The title of the page
The Judge from Hell (2024) S01 E12 Sinhala Subtitles
The Judge from Hell (2024) S01 E12 Sinhala Subtitles
7.6
95

The Judge from Hell (2024) S01 E12 Sinhala Subtitles | “ J සහ සාතන් ” | සිංහල උපසිරැසි සමඟ

(The Judge from Hell (2024) Sinhala Subtitles) (The Judge from Hell (2024) Sinhala Sub) (The Judge from Hell Sinhala Subtitles) (The Judge from Hell Sinhala Sub) (The Judge from Hell (2024) Korean Drama Sinhala Subtitles) (The Judge from Hell (2024) Korean Drama Sinhala Sub) (The Judge from Hell Korean Drama Sinhala Subtitles) (The Judge from Hell Korean Drama Sinhala Sub)

ගොඩාක් කාලෙකට පස්සෙ එහෙනම් ඔන්න ආවා අලුත්ම අලුත් කොරියන් ඩ්‍රාමා එකක් එක්ක මම. කොටස් හයක් විතර ටෙලිකාස්ට් උනාට පස්සෙ තමා මම මේ ඩ්‍රාමා එකට සබ් අරගෙන ඔයාලා එක්ක එකතු උනේ.ඔයාලගෙ රසවින්ඳනයට බාධාවක් නොවෙන විදිහට සිංහල උපසිරැසි අරගෙන එනවා කියන පොරොන්දුවත් එක්කම කතාවෙ විස්තර ගැන පොඩ්ඩක් දැනුවත් වෙමු.

The Judge from Hell ඔන්න ඔය ඩ්‍රාමා එක ගැන තමයි මම කිව්වේ. Romance, Crime, Drama, Fantasy කියන වර්ගීකරණයන්ට අයිති මේ ඩ්‍රාමා එක Park Jin Pyo විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා වගේම Cho I Su තිර පිටපත් රචනයෙන් දායක වෙලා තියෙනවා. සිකුරාදා, සෙනසුරාදා දින වලදි විකාශය වෙන මේ ඩ්‍රාමා එකේ එක එපිසෝඩ් එකක් පුරා පැයකට වැඩි වෙලාවක් ධාවනය වෙනවා වගේම ඊට සම්පූර්ණ කතාංග 14ක් ඇතුලත්. සැප්තැම්බර් 21 වෙනිදා සිට විකාශය ඇරඹි මේ කතාමාලාව වයස 15ට වැඩි සැමට නැරඹිය හැකි කතාමාලාවක් කියලා තමා නිවේදනය කරන්නෙ.

ප්‍රධාන චරිත ගැන කිව්වොත් Park Shin Hye තමයි කං බිත්-නා කියන චරිතයෙන් අපි අතරට එන්නෙ.. කෙළිලොල් අවිහිංසක පෙම්වතියගේ චරිතවලින් අපි අතරට ආව Shin Hyeගෙ වෙනස්ම පැතිකඩක් අපිට මේ ඩ්‍රාමා එකෙන් බලගන්න පුලුවන්. ඒ වගේම එයා කොච්චර දක්ෂ කෙනෙක්ද කියලත්.. Shin Hyeගෙ ෆෑන් කෙනෙක් නම් අනිවාර්යෙන්ම බලන්න. ඊට අමතරව Kim Jae Young හන් දා-ඔන් කියන චරිතය නිරූපනය කරනවා. ප්‍රධාන චරිත රඟපා තිබුණත් වැඩිය අපේ ඇහට මෙයාව හුරු නෑනෙ. ඒත් මේ ඩ්‍රාමා එක බැලුවට පස්සෙ මෙයාව අපිට අමතක වෙන එකක් නෑ. Shin Hye නිරූපණය කරන කං බිත්-නා කියන චරිතය මිනීමරුවන්ගෙ අපායෙන් ආව යක්ෂණියක් වන අතර හන් දා-ඔන් චරිතයෙන් අප හමුවට එන Jae Young අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිළධාරියෙකුගේ චරිතය නිරූපනය කරනවා

එහෙනම් යමු කතාව පැත්තට..

කං බිත්-නා කියන්නෙ විනිසුරුවරියක්. මෙයාට කෙනෙක් පිහියකින් ඇනලා ඝාතනය කරනවා. ඊටපස්සෙ මෙයා වැරදීමකින් මිනීමරුවන්ගේ අපායට යනවා. මිනීමරුවන්ගේ අපායට ගිහින් නඩු විභාගයට මූණ දෙන්නෙ පව් කලත් පසුතැවෙන්නෙ නැති කණගාටු වෙන්නෙ නැති දරුණුම අපරාධකාරයො.. අපරාධකාරයො හංවඩු ගහලා ගෙහෙන්නා ගාවට යවනවා. මේ රාජකාරිය භාර වෙලා තියෙන්නෙ යුටිටිආ කියන කාන්තාවට. එතකොට එයාගෙ සහයකයා තමා වාලක් තියන්නෙ. ඒත් පාඑල් කියන අපායෙ ප්‍රධානියා කියනවා බිත්-නා යන්න නියමිත වෙලා හිටියෙ බොරු අපායට කියලා. හොයලා බලන්නෙ නැතිව බිත්-නාට දුන්න දඩුවම නිසා පාඒල් යුටිටිආට රාජකාරියක් නියම කරනවා.

“යුටිටිආ.. මනුස්ස ලෝකෙට යන්න, මිනීමැරුමක් කරලත් පසුතැවිලි වෙන්නෙ නැති කණගාටු වෙන්නෙ නැති අපරාධකාරයො දහ දෙනෙක්ට දඬුවම් කරන්න, එයාලගෙ ජීවිත ගන්න, අපායට එවන්න, අවුරුද්දක් ඇතුලත”

ඇයි කං බිත්-නා වැරදීමකින් මිනීමරුවන්ගෙ අපායට ආවේ?

කං බිත්-නාව මරන්න හේතුව මොකක්ද?

කං බිත්-නාව අපරාධකාරයෙක් කියලා හංවඩු ගැහුවෙ ඇයි? එයාට වුනේ අසාධාරණයක් නෙවේද?

යුටිටිආ කොහොමද බිත්-නාගෙ ශරීරයට ආවේ?

යුටිටිආට අවුරුද්දක් ඇතුලත මෙහෙයුම සම්පූර්ණ කරන්න පුලුවන් වෙයිද?

එතකොට වාලක් කෝ?

හන් දා-ඔන් කියන්නෙ මොන වගේ පොලිස් නිළධාරියෙක්ද?

එහෙනම් ඔන්න සතුට විනෝදය කුතුහලය කැටිකරගත්ත මේ කතාව රසවිඳින්න ඔයාලට භාරයි..

ජය!!

✒️ උචිනි පෙරේරා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


629
Total Subtitles

One comment

  1. Charith Prasanna
    Cineru_users

    Thank you akke 🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login