිරැසි ලබා දුන්නා.
එහෙනම් ස්තූතියි කොටස් 14 ක් පුරාවට සිනෙරූ අපි එක්ක එකතුවෙලා හිටියට.
ආ ඒ වගේම මේ වෙනකන් කමෙන්ට් එකක් දැම්ම-නොදැම්ම යාලුවො හැමෝටම ස්තූතියි ආදරෙයි..
ජය!!
✒️ උචිනි පෙරේරා
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
June 2, 2021
බොහොම ස්තුතියි මේක අපේ ගෙදර හැමෝම බලනවා .
❤🙏🥰
onna oka tama prashne!!
Thank you very much for sinhala subtitles
subtitles hadala thiyanawa. Ekata oyata Sammanayak denna watinawa. Idiriyatama yamu. Good Luck !
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕❤😍👍